Pages

Tuesday 5 August 2014

කතා ටිකක් (ඇපෙන් බේරීම සඳහා)


තේරීම් මේසය වෙත රැගෙන යමින් තිබූ ලියුම් මිටියක් සේවකයාගේ අතින් ගිලිහී සැනෙකින් පොළොව මත විසිරී ගියේය. ඒවා නැවත එකතු කර ගැනීමට තරම් කාලයක් සේවකයාට ලැබුණේ නැත, තැපැල් ස්ථානාධිපති එතැනට පැමිණියේය.

“ඇයි මේ ලියුම් බිම” ඔහු ගොරෝසු හඩින් විමසා සිටියේය.

කීමට කිසිවක් සිතාගත නොහී මදක් විපිළිසර වූ සේවකයාගේ හිතට හදිසියේම පිළිතුරක් නැංගේය.

“ගුරුත්වාකර්ෂණය නිසා, සර්”


***


“නැගිටින්න, නැගිටින්න” යි රහසින් කියමින් බිරිද රෑ මැදියමේ සැමියා අවදි කළාය.

“ඇයි මොකද?” සැමියා නිදිමත ඇස් පොඩි කරමින් විමසා සිටියේය.

“ෂ්... සද්ද කරන්න එපා, කුස්සියෙන් අඩි සද්දයක් ඇහුණා, හිමිහිට ගිහින් බලන්න”

අසල තිබූ කිතුල් පොල්ලද ගත් ඔහු යුතුකම් දත් සැමියෙකුගේ අභිමානයෙන් යුතුව කුස්සිය පරීක්ෂාවට යාමට සැරසුණි.

“අනේ එනකොට වතුර එකක් අරන් එන්න, තිබහ නිසා නින්ද යන්නෙ නෑ” බිරිද නැවතත් මුමුණා කීවාය.


***


ඉතා හොදින් වැඩුණු ජවසම්පන්න සිංහායෙකු හට වදුරෙකු මුණ ගැසිණි. වදුරා අල්ලාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි උගෙන් විමසා සිටියේය. 

“ඒ ඔබයි... සිංහ රාළහාමි” මරබියට පත් වදුරා යටහත් පහත්ව පිළිතුරු දුන්නේය. සිංහයා ඌට යන්නට හැරියේය.

දෙවනුව සිංහයාට මුණ ගැහුණේ මුව නාම්බෙකි. ඌවද බිම පෙරළාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි විමසා සිටියේය. බියෙන් සලිතව ගිය මුව නාම්බා “ඒ ඔබයි... සිංහ රාළහාමි” යි කීවේය. සිංහයා ඌටද යන්නට හැරියේය.

ඊලගට සිංහයාට මුණගැසුණේ ඇතෙකි. “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” සිංහයා ඇතාගෙන්ද ඇසුවේය. කිසිවක් නොකී ඇතා සිංහයාව හොඩින් ගෙන ඈතට විසිකර දැමීය. අඩි පණහක් පමණ ඈතින් බිම පතිත වූ සිංහයා දණි පණි ගා නැගිටගෙන ඈත සිටම කෑගැසීය.

“හරි හරි උත්තරේ දන්නෙ නෑ කිව්වනං ඉවරයිනෙ ආයිබෝං...”


***


තැපැල් කන්තෝරුවේ අවුරුදු තිහක් සේවය කල සිරිපාල විශ්‍රාම ගන්නා දිනය උදා විය. මේසා දීර්ඝ කාලයක් සේවය කල මේ සේවකයාගේ සමුගැනීම උදෙසා උත්සවයක් පැවති අතර එහිදී ප්‍රධනියා ඔහුගෙන් මෙසේ විමසීය

“හොදයි සිරිපාල, ඉතින් අපෙන් මොනා හරි විශේෂයක් කෙරෙන්න තියෙනවද? කියන්න... කියන්න...”

“අනේ සර් මගේ චෙක් එක මං ඇවිල්ල ගන්නම්. තැපෑලට නම් දාන්න එපා”


***


අධි තාත්විකවාදී චිත්‍ර ශිල්පියෙක් හා සූපශාස්ත්‍රවේදිනියක් අතිනත ගත්හ. ඒ මංගල්‍යෙයන් නොබෝ කලකට පසු සූපශාස්ත්‍රවේදිනිය හමු වූ මිතුරියක් විවාහ ජීවිතය ගැන විමසා සිටියාය.

“කොහොමද අනේ අළුත් ජීවිතේ. කොහොමද දැන් කලදවස ගෙවෙන්නෙ?”

“වරදක් නෑ අනේ අපි හොදින් ඉන්නවා. එයා චිත්‍ර අදිනව. මං උයනව පිහනව.”

“එච්චරද අනේ... චිත්‍ර නොඅදින උයන්නේ පිහන්නේ නැති වෙලාවට මොකද කරන්නේ මෙයා”

“ආ... ඒ වෙලාවටද? ඒ වෙලාවට අපි එයා ඇදල තියෙන්නෙ මොනවද, මං උයල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න සාකච්ඡා කරනව.”


***


ධාවන පථය ඔස්සේ ගුවන්ගතවීම පිණිස ධාවනය වූ මගී ගුවන් යානය අතරමගදී නවතා නැවත ආරම්භක ස්ථානයට ගෙන එනු ලැබිණි. එය ගුවන්ගත කරනු ලැබූයේ පැයක් පමණ එසේ පමා වීමෙන් පසුවය.

විමසිලිමත් මගියෙකු එසේ පමා වූයේ කුමක් නිසාදැයි ගුවන් සේවිකාවකගෙන් විමසා සිටියේය.

“ගුවන් නියමුවාට එන්ජිමේ අමුතු ශබ්දයක් ඇහිල තියෙනවා...” ගුවන් සේවිකාව කියා සිටියාය. 

“වෙන ගුවන් නියමුවෙක් හොයාගන්න වුණු නිසයි මෙච්චර පමා වුණේ.”


***


මිතුරන් තිදෙනෙක් විනෝදයට මාළු බාමින් සිටියහ. හදිසියේම එකෙකු හට හසු වූයේ දිය කිදුරියකි. තමාව නිදහස් කර හරින්නේනම් තිදෙනාටම එක් වරය බැගින් දෙන්නම් යැයි කිදුරිය කියා සිටියාය.

“හොදයි! එක් මිතුරෙක් කීය. එහෙනම් මගේ බුද්ධිය දෙගුණ කරන්න.”

“ලැබේවා” යි කිදුරිය කී පමණින් අති ගැඹුරු දාර්ශණික මතවාද පවා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහුට ලැබිණි.

මිතුරාගේ පරිවර්තනයෙන් විශ්මයට පත් දෙවැන්නා “මගේ බුද්ධිය තෙගුණ කරන්න” යි ඉල්ලා සිටියේය.

“ලැබේවා” කිදුරිය කීය. ඔහුට අයින්ස්ටයින් ආදී මහා ගණිතඥයින් ඉදිරිපත්කල සංකීර්ණ ගණිත ගැටළු විසදීම කජු කන්නා සේ පහසු විය.

මිතුරන් ලත් හැකියාවන්ගෙන් උද්යෝගීමත් වූ තෙවැන්නා “මගේ බුද්ධිය හතර ගුණයකින් වැඩි කරන්න” යි ඉල්ලා සිටියේය.

“ඒක භයානකයි” කිදුරිය කීවාය. “ඒක අති විශාල වැඩි වීමක්. එයින් මේ ලෝක ධාතුව පිළිබඳව ඔබේ අවබෝධය, දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවනි.”

“ඒ ගැන වද වෙන්න එපා. මගේ බුද්ධිය හතර ගුණයක් කරන්න.” තෙවැන්නා නැවත ඉල්ලා සිටියේය.

“ලැබේවා” යි කිදුරිය කීවාය.

එසැනින් ඔහු ගැහැණියක් බවට පත් විය.


___

උපුටා ගැනීම සිව්දෙස සඟරා වලිනි


_____
පින්තූරය

13 comments:

  1. හොඳ කතා ටික. මේවායින් එකයි කලින් අහලා තිබුණේ!

    ReplyDelete
    Replies
    1. පරණ සිව්දෙස සඟරා වගේකින් කොපි කර ගත්තෙ... :)

      Delete
  2. ඇපෙන් බේරෙන්න පුළුවන් මේ ටිකෙන්.. මරු...

    ReplyDelete
  3. මම කැමතිම එක වෙන පයිලට් කෙනෙක් හොයාගත්ත කතාව.

    ඇපෙන් බේරෙන්න තව කතා ටිකක් දාපං one for the road කියලා

    ReplyDelete
    Replies
    1. මට ඔය කතාව කියවද්දි හිතෙන්නෙම මේකනං ලංකාවෙ ගුවන් සේවයක් වෙන්න ඇති කියල...

      Delete
  4. නියමයි මාත් අහල තිබුනෙ සිංහ කතාව විතරයි.

    ReplyDelete
    Replies
    1. සිව්දෙස, මනහර සඟරා වල මේ වගේ කතා ගොඩක් තියෙනව රාජ්.

      Delete
  5. //“ආ... ඒ වෙලාවටද? ඒ වෙලාවට අපි එයා ඇදල තියෙන්නෙ මොනවද, මං උයල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න සාකච්ඡා කරනව.”//

    අපිත් ඉඳහිට මේ වැඩේ කරනව :D

    ReplyDelete
  6. මේ කතා එකක්වත් අහලා තිබුනේ නෑ ....

    අර දෙවැනි කතාව එළ ...:D :D

    ReplyDelete
    Replies
    1. හොඳ හස්බණ්ඩල එහෙමලු :)

      Delete
  7. පට්ට ඈ...
    අන්තිම එකයි අර තැපැල් කේස් එකේ දෙවැනි තැපැල් කේස එකයි නං පටේ පට්ට...
    හිහි...
    අදනෙව ආවෙ...
    ආයෙත් එන්නංකො...
    දාගත්ත ඕනන රෝලටත්

    ReplyDelete
    Replies
    1. මගේ දුප්පත් බ්ලොග් කට්ටට සාදරයෙන් පිළිගන්නවා :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...