Pages

Sunday 1 November 2015

කොට්ටෝරුවා


ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්
යතුරු පුවරුවෙ යතුරු
එකිනෙකට කොටමි මම

Ctrl, Alt ද
ස්ප්‍රින් බුරුල් Enter යතුරද
නැවත නැවතත් එබෙයි
ටක් ටකට ටක ටකස්

අකුරෙන් අකුර වචනත්
වචනෙන් වචනෙ එකටත්
ගලපලා පිළිවෙලට
ටක් ටකට ටක ටකස්

යක්කු ගස් වලට නැග
ඒවගෙන් බහිනකං
නිදි නැතුව ඇහැරගෙන
ටක් ටකට ටක ටකස්

ඩෙඩ්ලයින් ගොල්ලක
කෝඩින් වංකගිරියක
හරි පාර හොයාගෙන
ටක් ටකට ටක ටකස්

වෙඩිමට, ඉඩමකට
පුළුවන් උනොත් කාර් එකකට
තව පොඩි හීන ගොඩකට
ටක් ටකට ටක ටකස්

කොටනවා කොටනවා
ඇඟිලි ඇට ගෙවෙනකං
ඇස් කෙවෙනි රිදෙනකං
ටක් ටකට ටක ටකස්

ඔබේ දෑතින් හැදුව
රසම රස තේ එකක්
ඉස්සරහ දවසකදි
තනි රකී නේද මට?

ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්

19 comments:

  1. අනුන්ගේ කෝඩින් අතර තමන්ගේ ජීවිත කොඩින් එක හොයන අපුරුව.

    ReplyDelete
    Replies
    1. හත් දෙයියනේ මේක තමයි මං කරන්න මෙච්චර වලි කන්නෙ. සොමී, අතට අහුවෙන දුරින් හිටියනං කෙසෙල් ඇවරියකුයි, අලි පේර ගෙඩි හතර පහකුයි, යෝගට් එකකුයි, පැණි බෝතලේකුයි දෙනව. ඕ යේස්.

      Delete
  2. දැන් මම මේකට මොන language එකෙන්ද ලියන්න ඕන :D


    කෝඩින් වංකගිරියක ගිහින් errors ප්‍රපාතයකට වැටුනම දැනෙන සැප ආයෙ කියන්න ඕන නැහනෙ නේ ;)

    දැනුත් කරන්නෙ ටක ටකස් වැඩේ තමා හැබැයි කවියෙ 'ටක් ටකට ටක ටකස්' කියද්දී මට ඇහෙන්නෙ පරණ තාලෙ typewriter (යතුරු ලියනය)එකක සද්දයක් :V කවිය නියමයි ...පරිකල්පනටත් ඇත්තටම හිතෙන දේවල් :D

    ReplyDelete
    Replies
    1. ඔනෑම මනුස්ස බාසාවක් කමන්නෑ :)

      errors ප්‍රපාතෙට වැටෙන වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් තුමා බෙල්ලට ඩෙඩ්ලයින් තොණ්ඩුව දාල තිබ්බම දැනෙන සනීපෙ කොහොමද?

      දැන් තියන Silent කී බෝඩ් වල සද්දෙ කිසි කොට්ටෝරු ගතියක් නැහැ. ඒක නිසා ඔය මං ලිව්වෙ මට හා හා පුරා කියල හම්බඋන කී බෝඩ් එකෙන් ආපු සද්දෙ.

      Delete
  3. ජීවිතය ම ගෙවිලා යයි "කී" අතර..

    ReplyDelete
    Replies
    1. අද කාලෙ ගොඩ දෙනෙක්ගෙ ජීවිත එහෙමලු

      Delete
  4. ඇබ්බැහිය,
    නිසා
    අතරමං වූ
    ජීවිතය

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහියම නෙවෙයි ඉවාන්. මේක තමයි අපේ රස්සාව. ගොයි මහත්තුරු දවස තිස්සෙ කුඹුරු කොටනව වගේ අපිත් දවස තිස්සෙ කී බෝඩ් එකට කොටනව.

      Delete
  5. ඇබ්බැහිය,
    නිසා
    අතරමං වූ
    ජීවිතය

    ReplyDelete
  6. කෝඩින් නොවුනත් අපිත් හැමදාම වගේ
    ටකස් ටක ටකස් තමයි බං

    ReplyDelete
    Replies
    1. Information Age යාළුවා. කොම්පීතර නැතුව මොනාවත්ම කරන්න බැහැ.

      Delete
  7. දැන් වෙන වෙන රස්සාවල් කරන අපි කොම්පියුටරේට එන්න බලාගෙන ඉන්නේ විවේකයක් ලැබුනු ගමන්. රස්සාවට කොම්පියුටරේ එල්ලිලා ඉන්න උඹලා මොකද කරන්නේ විවේක වෙලාවට? ඕකෙම ඉන්නවද නැතිනම් පොල්වලවල් හාරනවද?

    ReplyDelete
    Replies
    1. වැඩ කරන වෙලාවට ඩූඩ් මං අඟල් විසි දෙකේ මොනිටරේකට හොම්බ ඔබාගෙන ඉන්නව. විවේකෙන් ඉන්න වෙලාවට අඟල් පහළවාමාරෙ මොනිටරේකට හොම්බ ඔබාගෙන ඉන්නව.

      දැක්කනෙ... ඒ දෙකේ ලොකු වෙනසක් තියනව. :)

      Delete
  8. ටක ටකේට‍ එයාල නං කැමති නෑ

    ReplyDelete
  9. පුරුදු වෙලාද මන්ද ඒ සද්දෙත් අමුතු මෙව්වා එකක් තියනවා එක දිගටම කොට කොට යද්දී :D

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...