Pages

Tuesday 11 August 2015

කුණාටුවට පසු

ලොකුවට හෝ කුඩාවට
බැම්මක් වෙතොත් එය
දුකින් අවසන් වේය සැමවිට

උඩින් අයිසිං කල
කොහොඹ රස පාන් ගෙඩියකි
ජීවිතය!

ගමන කෙළවර දොරින්
නික්ම ගිය අය ගැන
අයිතියක් නැත අපට

පාට සේදී ගිය
පාළු හද පතුලෙම
වේදනාවක් ඉතිරි වී ඇත

කල සියළු සැලසුම්
හීන වල අඩු වැඩියත්
මකර කටටම යනු ඇත

සියළු දේ අනියත බව
මතක බණ වේලෙදි
හාමුදුරුවෝ කියනු ඇත
Related Posts Plugin for WordPress, Blogger...