ඔන්න එකෝමත් එක රාජ
සබාවකදි රජ්ජුරුවො තමංගෙ ඇමති මණ්ඩලෙන් මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු.
“ඇමති වරුනි... මනුස්සයෙකුට
දැනෙන සුවදායකම හැඟීම මොකක් ද?”
ඉතින්
ඇමතිලත් ඔය ප්‍රශ්ණෙට දහ අතේ කල්පනා කරල එක එක විදිහෙ බරපතල උත්තර දෙන අතරෙ ඇමති
මණ්ඩලේ හිටපු එක කට හැකර ඇමතියෙක් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...
“දේවයන්
වහන්ස, මනුස්සයෙකුට දැනෙන
සුවදායකම හැඟීමක් තමයි හොඳටම වැසිකිලි බරක් හැදිල තියෙන වෙලාවක වැසිකිලි
යන්න ලැබීම.”
ඇමතියගෙ
කතාව අහපු රජ්ජුරුවන්ට අම්බානකට තද උනාලු. ඇයි ඉතිං තමං බරසාර උත්තරයක්
බලාපොරොත්තුවෙන් අහපු ප්‍රශ්ණෙට මෙහෙම කටකැඩිච්ච උත්තරයක් හම්බඋනාම තරහ යන්නෙ
නැත්තෙ මොන රජ්ජුරුවන්ටද? අනිත් අතට හොඳට දැනුං තේරුං තිබිච්ච ඇමතිල හිටිය ඒ වගේ
කාලෙක?
“ඈ
බොල බලුගැත්තරයො! තෝ මාව විහිළුවකට ගත්තද...? රාජපුරුෂයිනි, මේකව කුදලගෙන ගිහිං දඟගෙට දමාපියව්...”
රජ්ජුරුවො
තමන්ට පැනපු මල් පොකුරම අතේ තියාගෙන දැන් කෑගහනවලු.
එන
පොට හොඳනැති විත්තිය තේරිච්ච ඇමතිය රජ්ජුරුවන්ට මෙහෙම කිව්වලු...
“අනේ
ගැත්තාට අනුකම්පා කරන සේක්වා දේවයන් වහන්ස. අහිතකින් කිව්වා නෙවෙයි. මං කියපු
කතාවෙ ඇත්ත නැත්ත ඔප්පු කරල පෙන්නන්නං රජතුමනි... මට දවස් කීපයක් කල් දෙන්න...”
“හොඳයි...
උඹට මං දවස් හතක් කල් දෙනව. හැබැයි ඒ කාලෙ ඇතුලත උඹ කිව්වෙ ඇත්තක් කියල ඔප්පු
කරගන්න බැරි උනොත් මම උඹගෙ හිස ගසා දමනව...”
“හොඳමයි
දේවයන් වහන්ස...” කියල කියපු ඇමතිය ඊට පස්සෙ දවස් ටිකේම රජ වාසල ඇතුලෙම කැරකි
කැරකි හිටියලු. ඔහොම ඉඳලා... ඉඳලා... රජ්ජුරුවන්ට හොඳටම ‘බොගෑන් චාජර්ස්’ වෙච්ච
වෙලාවක් බලල මේ ඇමතිය රජ්ජුරුවො විතරක් පාවිච්චි කරන රාජකීය වැසිකිලියට ගිහිං
ඇතුලෙන් දොර අගුල් දා ගත්තලු. දැන් රජ්ජුරුවො එළියෙලු. ඇමතිය ඇතුලෙලු.
මාලිගාවෙ
වෙන වැසිකිලි තිබ්බ උනත් රජ්ජුරුවන්ට එයින් එකකට යන්නත් බැරිලු. ඇයි ඉතිං
රජ්ජුරුවන්ගෙ තත්වෙට හොඳ නෑනෙ. ඉතින් රජ්ජුරුවො රාජකීය වැසිකිලිය ඇතුලෙ ඉන්න
ඇමතියට මෙහෙම කියනවලු.
“ඇමතියෝ...
ඉක්මනට එළියට වරෙං...”
“අවසරයි
රජතුමනි. අද ඔබ වහන්සෙ මට දීපු දවස් හතෙන් අන්තිම දවස. මං මේ මරණ බයටයි මේක අස්සෙ
හැංගිලා ඉන්නෙ... ඔබ වහන්සෙ මට අනුකම්පා කරල අභය දානය දෙනවනං මං එළියට එන්නං...”
“හරි...
හරි... මං බොට අභය දානය දෙන්නං. දැං ඉතිං ඉක්මනට එළියට වරෙං යකෝ!” කියල බැරිම තැන
රජතුමා කිව්වලු.
ඔන්න
ඒපාර ඇමතිය වැසිකිලියෙන් එළියට ආවලු.
කොහොමිං
කොහොමිං හරි රජ්ජුරුවො රාජකීය වැසිකිලියට ගිහිං තමංගෙ බර හෑල්ලු කරගෙන එළියට ආවට
පස්සෙ ඇමතිය රජ්ජුරුවන්ට කිට්ටු කරල මෙහෙම කියනවලු.
“කොහොමද
සජතුමනි දැනෙන සනීපෙ... මං කිව්වෙ බොරු නෙවෙයි නේද?”
ආයෙ
ඉතිං රජ්ජුරුවො වෙන මොකවත් කියන්න ගියේ නෑලු.
___
ඔය
ඇවිල්ල මං කාලෙකට කලිං සඟරාවක තිබිල කියවපු කතාවක්. මට මතක තියෙන ටිකට තව ටිකක්
අතිනුත් දාල තමයි ලිව්වෙනං ඉතිං. සියයට සීයක්ම නොවුනත් ඇමතිය රජ්ජුරුවන්ට කියපු
කතාවෙ ඇත්තක් නැතුවා නෙවෙයි කියල මට ටක්කෙටම තේරුංගියේ මෙන්න මෙදාට පස්සෙ...
***
ඒ
මං කොළඹ බෝඩිං ජීවිතේ පටං ගත්ත අළුතම වගේ. රස්සාවයි ඉගෙන ගන්න වැඩයි කලවමේ කරන්න
වෙලා තිබ්බ නිසා එතකොට නිවාඩුවක් කියල එකක් නොතිබ්බ තරං. ඉතිං ගෙදර යන්න වෙන්නෙ
මාසෙකට සැරයයි. එහෙමත් නැත්නං මාස දෙකකට සැරයයි. අනිත් අතට අපේ ගම තියෙන්නෙ කොළඹ ඉඳං
හැම සති අන්තෙකම යන්න පුළුවං තරමට ලේසි පාසු දුරකිනුත් නෙවයි. පැය පහක්, පහමාරක්
බස් එකේම යන්න ඕනි.
මට
මතක විදිහට ඒ සති අන්තයත් එක්ක තව නිවාඩු දවස් දෙකක් විතර එකතු වෙලා ලැබිච්ච දවස්
හතරක විතර දිග නිවාඩුවක පළවෙනි දවස. වෙනදට උදේ හයට ඇහැරෙන්නත් ෆෝන් එකේ රිකරන්ට්
එලාම් තියන්න ඕනි උනාට ඔය වගේ දවසට උදේ තුනට තියන එලාම් එක එක පාරක් වදිද්දිම
ඇහැරෙනව.
බෝඩිං
ජීවිතේ නිසා මං පුරුදු වෙච්ච එක පුරුද්දක් තමයි උදේ පාන්දරට වතුර කල්දේරමක් විතර
බොන එක. පාන්දර තේකක් කියල එකක් බොන්ඩ වෙන්නෙත් නැති නිසා වැඩට ගිහිං උදේට කනකං බඩ
පණුවො ටික ‘උද්ගෝසනේ’ කරන එක නවත්තගන්න එහෙම වතුර බොන එක හරි ප්‍රයෝජනයි.
ඉතින්
වෙනද වගේම ඉස්සරවෙලාම බඩ පිරෙන්න වතුර එකක් එහෙම බීල, මේ මහ පාන්දර නින්දට බාදා
වෙච්ච රූම නින්දයි නොනින්දයි අතරෙ ඉඳගෙන “හුචුස්! හුචුස්!!” ගාද්දිම ලකලෑස්ති වෙලා
බෝඩිම ඉස්සරහ පාරෙ තියෙන පහන් කණුවෙ එළියෙන් යාන්තං පාර හොයාගෙන මහ පාරට ගොඩ උනා.
බස්
හෝල්ට් එකේ පැය බාගයක් විතර තැප්පට පස්සෙ ගම්පලාත දිහාට යන බස් එකක් ආවයි කියමුකො.
නිවාඩු දවසක් නිසා මෙච්චර උදේ වෙලත් බස් එකේ සෙනග. දැන් ඉතිං පැය පහක් හිටගෙනම
පලයංකො... කමන්නෑ ඉතිං යන්නෙ ගෙදරනෙ කියල හිත හදාගත්ත මම දැං බස් එකේ හිටගෙන
එහාටයි මෙහාටයි පැද්දි පැද්දි යනව.
පැයක්
ගියා, පැය දෙකක් ගියා, ඔන්න පැය දෙකහමාර කිට්ටු වෙනකොට මුත්‍රාශයෙන් මොළේට
පණිවිඩයක් එනව “ෆුල් ටෑන්ක්!” කියල. අද වගේ දවසක අච්චර වතුර කන්දරාවක් බීපු එක මොන
තරං ගොං කමක්ද? බොහොම අමාරුවෙන් තව තව පැය බාගයක් විතර ඉවසගෙන හිටිය. ඊට වැඩියනං
ඉන්නම බැරි ගානයි. නහයෙ අග්ගිස්ස සීතල වෙලා, මූණෙ ඉඳිකටු අනින්නා වගේ දැනිල, අත්වල
හිරිගඩු පිපිල, කන් දෙකට දාඩිය දාගෙන එනව.
පොතේ
හැටියට දැං තේ බොන්ඩ බස් එක කොහේ හරි නවත්තන්න ඕනි. එතකං තව ටිකාක් ඉවසගෙන ඉන්න මම
තීරණේ කරා. ඔය පාරෙ ඒ දවස් වල දුර ගමං බස් නවත්තන කඩ තිබ්බෙ දෙකයි නැත්තං තුනයි.
ඒවගෙනුත් එක තැනක තිබ්බ ටොයිලට් එක දෙවනි වෙන්න ඕනි නරකාදියට විතරමයි කියල මට
හොඳටම ෂුවර්. ඒත් මේ වෙලාවෙ හැටියට ඒක උනත් සුරපුරක් ගානටයි මට දැනිල තිබ්බෙ.
ඒත්
බස් එක නවත්තන පටක් පේන්න නැහැ. බැරිම තැන ඔන්න ඔය ඕනි මංගල්ලයක් වෙච්චාවෙ කියල මං
බස් එකෙං බහින්න තීරණේ කරා.
ඉස්සරහ
දොර ගාවට ගිහිං “මම ඔතන ඉස්සරහිං බහිනව” කියල ඩ්‍රයිවර් මහත්තයට කිව්ව.
උන්දැ
නිකං පිස්සෙක් දිහා බලන්න වගේ මං දිහා බැලුව. මොකද ඉන්ටසිටි බස් එහෙම හැමතැනම
නවත්තන්නෙ නෑනෙ. ඊට පස්සෙ උන්දැ පාරදිහා බලාගෙන තව වංගුවක් කෙලිං කරා. ම්හු...
නවත්තන පාටක් නෑ වගේ.
ඇත්තම
කියන්න මං ඒ වෙලාවෙ හිටියෙත් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ තමයි. නවත්ත ගන්න බැරි
බස් එකකටයි, නවත්ත ගන්න බැරි චූ බරකටයි එකපාර මැදි උනාම මනුස්සයෙක් කොච්චරනං අසරණ
වෙනවද?
“අනේ
මට බහින්න ඕනි. බස් එක පොඩ්ඩක් ස්ලෝ කරන්නකෝ...” ඒ පාර මං වැන්දෙ නැති ටික විතරයි.
ඩ්‍රයිවර්
ඇහෙන නෑහෙන ගානට කුණුහරුපයක් කියන ගමංම මට බිමට පැනගන්න පුළුවං වෙන තරමට බස් එක
ස්ලෝ කරා. මියෙම්වා රැකෙම්වා කියල මාත් බිමට පැන්න. තව පොඩ්ඩෙං පාත් ෆයින්ඩර්
යානාව අඟහරු පෘෂ්ඨයට ගොඩ බෑව වගේ වෙනව. කොහොම හරි එහෙම නොවී යන්තං පාරට ගොඩබාපු මම
වට පිට බැලුව.
කාණුවක්
නං තියෙනවා... ඒ උනාට මේ බස් එකක් එනකං ඉන්න කට්ටිය රොත්තක්ම පාර අයිනෙ ඉන්නවනෙ.
ඒ
වෙද්දි උදේ හයට විතර ඇති. එළිය වැටීගෙන එන වෙලාව. කාණුව ප්‍රයෝජනේට ගන්න එක දෙවෙනි
විකල්පෙ විදිහට තියාගෙන වෙන විකල්පයක් තියෙනවද කියල බලන්න මං තප්පර කීපයක් වැය
කරා. කොහොමත් දැං හැම තප්පරේම දැනෙන්නෙ පැයක් විතර දිගට. ඔන්න මට පේනව පාරෙන් එහා
පැත්තෙ පොඩි ගෙදරක්. ගෙදර ඉස්සරහ දොර ඇරල නැතත් ජනේලෙ වීදුරුවෙන් සාලෙ පත්තුවෙන
ටියුබ් ලයිට් එකේ එළිය පේනව. ඒ කියන්නෙ ගෙදර කවුරු හරි ඇහැරල ඉන්න ඕනි. ඉක්මනට පාර
මාරුවිච්ච මං ඒ වේගෙන්ම පාරෙ ඉඳන් මිදුලට තිබ්බ පඩි ටිකත් බැහැගෙන ගිහිං දොරට
තට්ටු කරා. වෙලාවට ගෙදර බල්ලො හිටියෙ නෑ. මට කල්පයක් වගේ දැනිච්ච ටික වෙලාවකිං
අංකල් කෙනෙක් දොර ඇරිය.
“අනේ
අංකල්. උදේ පාන්දරම කරදර කරාට මුකුත් හිතන්න එපා. මට ඔයගොල්ලන්ගෙ ටොයිලට් එක ටිකකට
පාවිච්චි කරන්න පුළුවන්ද?”
“ආඃ...
ඔහොම ඔතනින් පහලට බැස්සම දකුණු පැත්තෙ...”
“හරි...”
මම
අඩියට දෙකට ගිහිං නැවතුනේ ටොයිලට් එකේ.
හප්පේ... එහෙමත් ස-නී-ප-ය-ක්...
මම
ඒගොල්ලන්ට නොසෑහෙන්න ස්තූති කරල, ආයෙත් පාරට ආව. බස් එකක් අල්ලගෙන ලඟම ටවුන් එකට
ගිහින් එතනින් තව බස් එකක් අල්ලගෙන ගෙදර ගියා.
ඊට
පස්සෙ ඉඳල තමයි මං මගේ දුර ගමන් ප්ලෑන් කරල යන්න පුරුදු උනේ. ඒකෙ අනිවාර්ය අංගයක් තමයි තව තව අවශේෂ කාරණාත් එක්ක යන පාරෙ තියෙන පොදු වැසිකිලි තියෙන්නෙ කොහෙද කියල ටිකක් හරි හොයල බලන එක.
කොහොම
උනත් ඒක අමතක නොවන අත්දැකීමක්. අදටත් ඒ අංකල්ලගෙ ගෙදර ඉස්සරහින් බස් එකේ යද්දි ඒගොල්ලො
කරපු ඒ උදව්වට මම හිතින් පිං දෙනව.
_____
පින්තූරය
පින්තූරය
හප්ප මටත් ඔක වෙලා තියෙනව.මගින් බස් එකෙන් බැහැලත් තියෙනව.කියල වැඩක් නැ.මෙගෙ ඩෙනිමෙත් ඔයගැන ලිපියක් තිබුන.බලමු ලින්ක් එක හොයා ගන්න පුලුවන්ද කියල
ReplyDeleteඒ අකරතැබ්බෙ ගැනනං කියල වැඩක් නැහැ තමයි. :)
Deleteඔය කියන්නෙ ඩූඩ්ගෙ මෙම්බර්ස්ලට විතරද... කතාව වෙන්න ඕනි.
ඔච්චර සැපතක් තවත් නෑ තමයි. මට නම් ප්‍රශ්ණේ අහපු ගමන් මතක් වුනේ ඒක. සුළු දිය පාරක් නම් ඔය ගහක් අයිනේ හරි ඩවුන්ලෝඩ් කලෑකි. මහ එක තමයි අවුල.
ReplyDeleteඑතකොටනං ඉතිං ඉවරෝ! තමයි.
Deleteහැබැයි දුර ගමන් යනකොට ඔය වගේ දෙයක් වෙන එක මගහරෝගන්න මං කරන්න පුරුදු වෙලා ඉන්න දේවල් දෙක තුනක් තියෙනව. වතුර අඩුවෙන් බීම, බර ආහාර නොගැනීම, කිරි තේ කොහොමවත් නොබීම වගේ.
මට දවසක් මගදි කාපු ඉස්සො වඩයක් නරක් වෙලා බස් එකෙන් බැහැල ගෙදර පෙනි පෙනි කලිසමේ ගියා මුලු බොගම.
ReplyDeleteවැඩේ කියන්නෙ ඒ ගියෙ යාලුවෙක්ගෙ ගෙදර.
“ෂිට් හැපන්ස්...“
Deleteඑදා තරම් මගේ පුකට දැනුනේ නෑ xන්න බරක්
ReplyDeleteසිටුවා මම තද කෙරුවා තට්ටම දෙක කකුල් දෙකෙන්
සැණකෙළියේ කිසිම තැනක නැත වෙන එක වැසිකිලියක්
පෙනුනේ මට කඩේ මැදින් දුවනා පොඩි කාණු කටක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
බොග මාගෙ මාගෙ පිටවෙන්නේ පිටිපස්සෙන් බේරිලාද
අක්ක අයිය නංගි මල්ලි ගැන මට අමතක උනාද
දෙපා මැදින් එන ගඳ දැන් කොයි පැත්තෙන් පාඋනාද
:D
Deleteඇත්තටම එහෙම උනාද?
හිහික්..
ReplyDeleteඒකත් නියම අත්දැකීමක් ඈ...
මට නං ඔය වෙලාවක මැරෙන්න තරං පිස්සු තද වෙලා තියෙනව...
ඕ යේස්...
හම්මේ ඒ වගේ නරකාදි දුකක් සතුරෙක්ටවත් නොවේවා
පිස්සු කියන්නෙ පිස්සු පීකුදු වෙනව... ඕ යේස්...
Deleteනිදහස් වීම කොයි තරං සතුටක්ද කියල දැන් වත් තේරෙනවා ඇතිනේ.. මේ වැනිම කතා කිහිපයක්ම බ්ලොග් වල ගියා මට මතකයි..
ReplyDeleteඒකනේ දේශා අපි නිදහසට මෙච්චර කැමති...
Deletehttp://soosthigune.blogspot.com/2010/07/blog-post_26.html
ReplyDeleteමෙහෙම දෙයක්නං වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපෝ...
Delete