Pages

Wednesday 20 August 2014

දින්නාම...


තුන් වසක් වෙහෙසිලා
උපාධිය ගත්තාම
ඉස්ටේජ් නංවලා - තෙල් පහන් දල්වලා
දෙන්නෙ හිස් “බම්බුවක්” - කියා දන්නේ නැතිද?
(සහතිකේ හම්බෙන්නෙ
ලෝගුව බාර දුන්නමනෙ...)

වෙන අයව පරදලා
තර‍‍ඟෙකින් දින්නාම
ගුණ ගීත ගායනා - මහ ගොඩක් පවත්වා
කැමරාවෙ ප්ලෑසරෙන් - ගිනිකණත් වට්ටවා
අතට දෙන කුසලානෙ
මදේ හිස් එකක් නෙව...

ඉතිං...

මොකක් හරි තර‍‍ඟෙකින්
දිනීමේ වටිනකම
බොහෝ කැප කෙරුම් කර - ලැබූ පුහුණුවේ සහ
හිතේ කහටක් නැතිව - හෙළූ දහඩියේ මිස
දාන ඔල්වරසනේ
කොහොමත්ම නෑ නේද?

6 comments:

  1. හුටා....
    බම්බුවෙ කතාව මං අදමයි දන්නෙ...
    මොකෝ ඔය කැමු්පුස් ගිහිං පැම්පුස් අදින අය්යලා අක්කලාවත් ඕ ගැන කීවෙ නෑනෙ සැක් ...
    පට්ට කවිය

    ReplyDelete
    Replies
    1. සහතිකේ තමයි කැම්පස් එකෙං හැමදේටම ඇපේට තියා ගන්නෙ... :)

      Delete
  2. මොන බම්බුවක්ද නේ?

    ReplyDelete
  3. කුසලානය හරි සහතිකෙ හරි ජයග්‍රහනයෙ සලකුනක් මිස ජයග්‍රහනය නෙමෙයි නේ.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...