Pages

Tuesday 27 March 2012

සහතිකේකින් දැනුම මනින්න පුළුවන්ද?


මේ මං අහපු කතාවක්...


ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලුගිහිං තියෙන්නෙ ගමකටගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයිමූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.

ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිංසාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.

මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...

ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”

ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”

එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.

එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”

උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”

දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”

ඔව්...”

හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”

එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.

මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.

මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාලඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝලඅර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”

***

මේ මං අහපු තවත් කතාවක්...


උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලුඑක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලුඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...

සර්මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”

කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.

උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.

***



මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...


තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි නේ රු වෙ ක්’... ”

***



මේ මම හිතාගෙන ඉන්න විදිහ...


දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයිහරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.

සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.

තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයිනිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.


_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg

Thursday 22 March 2012

ෆෝන් එකෙන් ගන්න මෙව්ව එක



අපි ඉස්කෝලෙ යන කාලෙ  මොබයිල් ෆෝන් එකක් තියා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් හරි තිබ්බෙ එහෙමත් කෙනෙක්ගෙ ගෙදරක. ඉතින් එහෙම තිබ්බ එවුන්ගෙන් සමහරක් කරන එක ඔලමොට්ටල වැඩක් තමයි රෑ දෙගොඩහරි ජාමෙ වෙන කාට හරි කතා කරල ඒ මනුස්සයව ඔරොප්පු කරන එක.
  
අපේ පන්තියෙ එකෙක් දවසක් මහ රෑ දොලහට විතර ඌට හිතිච්ච නොම්බරේකට කෝල් එකක් ගත්තලු. ෆෝන් එක රිං වෙලා... රිං වෙලා... අන්තිමට විනාඩි දහයකට විතර පස්සෙ එහා පැත්තෙන් කවුදෝ අංකල් කෙනෙක් ආන්සර් කරාම මූ කිව්වලු

“මොනාද ඕයි මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ... ගිහිං නිදා ගන්නවකො...” කියල.

ඒ අංකල් “උ-ඹෙ-...” කියල පටන් ගනිද්දිම අපේ පොර ෆෝන් එක කට් කරල.

ඊලඟ දවසෙ වැඩිපුර ලුණු ඇඹුලුත් එක්ක ඌ තමන් කරපු වීරක්‍රියාව වර්ණනා කරද්දි  අපිත් කට බලියගෙන අහං හිටිය. අපිට ඉතින් මැජික් වගේ. මේකා කරල තියෙන්නෙ එසේ මෙසේ වැඩක්යැ.
පස්සෙන් පහු කාලෙක තමන්ටම කියල ෆෝන් කට්ටක් ගත්තම තමයි ඔය වගේ ගෝත කෝල් එන එකේ ර‍ෙඟ් හරියටම තේරුම් ගියේ.

සාමාන්‍යයෙන් මේවගේ කෝල් නිසා ඇවිලෙන්නෙ ගියොත් පාඩු වෙන්නෙ අපිටමයි. ඒක නිසා මම නං මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති නොම්බරේකිං මිස් - කෝල් තිබ්බට අනිත් පැත්තට කතා කරල...

“කව්ද මේ කතා කරන්නෙ... මොකක්ද උවමනාව...” කියල අහන්න යන්නෙ නෑ.

දිගින් දිගට කෝල් කරල ෆෝන් එක ඉස්සුව ගමන්ම කට් කරන කෝල් වලට කරන්නෙ ෆෝන් එක රිං වෙන්න පටන් ගන්න කොටම ආන්සර් කරල සද්ද නැතුව අහං ඉන්න එක. බිල යන්නෙ කෝල් කරන එකාගෙනෙ. මයෙ මොකෝ.

ඔය විදිහ ගොඩක් වෙලාවට සාර්තකයි. ඒත් එහෙම නොවෙන, තියෙන පොඩි ඉවසීමත් නැත්තටම නැති වෙන අවස්තාවලුත් එනව. 

මම සාමාන්‍යෙයන් රෑට නිදාගන්න කලින් ෆෝන් එක ඕෆ් කරල දානව. ඒ ඔන් කරපු ෆෝන් එක කොට්ටෙ යට තියාගෙන නිදාගන්න කැමති නැති නිසා. 

එක දවසක් රෑ යක්කු ගස් යන වෙලාවෙ ෆෝන් එක වදින්න ගත්තම තමයි මට මතක් උනේ

“අඩේ! අද ෆෝන් එක ඕෆ් කරන්න අමතක උනානෙ...” කියල.

නිදිමරගාතෙම ෆෝන් එක රිං වෙන සද්දෙ අහං ඉද්දි තමයි තේරුං ගියේ...

“යකඩො! ඒක කෑ ගහන්නෙ සාලෙ මේසයක් උඩ ඉඳල...”

“දැං ඉතිං නැගිටපංකො...“

“නෑ! එක්කො ඕන්නෑ... ඔහෙ වැදිල නවතින්නැතැයි...“ 

“මොන බූරුවද අප්පා මේ වෙලාවට කෝල් කරන්නෙ...”

නින්දයි නොනින්දයි අතරෙ මාරු වෙවී ෆෝන් එක වැදිල ඉවර වෙනකං බලාගෙන හිටිය. හිටියා... හිටියා... හිටියා... ඒත් මේ කෙහෙල්මල ඉවරයක් වෙන පාටක් නං නෑ.

“මොකක් හරි හදිස්සියකටද දන්නෑ...”

යාන්තමට වගේ ඇ‍ෙඳන් නැගිටගන්න පුළුවන් විදිහට නිදිමත ඇරුණෙ ඒ හිතිවිල්ලත් එක්ක. කළුවරේම බිත්තිය අතපත ගාල ලයිට් එකත් දාගත්තයි කියමුකො. ඇස් දෙක ඇතුලෙ බල්බ් පත්තු කරා වගේ. මෙලෝ දෙයක් පේන්නෑ. එළිය විතරයි. ඒ අස්සෙ අර ඉටිගෙඩිය යමරෙට රිං වෙනව... 

කෝ...? දොර...?

“ඩිහ්...!”


නො-ද්දකිං... උ-ළු-ව-ස්-ස...

එක අතකිං නළලෙ උළුවස්සෙ වැදිච්ච පැත්ත අල්ලගෙන, ඇස් හීන් කරගෙන, කකුළුවෙක් යනව වගේ පැත්තෙන් පැත්තට ගිහිං යාන්තං ෆෝන් එක අතට ගත්ත. ආන්සර් කරල “හෙලෝ...” කිව්ව. ම්හු... එහා පැත්තෙන් කිසි හාවක් හූවක් නෑ.

“හෙලෝ...! හෙලෝ...!! හෙලෝ...!!!” 

ෆෝන් එක කට් උනා. බැලින්නං දන්න කියන නොම්බරේකුත් නෙවෙයි. හිතට එන කේන්තියත් එක්ක නිදිමතත් ඩිංග ඩිංග දියවෙලා යද්දිම ගත්ත අර නොම්බරේට කෝල් එකක්. 

“හෙලෝ! කව්ද මේ...?” 

ඒ පාර උත්තරයක් ආව... 

“හා... නේ... කෝමද උයාට...?”

ඔන්න ඔය ටික ඇහෙද්දි තිබ්බ තරහ එක්ලක්ෂ විසිතුන්දාහකිං විතර වැඩි උනා. මොකද කෙල්ලෙක් වගේ තො‍ෙඳාලෙට කතා කරාට ෆෝන් එකෙන් ඇහුණෙ වෙනස් කරගත්ත පිරිමි කටහඬක්.
මගේ සිංහල ශබ්දකෝෂයේ තියෙන සුද්දම සුද්ද සිංහල වචන සෙට් එක මතක් කර ගන්න මට තප්පර දෙකක් යන්න ඇති.

“අයිසෙ මේ... කෑවනං බිව්වනං දෙයියනේ කියල බුදිය ගන්නව... අහක ඉන්න අපිට පවු නොදී.... 
*** ** ** ** ** ** ******* **** ********* ***** ***  ** ***** ******** ****  **** ** ****** ****** **** ** *********** ***** *********** **** ***** **  ** ***** ******* ****** ****** **** ** *********** ***** *********** **** ****** **** ** *********** ***** *********** **** ***** ** ** ****** **** ** **   **** ****** **** ** *********** ***** ******”

හැබැයි ඔය ටික අර පොර අහං හිටියද නැත්තං කලින්ම ෆෝන් එක කට් කරාද කියන්නනං දන්නෑ. මමනං හිතේ හැටියට බැනල ෆෝන් එකත් ඕෆ් කරල තමයි එදා ආයෙ නිදාගන්න ගියේ.


_____
පින්තූරය
http://www.whatsgottago.com/wp-content/uploads/2007/12/angry_phone2.jpg

Sunday 11 March 2012

නටඹුන්...




අද නිවාඩු දවසෙ මං ඔය අරව මේව කුරුටු ගාපු පොතක් උඩින් පල්ලෙන් පෙරලල බලද්දි දැනට ටික කාලෙකට කලින් තිබ්බ සටහනක් ඇහැ ගැහුන. එතන ඉන් පොත ඉස්සරහට පෙරලගෙන යද්දි මුල් සටහනට නෑකම් කියන සටහන් එකින් එක මතුවෙන්න ගත්ත නිසා ඒ ඔක්කොම එක තැනකට අරගෙන ලිපියක් ලියන්න හිතුන.

මේ ඒ සටහන් දාමයේ මුල් පුරුක.


ඇස් පියන් යට
ලැගුම් ගෙන ඔබ
දෙගොඩ හරියේ
නින්ද නෑ මට


“හිත ගිය තැන මාළිගාව කියල කතාවක් තියෙනවනෙ. එහෙම හිත ගිය තැන් වල අපි හදන්නෙ අහස් මාළිගා. ඒව ඉතින් කඩා වැටෙනව. එතකොට හිතේ අමාරුව යන්නත් එක්ක කුරුටු ගාපු සටහනක් තමයි මේ.


මිරිඟුවක් පස්සේ
දිව්වා නේද රිසිසේ
නැත වැස්ස වැස්සේ
රැවටුනා උඹ මෝඩයෙක් සේ


කඩා වැටිච්ච අහස් මාළිගාවක නටඹුන් අතරෙ අතරමං වෙලා මනෝ ගහගෙන ඉන්න ඕන්නෑනෙ. ඒ නිසා හිත ‘රිකවරි මෝඩ් එකට දාල හිත හැදෙන්නත් එක්ක මෙහෙම ලිව්ව.


පළඟැටියෝ නුඹ නාඩන්
ඉටිපන්දම නිවිල ඉතින්
අළු වීලා යන්න සොඳින්
වෙන දැල්ලක් සොයා ගනින්


ඔය ටික කරල දෙයියනේ කියල වැඩක් බලාගෙන ඉන්නකොට සමහර වෙලාවල් එනව තමං ගැනම හිතන්න ගිහිං හරි අනිත් අයගෙ උපදෙස් අහගන්න ගිහින් හරි සමස්ත ලෝක ප්‍රජාවත් එක්කම මල පනින. එතකොටනං ලියවෙන්නෙ  මෙන්න මෙහෙම.


අනේ බොල අනංගයෝ
උඹත් කසාදයක් කරගං
වයිපරයක් නෑ කිව්වහම
ලැජ්ජයිනෙ බං...


_____
පින්තූරය
http://www.ifimages.com/photos/O62uVlzGNFhfnDbEfI0oBaKr8/author-602/Ruined-castle-remains-Corfe-Castle.jpg


Related Posts Plugin for WordPress, Blogger...