පහුගිය
අවුරුද්දයි මේ අවුරුද්දෙ මුලයි වැඩ කන්දරාවක් කරන්න සිද්ධ උනා. සුදුසුකම් කීපයක්
සම්පූර්ණ කරගන්න ඔනි වෙච්ච අධ්‍යාපන වැඩ. ඉතින් බ්ලොග් එක පැත්තෙ ගැවසෙන්න
වෙලාවක්වත්, අළුතින් මොනාවත් ලියන්න තරං හිතේ එකලාසයක්වත් තිබ්බෙ නැහැ. කොටින්ම
හරි හමන් විදිහට නිදාගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. ඒ වැඩ වලින් වැඩි හරිය ඉවර කරල
යාන්තං ඔළුව උස්සගත්තම තමයි බ්ලොග් එකට ගොඩවෙන්න වෙලාවක් හම්බ උනේ.
කියවන්නෙ
නැතිව ගොඩ ගැහිල තිබ්බ මාස ගානක පෝස්ට් ගොඩ යන්තං කියවල ඉවර කරේ ගිය සතියෙ.
කියවන්නං කියල අරගත්තත් තාම අතවත් තියන්න බැරි වෙච්ච පොත් ගොඩකුත් තියෙනව. ජීවිතේට
වැදගත් දෙයක් එකතු කරගන්න ගියාමත් තමං කරන්න ආස කරන දේවල් අතාරින්න සිද්ධ වෙනව
නේද? සමහර විට ටික කාලෙකට. සමහර විට සදහටම.
අනිත් අතට අපි
මොනා කරත් මොනා නොකරත් වගේ වගක් නැතිව ජීවිතේ ගලාගෙන යනව. එතකොට අපිට එක්කො අඳුරට
සාප කර කර ඉන්න පුළුවං එහෙමත් නැත්නං එක පොඩි එළියක් හරි පත්තු කරල තියන්නත්
පුළුවං. අනුන් වෙනුවෙන් වගේම තමන් වෙනුවෙනුත්.
හරි දැන් ආයෙම පට්-ටාං ගමු. මළකඩ කැඩෙන්නත් එක්ක ටිකක් වේගෙන් පාගමු.
ReplyDeleteතැන්කුයි ඩූඩ්. අනිවා... අනිවා... :)
Delete