Pages

Thursday 20 December 2012

සුරංගනා කතාවක් : චාරිකාව - තෙවන කොටස


 සුරංගනා කතාවක් : චාරිකාව - පළමු කොටස
 සුරංගනා කතාවක් : චාරිකාව - දෙවන කොටස

මේ සුරංගනා කතාවක් : A Journey of a Prince - Part 3 හි සිංහල පරිවර්තනය.


ඉතින් ඔහොම යන අතරෙ එක දවසක් කුමාරයට එයා කාලාන්තරේකින් නොදැක්ක කෙනෙක්ව මුණගැහුන. ඒ ඇවිල්ල කුමාරයගෙ ඥාති සහෝදරයෙක්...

එකිනෙකා මුණගැහීම ගැන ගොඩක් සංතෝස වෙච්ච දෙන්න තමංගෙ ආගිය තොරතුරු ලඟ තිබ්බ අවන්හලකින් හොඳ කෑම වේලක් ගන්න අතරතුර බෙදා හදා ගත්ත. කුමාරයට වෙච්ච අකරතැබ්බෙ ගැන දැනගෙන දුක් වෙච්ච කුමාරයගෙ ඥාති සහෝදරය කුමාරයට තමන්ට පුළුවන් විදිහට උදව් කරන්නං කියල පොරොන්දු උනා.

කුමාරයගෙ ඥාති සහෝදරයත් එසේ මෙසේ පොරක් නෙවෙයි. එයත් කුමාරයෙක්. ඒ වගේම නයිට් වරයෙක්. අපේ කුමාරය මෙච්චර කාලයක් හොය හොය හිටිය පටු දඟර ගැහිච්ච පාර පටන් ගන්න තැන ගැන මේ ඥාති සහෝදරය දැනගෙන හිටිය. ඒ වගේම එයා තව දෙයක් දැනගෙන හිටිය. ඒ තමයි, හරිහමන් විදිහට ලෑස්ති වෙලා ගියේ නැත්නං අපේ කුමාරයට කවදාවත් කන්ද මුදුනට යන්න හම්බ වෙන්නෙනං නැහැ කියන එක.

ඉතින් එයා කුමාරයට මෙහෙම කිව්ව...

“මල්ලියෙ, ඔයා හොයන පාර ගැන මං දන්නව. හැබැයි මං මේ ටික කියල තියන්න ඕනි. මේක අමාරු ගමනක්. ඉස්සරහට යන අඩියක් අඩියක් ගානෙ එක එක විදිහෙ බාධක තියෙනව. ඒ නිසාමයි මේ ගමන පටන් ගන්න ඉස්සරවෙලා ඔයා ඒකට සූදානම් වෙන්න ඕනි.”

කුමාරය මේ කතාවට එකඟ වෙලා තමන්ගෙ ගමනට ඕනි කරන දේවල් එකතු කරන්න පටන් ගත්ත. එයා එකතු කරගත්ත දේවල් අතරෙ කඩුවක්, දුන්නක්, ඊතල පුරෝපු පැසක්, සැහැල්ලු පලිහක් වගේම කෑම බීම ටිකකුත් තිබ්බ. මේ හැමදේකින්ම සන්නද්ධ උනාට පස්සෙ කුමාරයව එයාගෙ ඥාති සහෝදරය කන්දක් පාමුල පිහිටල තිබ්බ අර පටු පාර පටන් ගන්න තැනට එක්කරගෙන ගියා.

එතනදි එයා කුමාරයට මෙන්න මෙහෙම කිව්ව...

“මට ඔයාව ඇරලවන්න එන්න පුළුවන් මෙතනට එනකං විතරයි. මෙතනිං එහාට තනියම ඔයාට ඔයාගෙ ගමන යන්න වෙනව. හිතට ධෛර්ය අරගෙන ඉස්සරහටම යන්න. තමන් ගැන විස්වාසෙ තියා ගන්න. ඒ වගේම මේ අවවාදෙත් හොඳට හිතේ තියා ගන්න. කෙනෙක් උත්සාහය අත්නොහරින තාක් කල් ඒ කෙනාව පරාද කරන්න බැහැ. ඉතිං මල්ලියෙ, ඔයාට සුභ ගමන්!”

කන්ද පාමුලදි තමන්ගෙ ඥාති සහෝදරයගෙන් සමුගත්ත කුමාරය තනියම අර පටු පාර දිගේ කන්ද නගින්න පටන් ගත්ත.

ඒක දුෂ්කර ගමනක්. දහවල් කාලෙ ඉර අනුකම්පා විරහිත විදිහෙ තද රස්නයක් ගෙනාව. රාත්‍රියේ සීතල හම විනිවිදගෙන ගිහිං ඇටකටු වලටම කිඳා බැස්ස. වැස්සම පාර මඩවෙලා ලිස්සන්න ගත්ත. කුමාරය ලිස්සල වැටිච්ච හැම වෙලාවකම වගේ පතබෑවුනේ කටු පඳුරු උඩට. ඒ ඔක්කොමත් හරි, ගමන අතරෙදි දැනෙන කාංසිය තමයි ඉවසන්නම අමාරු උනේ.

ඒත් කුමාරය දිගින් දිගටම තමන්ගෙ ගමන ගියා. වැටිච්ච හැම පාරම එයා දත්මිටි කාගෙන නැගිට්ට. තමං ඉස්සරහ තියෙන බාධක ගොඩක් වැඩියි කියල දැනිච්ච වෙලාවට එයා කරේ තමංව වට කරගෙන හිටිය මුඩු බිමට ඇහෙන්න පුළුවං තරං හයියෙන් කෑ ගහපු එක.

“මං මේක නිකංම අතාරින්න ලෑස්ති නෑ!”

දවසින් දවස කඳු මුදුන ටිකින් ටික ලං උනා. ඊට පස්සෙ එක දවසක කුමාරය කඳු මුදුනටම ආව... අන්තිමේදි එයාට එයාගෙ ගමනාන්තය වෙච්ච ‘මස්තකේට’ එන්න පුළුවන් උනා.

දැන් එයා තමං උපයගත්තු නයිට් පදවියට හරියටම හරියන නයිට් වරයෙක්.

කුමාරය ඒ වෙලාවෙ තමංගෙ හදවත ඇතුලටම කිඳා බැහැල මෙච්චර කාලයක් තමංට ලොකු වේදනාවක් ඇති කරපු කිරිච්චිය බොහොම ලේසියෙන් ගලවල පැත්තකට වීසි කරා. ඒ කිරිච්චිය ඇති කරපු තුවාලෙ සනීප උනාට තුවාලෙ කැළල කුමාරයගෙ හදවත මතුපිට ඉතුරු උනා. ඒ තුවාල කැළල එතන තිබ්බෙ මොන විදිහෙ තුවාලයක්ද කියන එක කුමාරයට හැමදාටම මතක් කරල දේවි.

නයිට් වරයෙක් උන කුමාරය කරපු පළවෙනිම දේ තමයි තමන්ට උදව් අවශ්‍යම වෙලා තිබ්බ, තමං යාළුවො කියල හිතාගෙන හිටිය අය මඟඇරල ගිහිං හිටිය වෙලාවෙ තමන්ට උදව් කරපු ඥාති සහෝදරයව බැහැදකින්න ගිය එක.

අපේ කුමාරය එයාගෙ චාරිකාවට ටික කාලයක් දුර බැහැර ගිහිං හිටිය නිසා ආපහු එයා එන කාලෙ වෙද්දි සමහර දේවල් තිබුනට වැඩිය ටිකක් වෙනස් වෙලා එහෙම තමයි තිබ්බෙ. කුමාරයගෙ ඥාති සහෝදරය ඒ වෙද්දි තමංටම කියල රාජධානියක් තිබිච්ච රජ කෙනෙක් වෙලයි හිටියෙ. කුමාරය එයාව බලන්න එයාගෙ මාලිගාවට ගියාම එයා කුමාරයව බොහොම ඉහලින් පිළිගෙන තමන්ට ලබා දෙන්න පුළුවන් හොඳම ආගන්තුක සත්කාර වලින් කුමාරයට සංග්‍රහ කලා.

තමන්ට කරපු උදව් වලටයි ලබා දීපු ආගන්තුක සත්කාර වලටයි එයාගෙ ඥාති සහෝදරයට මුව නොසෑහෙන්න ස්තූති කරපු කුමාරය ගෙදර යන්න පිටත් උනා. කුමාරය දැන් ගෙදර යන්නෙ තමන්ගෙ කීර්තිය ආයෙ ගොඩනගා ගත්ත කෙනෙක් විදිහට. ඒ වගේම සාමාන්‍ය නයිට් වරයෙක්ට වැඩිය ටිකක් විතර අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට. ඒකට හේතුව තමයි කුමාරය ගිය චාරිකාවෙනුත් එයා ගොඩක් දේවල් ඉගෙනගෙන තිබීම. දැන් තමන් කලින් හිටියට වඩා හයිය හත්තිය තියෙන කෙනෙක් වෙලා කියල එයාට දැනුන. ඒත් ඒ හැම දේටම වඩා කුමාරය කැමති උනේ කාලෙකට පස්සෙ එයාගෙ හිතට දැනිච්ච සාමකාමී හැඟීමට.

ආපහු එන අතරමගදි කුමාරයට ගොඩ දෙනෙක්ව මුණ ගැහුණ. අර ඉස්සර කුමාරයට හුරේ දාපු ඊට පස්සෙ කාලෙක කුමාරයට “හූ!” කියපු කට්ටියම තමයි. දැන් ඒගොල්ලො ආයෙත් කුමාරය වෙනුවෙන් ජය ගෝසා පවත්වනව.

ඒගොල්ලන්ව දැක්ක කුමාරය තමන්ගෙ හදවත දිහා ආපහු හැරිල බැලුව. තමංගෙ හදවත මතුපිට තියෙන තුවාල කැළල දිහා පොඩි වෙලාවක් වැඩියෙනුත් එක්ක එයා බලාගෙන හිටිය. ඊට පස්සෙ එයා අර මිනිස්සු දිහා බලල හිනා උනා. ඒ මිනිස්සු කොයි විදිහෙ අයද කියන්න කුමාරය ඒ වෙනකොට හරියටම දැනගෙනයි හිටියෙ...



~සමාප්තයි~


පිදුම:

උදව්වක් යනු කුමක්දැයි හඳුනන කරුණාවන්ත හදවත් වලට...

සහ

නිකංම නිකං පරාජය බාර ගන්න කැමති නැති කුමාරවරුන්ට සහ කුමාරිකාවන්ට...


_____
පින්තූර
From Concept Art

11 comments:

  1. ආදර්ශමත් කතාව..! මෙවැනි කතා තවත් ලියන්න හැකි නම්.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ කිව්ව :) බලමු බලමු තව ඉස්සරහට...

      Delete
  2. නියමෙට ලියල තියනවා.පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. ම්ම්ම්.... අදයි මේ පැත්තට ආවේ... ඒ නිසා කතාව නම් ටිකක් පැහැදිලි මදි... මුල් කොටස් ටිකත් කියවලාම බලන්න ඕනි....:)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.

      කියවල බලල ගුණදොස් කියන්නකො :)

      Delete
  4. මුල් ටික කියවලම ඉන්නං..:)

    ReplyDelete
  5. ලස්සන කතාවක්.. ඉස්සරහටත් මේවගේ ඒව ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාන්ත්‍රිකයා :)

      Delete
  6. හුරේ දාපු කට්ටියම හූ කියන දවස. ඒකෙම අනිත් පැත්ත. ඕකට පොරජාතන්තවාදය කියලත් කියනවද මන්දා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. “පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ“ කියල කියනවනෙ ඩූඩ්. :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...