සුරංගනා කතාවක් : A Journey of a Prince - Part 1 හි සිංහල පරිවර්තනය.
දැන් හිතන්න එපා මේ කුමාරය හෙන පොරක් වෙන්න ඇති කියල. අපොයි නැහැ! මේ කුමාරය ඔයාල අපි වගේම තමයි. එයා කරුණාවන්ත හදවතක් තිබ්බ, මහන්සි වෙලා වැඩ කරන්න කැමති කෙනෙක්. පොඩි පරහකට තිබ්බෙ උදේ පාන්දරට ඇහැරෙන්න පොඩ්ඩක් කම්මැලි එක. (අපි වගේම තමයි නේ?). ඔයගොල්ලන්ට කියන්න මේ කුමාරයා චූට්ටක් විතර මෝඩයිත් එක්ක.
හැබැයි ඉතින් අපිට නොතිබිච්ච ප්‍රශ්ණයක් මේ කුමාරයට තිබ්බ. ඒක තමයි එක එක යුද්ද වලට පැටලෙන්න සිද්ද වෙලා තිබ්බ එක.
කුමාරය ඉතිං ආසාවට යුද්ද කරා නෙවෙයි. කුමාරය ගොඩක් ආසාවෙන් හිටියෙ සද්ද බද්ද අඩු නිස්කලංක ජීවිතේකට. ඒත් ජීවත් වෙද්දි එක එක කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙනවනෙ. ඉතිං අපේ මේ කුමාරයටයි එයා වගේ අනිත් කුමාරවරුන්ටයි, කුමාරිකාවන්ටයි තිබ්බ කරදරේ තමයි රටේ බටහිර මායිමේ තිබ්බ “උරගා බැලීමේ ආයතනය” (ඔය වගේ ගෝත ආයතන තිබ්බෙම රටේ බටහිර පැත්තෙ).
කාලෙන් කාලෙට ඔය ආයතනෙ රට පුරා ඉන්න කුමාරවරුයි කුමාරිකාවොයි එක්ක සටනට රණශූරයො කට්ටි කට්ටි පිටත් කරල යවනව. (ඇයි කියල අහන්නෙ? ඔය ආයතනෙ කරේ රට පහේ ඉන්න කුමාරවරුන්ටයි කුමාරිකාවන්ටයි කොච්චර හොඳට සටන් කරන්න පුළුවන්ද කියල ටෙස්ට් කරල බලපු එක. ඉතිං රණශූරයො දාල ඒ අයත් එක්ක සටන් කරවල බලන්නැතුව ඒක හොයා ගන්නෙ කොහොමද?)
රටේ තිබ්බ නීතියෙ හැටියට කුමාරවරුයි කුමාරිකාවනුයි අනිවාර්යයෙන්ම මේ රණශූරයන්ට මූණ දෙන්න ඕනි. කාටවත් මගඇරල යන්න බැහැ.
දැං ඔයගොල්ලො අහයි ඒගොල්ලො එක්ක සටන් කිරිල්ල ප්‍රතික්ෂේප කරොත් මොනා වෙයිද කියල?
එහෙම දෙයක් කරන කෙනාට මුහුණ දෙන්න වෙන ඵලවිපාක හරිම සෝචනීයයි. සටන් කෙරිල්ල ප්‍රතික්ෂේප කරන කට්ටියව අර ආයතනෙ “රටට බරක් වෙච්ච අය” විදිහට හංවඩු ගහනව. එහෙම අයට රටෙන් කෑම-බීමවත්... ඉඳුම්-හිටුම්වත්... බේත්-හේත්වත්... වෙන මොනාමවත් ලැබෙන්නෙ නෑ. ඒක නිසා නොමැරී ජීවත් වෙන්න ඕනිනං කෙනෙක්ට සටන් කරන්නම වෙනව. වෙන විසඳුමක් නෑ. (අපි හිතාගෙන ඉන්නෙ ඉස්කෝලෙ යන එකයි විභාග වලට ලියන එකයි අමාරුයි කියල...)
ඔය විදිහට සටන් කරල පළවෙනි රණශූරයො කට්ටියව පරද්දන කෙනා දෙවෙනි රණශූරයො කට්ටියකට මූණ දෙන්න ඕනි. ඊට පස්සෙ තුන්වෙනි කට්ටියකටත්... හැම අළුත් සටනක්ම ඊට කලින් එකට වැඩිය අමාරුයි. ඔය සටන් ඔක්කොම දිනාගන්න කෙනා ‘නයිට් පදවියක් ලබාගැනීමේ චාරිකාව’ යන්න සුදුසුකං ලබනව. ඔය චාරිකාව කෙලවර වෙන්නෙ ‘මස්තකය’ කියල තැනකින්. චාරිකාව සම්පූර්ණ කරල මස්තකයට ලඟා වෙන කෙනා නයිට් පදවියකින් පිදුම් ලබනව. ඔය නයිට් පදවිය කියන එක හෙනට වටිනව ඈ!
ඊලඟට...?
ඊලඟට ඉතිං ඒගොල්ලොත් ජීවිතේ කියන එකට මූණ දෙන්න ඕනි!
ඔය රණ ශූරයො එක්ක සටන් කරන විදිහත් හරියට ‘ඩාවීනියානු වාදය’ වගේ. අර “එක්කෝ දඩයම් කරන්න එහෙම නැත්නං දඩයම බවට පත් වෙන්න” කියල කියන්නෙ... අපේ කුමාරයටයි එයා වගේ අනිත් අයටයි ආවුද අතට ගන්න උනේ ඒ නිසාමයි.
“පස්වන සංග්‍රාමය” දිනාගන්නකොට කුමාරය බොහොම ලාබාලයි. ඊට අවුරුදු කීපයකට පස්සෙ කුමාරයට “සා’වීරයො” (ඒගොල්ලන්ගෙ පළිහවල් වල ‘සා’ අකුරක් ඇඳල තිබ්බ) එකොළොස් දෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න උනා. රණ ශූරයො එකොළොස් දෙනාගෙ යුධ උපක්‍රම එකොළොස් විදිහක් වෙච්ච නිසා කුමාරයට ඒක අමාරු අභියෝගයක් උනා. ඒත් එයා නිර්භීතව සටන් කරල ඒ එකොළොස් දෙනාවම පරාද කලා.
ඊලඟට කුමාරයට සටන් කරන්න උනේ “උ’ වීරයො” ත් එක්ක (ඒගොල්ලන්ගෙ පළිහවල් වල ‘උ’ අකුරක් ඇඳල තිබ්බ). මේ රණ ශූරයන්ව දැක්කම ඕනිම කෙනෙකුගෙ කොදුනාරටිය සීතල වේගෙන යන එක සාමාන්‍ය දෙයක්. හතරදෙනා බැගින් සටනට බහින මේගොල්ලො බොහොම සීරුවට කරන අනුකම්පා විරහිත පහරදීම් නිසා ඒ අයට මූණදෙන්න ගිය ගොඩ දෙනෙක්ට සිද්ධ උනේ සටන මැද හරියෙදි අතෑරල පහුබහින්න. උ’ වීරයන්ව පරද්දන්න ඕනිනං විශේෂ පුහුණුවක් බොහොම කැපවීමෙන් කරල තියෙන්න ඕනි. ඕන්න ඔතනදි තමයි අපේ කුමාරය වැඩේ වරද්ද ගත්තෙ.
ඒක එහෙම්පිටින්ම කුමාරයගෙ නොසැලකිලිමත්කම නිසා සිද්ද වෙච්ච දෙයක්...
“රණ ශූරයො එකොළහක් පැරැද්දුවට පස්සෙ තව හතර දෙනෙක් කජ්ජක්ද...?” කුමාරය හිතුව.
ඉතින් කුමාරය අළුත් සටන් ක්‍රම ඉගෙන ගන්න ගියේවත්; සන්නාහය අළුත්වැඩියා කරගත්තෙවත්; කඩුව මුවහත් කරගත්තෙවත් නැහැ. එයා කලේ විවේක සුවයෙන් කාලය ගත කරපු එක. ක්ෂිතිජයට උඩින් එකතුවෙන අඳුරු වළාකුළු ගැන කුමාරය වැඩි තැකීමක් නොකරපු තරං.
දවස් සති වලටත්, සති මාස වලටත්, මාස අවුරුදු වලටත් පරිවර්තනය උනා. අන්තිමේදි දවසක උ’වීරයොයි කුමාරයයි අතරෙ සටන ඇවිලුනා.
කොහොමටත් සටනට හරිහමං සූදානමකින් නොහිටිය කුමාරයව බොහොම ලේසියෙන් බිමදාන්න උ’වීරයො ටික සමත් උනා. තෝමරය බිඳිල, පලිහ පළුදුවෙලා, ඊතල ඔක්කොම නිස්කාරනේ නාස්ති වෙලා තමන්ගෙ ජීවිතේ පළවෙනි පාරට කුමාරය සටනකින් අන්ත පරාජයකට පත් උනා. ඒක බලන්න දුක හිතෙන දර්ශණයක්. එත් ඒ පරාජය ගැන කුමාරයටම හැර වෙන කාට කියල දොස් කියන්නද?
මතු සම්බන්ධයි...
සුරංගනා කතාවක් : චාරිකාව - දෙවන කොටස
_____
පින්තූරය
http://piercearrow.files.wordpress.com/2009/10/oot-link073.gif?w=450&h=616
කලින් තිබුන ඉංග්‍රීසි කතාවම නේද මේ ? මම මේ දවස්වල කියවන්නේ හොල්මන් එකක්..හි හී ඒක කියවන්නෙ දවල්ට විතරයි..
ReplyDeletethe house that Jack build
ඔව් ඒ කතාවමයි. නිකමට වගේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලියල බලන්න හිතුන.
Deleteරෑට කාමරේක ඉඳගෙන ජනේලෙ පැත්තට හැරිලවත් ජනේලෙට පිටුපාලවත් කියවන්න බැරි කතා ජාතියක් තමයි ඔය. ඒ නිසා හොල්මන් කතා දවල්ට කියවන තරමට හොඳයි. :)
ReplyDeleteඑහෙම තමයි කුමාර වරුන්ටත් දවසක ඇයි මන් සටන් කරන්නේ කියන
හැගීම එනවා.එදාට සටන් කරන්නේ නැහැ , අනිත් අය දිහා උපේක්ෂාවෙන්
බලන් ඉන්නවා නිශ්ශබ්දව.ඒත් පිටට පෙන්නේ යුද්දෙන් පැරදුන කුමාරයෙක්.
ඔතනදි මොන යුද්දෙ ඉඳං එහාට සටන් කරන එක නවත්තල දානවද කියන එක වැදගත් නේද සහන්?
Deleteඑක ස්ථාවරේකට ආවට පස්සෙ ඕනිම කුමාරයෙක්ට හරි කුමාරිකාවට හරි පුළුවං තව දුරටත් සටන් කරනවද එහෙමත් නැත්නම් නවතිනවද කියල තීරණේ කරන්න. ස්ථාවරේකට ඇවිල්ල සටන් හොයාගෙන යන එක නවත්තන කෙනා පැරදිච්ච කෙනෙක් නෙවෙයි. :)
ඉතිරි කොටසත් එන නිසා ඉවසනවා. නියම පරිකල්පන..
ReplyDeleteතෑන්ක්ස්... :)
Deleteඅදමද මන්දා ආවේ මේ පැත්තේ !
ReplyDelete:)
සාදරයෙන් පිළිගන්නවා... :)
Deleteබ්ලොග් එකටත් නියම නම තියලා තියෙන්නේ නැද්ද සහෝ... පට්ට
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තූතියි මචං... :)
Deleteකතාවේ යටින් කියවෙන ආදර්ශ ටිකත් නියමයි..! ඔබ ලියල තියන විදිහත් මරු..
ReplyDeleteස්තූතියි චන්දන
Delete