මේ මං අහපු කතාවක්...
ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලු. ගිහිං තියෙන්නෙ ගමකට. ගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයි, මූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.
ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිං. සාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙ. ඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්. මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.
මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...
“ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”
“ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”
එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.
“එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”
“උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”
“දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”
“ඔව්...”
“හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”
එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.
මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.
“මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාල, ඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝල, අර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”
***
මේ මං අහපු තවත් කතාවක්...
උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලු. එක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලු. ඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...
“සර්, මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”
කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.
උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.
***
මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...
“තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි - නේ - රු - වෙ - ක්’... ”
***
මේ මම හිතාගෙන ඉන්න විදිහ...
දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයි. හරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.
සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.
තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයි. නිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.
_____
පින්තූරය
_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg
atta katawa ube kate masuran danna ona..eth uba atin neda liwe eka nisa masuran danna wenne
ReplyDeleteඒකට කමක් නෑ. කොමෙන්ට් එකක් දැම්මනෙ.
Deleteසහතික වැඩක් වෙන්නෙ ඉන්ටර්විව් වලදි විතරයි. :)
ReplyDeleteඇත්ත... :)
Deleteකතා ටිකත් නියමයි
ReplyDeleteසහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.
අම්මපා සහතික ඇත්ත ..
ස්තූතියි සඳරු...
Deletemata peniyanneth meka liyana kenath anith ayata garu karanna danne nathi heena manayen pelena ekek wagei.
ReplyDeleteඔව් ඒක වෙන්න බැරි කමකුත් නෑ. මොකද සමහර වෙලාවට සමහර දේවල් ගැන මටත් ඉරිසියා හිතෙන නිසා.
Deleteස්තූතියි අදහසට...
අර මෙතඩ් එකට උණබටේ පුරුක් අයින් කරන්න පුළුවන් කියල හිතන්න නං බෑ. ඒත් කතාටික පංකාදුයි.
ReplyDeleteපුළුවන් රාජ්...
Deleteඕකට අපි ගන්නේ බෝර කටු...(ගල් බෝර විඳින්න ගන්නේ..) අඩි හතරේ වගේ බර බෝර කටුවෙන් පලවෙනි දෙවෙනි පුරුක් ගහලා හිල් කරලා ඊ ලගට බෝර කටුව උල් පැත්ත පහලට හිටින්න උණ බටේ ඇතුලට දාලා ඒක පරිස්සමට කෙලින් අතට හිටවගෙන උස්ස උස්ස පොලවේ ගහනකොට පුරුක් ටික කඩාගෙන බෝර කටුව පහලට එනවා... ගල් ඉන්නෙනුත් ඕක කලෑකි..ඒත් පෙත්ත පැත්ත හිර වෙන හින්දා සෑහෙන්න කරදරයි.. ඒත් බෝර කට්ටක් හොයා ගන්න බැරි උනොත් එහෙමත් කලෑකි... ඕක ගම්වල මිනිස්සු කිසිම ගේමක් නැතිව කරන හුට්ටප්පරයක්...
මේක මමත් අහපු කතාවක්. ඒ උනාට මටනං හිතුනෙ මේ වැඩේ කරන්න බැරි වෙන එකක් නෑ කියලයි. පැහැදිලි කිරීම ගැන ස්තූතියි මාරෙ අයියා... :)
Deleteමේ වෙද්දි මුළු බ්ලොගේම කියවල ඉවරයි... අලුත් පෝස්ටුවක් දාමු නේද ඉක්මනට :)
ReplyDeleteවෙලාවක් හම්බඋන ගමන්ම...
Deleteසහතිකේට හරි,නමට හරි, උල්පන්දම් දීලා හරි තනතුරු ගත්ත අයත් එක්ක වැඩකරන කොට; ඇතිවන ප්‍රශ්න වලට විසදුම් දෙන හැටි මතක් උනා ඔය කතා කියවද්දී...
ReplyDelete‘කැකිල්ලේ‘ වර්ගයේ විසඳුම් තමයි ඉතින්.
DeleteOya wage katha daala engineers lawa pahath karanawata wada, engineers, scientists and doctors la me loketa karala thiyena, idiriyata karana sewaya agaya karoth narakada?
ReplyDeleteOwun athin siduwana nirmana saha soyaganeem "una bambuwak hil karanawata wada" dahas warayak idiriyen saha sankeernathwayen wedi bawa obata nothereda?
Obata mewani "kuhaka" blog post ekak dameemata thaakshanika pasu bima sakasa dee aththe owun noweda?
Nathnam obata "kaela paththara" athin liya gas gal wala alawa mewani de lokayata prakasha kiyeemata sidu noweda?
හරි! මම පැහැදිලි කරීමක් කරන්නම්කො...
Deleteමුල් කතා දෙකෙන් මම කියන්න උත්සාහ කරේ සමහර විට එක ක්ෂේත්‍රයක නිපුණයන්ටත් අහුවෙන්නෙ නැති සමහර විසඳුම් ඒ ක්ෂේත්‍රයට ලොකු සම්බන්ධයක් නැති වෙනත් අය ගාව තියෙන්න පුළුවන් කියලයි.
තුන්වෙනි කතාව ඇත්තටම කෙනෙක් කියනව ඇහිච්ච එකක්. (මම ඉංජිනේරුවන්ට ගරහනව කියන නිගමනේට ඔබ එන්න ඇත්තෙ ඒ නිසා) මමනං එතන දැක්කෙ තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ඕනෑවට වඩා ඔළුවට ගත්ත කෙනෙක් විතරයි.
හැබැයි මං මෙතනදි එක වැරැද්දක් කරල තියෙනව කියලනං පිළිගන්නව. ඒ කතා තුනම ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන ලියපු එක.
ඔබගේ නිහතමානි කම ගැන ඉතාම සතුටු වෙනව.
ReplyDeleteමේ ලෝකෙ හැමොටම හැම දක්ශතාවයම තියෙනව කියලයි මම හිතන්නෙ. ඒත් බොහොමයක් අය "විශේෂිකරණය" වෙලා ඉන්නෙ එක "ෆීල්ඩ්" එකකනෙ, එකනෙ engineers ල, doctors ල, teachers ල, business field එකෙ කට්ටිය වෙනමම බෙදිල ඉන්න්නෙ. එහෙම බෙදුනට එයලගෙ තියෙන අනිත් දැනුමයි, සාමන්‍ය බුද්ධියයි නැති වෙන්නෙ නෑනෙ. ඉතින් තමන්ගෙ ෆීල්ඩ් එකේ නොවන සමහර දේවල් වලට නිවැරිදි විසදුම් දෙන්න පුලුවන්. එත් විශේෂ දැනුමක් නැති කෙනෙක්ට කියන්න පුලුවන්ද "microprocessor එකක් design කරන්න", "අලුත් ලෙඩකට බෙහෙත් හොයගන්න", "රටක economy එක develop කරන්න ideas දෙන්න" .... කියල? ඔන්න ඕකයි හුගක් දෙනෙක්ට නොතේරෙන්නෙ කියල තමයි මට හිතෙන්නෙ.
ප.ලි. මට ඔච්චර තද උනේ, මමත් වෙන්ඩ ඉන්ජිනේරුවෙක් හින්ද.
:)
-The same Anonymous @ Mar 29, 2012 12:53 AM-
සහතික ඇත්ත.
Deleteඒ උනාට එක ෆීල්ඩ් එකක ප්‍රශ්ණයකට උත්තර හොයද්දි ඒ ෆීල්ඩ් එකටම විතරක් කොටු වෙලා උත්තර හොයන්න යෑම එක්තරා විධියක හානියක් කියල හිතෙන්නෙ නැද්ද? ‘බෙන්සීන්‘ අණුවෙ හැඩේ නිර්ණය කරන්න උදව් උනේ හීනයක් කියල කියනවනෙ. ඒ වගේ තමන්ව හරි මාර්ගෙට යොමු කරන අදහස් සමහර වෙලාවට එන්නෙ තමන් හිතන්නෙවත් නැති මූලාශ්‍ර වලින්.
හරියට මේ වගේ...
http://www.ted.com/talks/janine_benyus_shares_nature_s_designs.html
ඉතින් මට කියන්න ඕනි උනේ මොකක් හරි ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් උනාම ඒ කෙනා ව්වෘත මනසකුත් ඇති කර ගන්න ඕනි, නැත්නම් ඒ කෙනා ලබපු අධ්‍යාපනේ සම්පූර්ණ නෑ කියල විතරයි. හිත් රිදීමක් උනානම් සමාවෙන්න.
සංයමයෙන් අදහස් ඉදිරිපත් කලාට ස්තූතියි. :)
මිනිස්සු හිටපු ගමන් වෙනස් වෙනවා.ඒ කියන්නේ සහතික තියාගෙන රස්සාවල් ඉල්ලන පිරිසකුත් ඉන්නවා ඒත් වැඩ බැහැ.ගමේ ගොඩේ ඉන්න වයසක මිනිස්සු ලඟක් ඉංජිනේරුවෝ හිතන්නේ නැති තාක්ෂණයක් තියෙනවා.
ReplyDeleteඔව්. ඒ රත්තරං වටින පාරම්පරික දැණුම නැතිවෙලා යන එකනං අපරාදයක්.
Delete