මුලින්ම...
හැමෝටම මේ ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභම සුභ වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
___
මේ පාර ගෙදර ගිය වෙලාවෙ ‘ගී මියැසියක්’ රසවිඳින්න අවස්තාව ලැබුණ. එතෙනදි අහපු මං ආස කරන සින්දුවක් වෙච්ච ටී. එම්. ජයරත්න මහත්තය ගායනය කරන “අම්මා සඳකි...” ගීතය මාව මතක මංපෙත දිගේ අතීත මතකයකට අරගෙන ගියා.
පහුවදාම ගෙදර තිබ්බ සඟරා ගොඩ අවුස්සන්න ගත්තෙ මම හොයන්න හිතාගත්ත දේ හම්බවෙයි කියල වැඩි විශ්වාසයක් ඇතුව නෙවෙයි. ඒත් ඒක කොහේ හරි මුල්ලකට වෙලා තියෙන්නම ඕනි කියල හිත කිව්ව. මට බාදාවකට තිබ්බෙ එකක් පස්සෙ එකක් එන කිබුහුම් පෝලිම තමයි. කොච්චර පොත් පත් කියවන්න ආස උනත් පරණ වෙච්ච පොත් වල තියෙන ‘පොත් දූවිල්ල’ මට ඇලජික්. මුකවාඩම් බැඳගෙන තමයි පරණ පොත් පත් අවුස්සන්න වෙන්නෙ. මම හෙව්වෙ සඟරාවක පළවෙලා තිබ්බ ලිපියක්. හොයලා... හොයලා... අන්තිමට ඒක හොයා ගන්න පුළුවන් උනා. මේ තියෙන්නෙ ඒ ලිපිය.
පියවරුන්ගේ සෙනෙහස මව්වරුන්ගේ සෙනෙහසට නොදෙවනි උනත් මව්වරුන් ගැන ලියවෙන තරම්ම පියවරු ගැන ලියවෙන්නෙනම් නැහැ. මේ මට ඇහැ ගැහුණ නිතරම නොකියවෙන ඒ පිය සෙනෙහස ගැන කියවිච්ච හරිම අපූරු නිර්මාණයක්.
***
උපුටා ගැනීම “සෝදිසි” සඟරාව 2001 අප්‍රේල් මංගල කලාපයෙන්.
දෙවියන් වහන්සේ තාත්තාව නිර්මාණය කිරීම ආරම්භ කළේ උස් වූ සැකිල්ලකිනි.
අසල සිටි දේව දූතියක් දෙවියන් වහන්සේගෙන් මෙසේ විමසුවාය.
“මේ මොන වගේ තාත්තා කෙනෙක්ද? ඔබ වහන්සේ දරුවන්ව හුඟාක් පුංචියට නිර්මාණය කරලා තාත්තව මේ තරම් උස තැනැත්තෙක් කරන්නේ ඇයි? පියාට දණ නොගහ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි වේවි. නොනැමී දරුවන්ව වඩා ගන්න බැරි වේවි. තමන්ගේ දරුවන්ට හාද්දක් දෙන්න උනත් තාත්තාට කොච්චර අමාරු වේවිද?”
සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
“ඔව් ඔය කියන සේරම ඇත්ත. ඒත් මම තාත්තාව කොටට නිර්මාණය කළොත් දරුවො අමාරුවෙන් ඔළුව ඉහලට ඔසවලා බලන්නෙ කා දිහාවද?”
දෙවියන් වහන්සේ තාත්තාගේ දෑත් විශාලව සහ හැඩි දැඩිව නිර්මාණය කලහ.
දේව දූතිය ඒවා ගැන සෑහීමකට පත් නොවූ සේය. ඇය මෙසේ විමසුවාය.
“ඔය විශාල අත් වලින් දරුවෙකුගේ ඇඳුමකට කටුවක් ගහන්නෙ කොහොමද? අඩුම තරමේ පෝනි ටේල් එකකට රබර් පටියක් දාන්නෙ කොහොමද?”
සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පැවසූහ.
“මම දන්නවා නමුත් මේ අත් දරුවට ආරක්ෂාව දෙන්න තරම් ශක්තිමත්. දරුවගෙ පිඟාන ආහාර වලින් පුරවන්න තරම් සවිමත්.”
ඊලඟට දෙවියන් වහන්සේ දිගු සිහින් දෙපා සහ පුළුල් උරහිස් නිර්මාණය කළහ.
“කෝ එතකොට තාත්තාට දරුවො නළවන්න උකුළක්?”
දේව දූතිය විමසුවාය.
“අම්මට පුළුල් උකුළක් තියනවා හැබැයි පුළුල් උරහිසක් නැහැ. තාත්තට පුළුල් උකුළක් නැතත් පුළුල් සවිමත් උරහිසක් තියනවා. පුංචි පුතාට බයිසිකල් පදින්න පුරුදු කරවන්න තාත්තට මේ උරහිස් ප්‍රයෝජනවත් වේවි. දරුවාව උරහිස් උඩ වාඩි කරවගෙන යන්න වගේම චිත්‍රපටියක් බලල ආපසු එද්දි දරුවාව නිදි කරවගෙන එන්නත් ඒ උරහිස් ප්‍රයෝජනවත් වේවි.”
දෙවියන් වහන්සේ තාත්තාගේ විශාල දෙපතුල් නිර්මාණය කරමින් සිටියහ. දේව දූතියට මෙය ඉවසිය හැක්කක් නොවීය.
“ඒක හරි නැහැ. ඔච්චර විශාල පතුල් වලින් ඇවිදින කොට අඩි සද්දෙන් උදේ පාන්දර දරුවෝ අවදි වෙලා අඬන එකක් නෑ කියලා හිතනවද? පුංචි දරුවෙකුගෙ උපන්දින උත්සවයකදි දරුවන්ගෙ කකුල් නොපාග එහෙ මෙහෙ ඇවිදින්න තාත්තට පුළුවන් වේවි කියල හිතනවද?.”
“අසුබවාදීව හිතන්න එපා. දරුවෙක් අසනීප උනාම ඉක්මනට එයාව දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න, දරුවට ඇවිදින්න දුවන්න පුරුදු කරවන්න තාත්තට මේ විශාල දෙපතුල් හුඟක් ප්‍රයෝජනවත් වේවි.”
දෙවියන් වහන්සේ මුළු රාත්‍රිය පුරාම සිය නිර්මාණය කරගෙන ගියහ. එතුමා තාත්තාගේ මුවට ගැඹුරු හඬකුත් සීමිත වචන කිහිපයකුත් එක් කළහ. නිහඬ බව මෙන්ම සියල්ල විනිවිද දකිනා දෑසකුත් තාත්තාට ලබා දුන්හ. දෙවියන් වහන්සේ ඉතාමත්ම කලාතුරකින් වැටෙනා කඳුලක් තාත්තාගේ දෑසට එක් කළහ. ඉන්පසු එතුමා දේවදූතිය දෙස හැරුණාහ.
“අම්මට වගේම තාත්තටත් තමන්ගෙ දරුවන්ට හුඟාක් ආදරේ කරන්න බැරි වේවි කියල දැන් ඔබ හිතනවද?”
දේව දූතිය කිසිත් නොකියා නිහඬවම උන්නාය.
_____
පින්තූරය
බොහොම සංවේදී මෙන්ම ලස්සන ලිපියක්...ඇත්තටම අගෙයි
ReplyDeleteඇත්තටම ඒ ප්‍රශංසාව යන්න ඕනි මේක ලියපු කෙනාට. මම කලේ උපුටාගැනීමක් විතරයි...
Deleteඅපූරු ලිපියක්........
ReplyDeleteස්තූතියි...
Deleteඅනේ හරිම ලස්සනයි. මගේ තාත්තාට මම පන වගේ ආදරෙයි
ReplyDeleteස්තූතියි වර්ණා...
Deleteමේක කියවද්දී මම තාත්ත පොඩි කාලේ දැකපු විදිය ආයෙත් දැක්කා.. තාත්තගේ අල්ල මගේ අත්දෙකම විතර ඇති.තාත්තගේ උරහිසට නගින්න පුටුවක් තියල බෑ මේසයක් තියන්න ඕනේ.මට මතක වුනා ඒ පොඩි කාලේ.
ReplyDeleteමාත් මේ ලිපියට කැමති ඒ නිසාමයි. මටත් මගේ අප්පච්චි වීරයෙක් වගේම මගේ ජීවිතේට හෙවණ දෙන මහා ගහක්.
Delete