මේ මං අහපු කතාවක්...
ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලු. ගිහිං තියෙන්නෙ ගමකට. ගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයි, මූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.
ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිං. සාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙ. ඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්. මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.
මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...
“ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”
“ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”
එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.
“එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”
“උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”
“දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”
“ඔව්...”
“හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”
එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.
මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.
“මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාල, ඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝල, අර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”
***
මේ මං අහපු තවත් කතාවක්...
උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලු. එක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලු. ඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...
“සර්, මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”
කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.
උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.
***
මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...
“තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි - නේ - රු - වෙ - ක්’... ”
***
මේ මම හිතාගෙන ඉන්න විදිහ...
දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයි. හරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.
සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.
තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයි. නිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.
_____
පින්තූරය
_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg