Pages

Tuesday 3 July 2012

බැංකුව සහ හොරු

හරිනං මේක ලියන්න තිබ්බෙ සතියකට විතර උඩදි. ඒත් ගිය මාසෙම වැඩ කන්දරාවකට යට වෙලා හිටිය නිසා පෝස්ට් එකක් දාන්න තරං විවේකයක් හොයා ගන්න බැරි උනා.

මේක මට කියවන්න හම්බඋනේ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ ‘අනාගත අශ්චර්යයන්’ කියන පොතේ තිබිල.

කොහොම උනත් කතාව මේකයි.

අපි ලෝකෙ දකින්නෙ ‘දිග’, ‘පළල’, ‘උස’ කියන ත්‍රිමාණ රාමුවෙ ඉඳල. වෙනත් විදිහකින් කිව්වොත් අපිට ගෝචර ලෝකෙ ත්‍රිමාණයි. දැන් හිතල බලන්න ද්විමාන ලෝකයක් ගැන. ඒ කියන්නෙ ‘දිග’, ‘පළල’ කියන මාන දෙක විතරක් තියෙන සම්පූර්ණයෙන්ම පැතලි ලෝකයක්. ඒ ලෝකෙ තියෙන හැම දේම බිත්තියකට වැටිච්ච හෙවනැල්ලක් වගේ පැතලියි. ත්‍රිමාණෙ ඉන්න ජීවියෙක්ට සිව්වන මානෙ කියන්නෙ මොකක්ද කියල අදහසක් නෑ වගේ මේ ‘පැතලි’ ලෝකෙ ඉන්න ජීවයෙක්ටත් ‘ගැඹුර’ කියන සංකල්පෙ එහෙමත් නැත්නම් තුන්වෙනි මානෙ ගැන අදහසක් නෑ.

ඉතින් මේ පැතලි ලෝකෙ ‘පැතලි’ ගෘහ නිර්මාණ ශිල්පියො ටිකක් එකතු වෙලා ලොකු ව්‍යාපෘතියක් පටන් ගන්නව. ඒ තමයි තමන්ගෙ සල්ලි අරක්ෂා කරල තියාගන්න බැංකුවක් හදන එක. මේ අය තමන්ට තියෙන තාක්ෂණේ උපරිමේට පාවිච්චි කරල කාටවත් කඩාගෙන ඇතුල්වෙන්න බැරි විදිහට බැංකුව හදල සල්ලි තැම්පත් කරනව.

එහෙම බැංකුවක් දිහා ත්‍රිමාණය ගෝචර අපි වගේ කෙනෙක් බැළුවොත් කොහොම පෙනේවි කියල හිතන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ඒක මේ වගේ පෙනේවි.



දැං අපි හිතමුකො අපි කවුරුහරි ඔය මැද තියෙන සල්ලි ටික ගත්තයි කියල... එතකොට මොකද වෙන්නෙ?

පළවෙනි දේ තමයි ඒ අහිංසකයො ටික දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඒ අයට නැති වෙනඑක...

ඊලඟට වෙන දේ තමයි සල්ලි නැතිවෙච්ච විදිහ ගැන හොයන්න ගියාම ඒ කට්ටිය දිරෝගන්න බැරි ප්‍රශ්ණෙකට මැදිවෙන එක.

බැංකුවෙ දොරවල් කඩල නෑ. බිත්ති කඩලත් නෑ. ඒ උනාට සල්ලි අතුරුදහන් වෙලා. පොලිසියනං අනිවාර්යයෙන් අඥ්ඥකොරොස් වෙනවමයි.

බැරිම තැන විද්‍යාඥයෙක්ට ප්‍රශ්නෙ බාරදුන්නයි කියමු. එයා තර්කයක් ගොඩනගල අන්තිමේදි කිව්වොත් තුන්වෙනි මානය හරහා කෙනෙක් ඇවිල්ල හොරකම කරා කියල ද්විමාන වැසියො කීයෙන් කී දෙනෙක් ඒක විශ්වාස කරයිද?

කවුරු විශ්වාස කරත් නොකරත් අන්තිමේදි වෙලා තියෙන්නෙත් ඒ දේම නේද?

18 comments:

  1. අපිට නොපෙනුනට සිව්වෙනි මානයකුත් තියනවද දන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. සිව්වෙනි මානෙ විදිහට ගොඩක් අය සලකන්නෙ 'කාලය'. ඊට අමතරව තවත් මාන තියෙනව කියල තමයි විද්‍යාඥයො කියන්නෙ.

      Delete
  2. කතාව නම් මරු...ඉට්කක් තේරුම් ගන්න අමාරුයි..
    සිව්මානය4D)කියලා එකකුත් තියනවා නේද??

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එක බලන්නකො. හොඳ පැහැදිලි කිරීමක් ඒකෙ තියෙනව.
      ...
      TED : Brian Greene on String Theory

      Delete
  3. :) හ්ම්ම්..

    ReplyDelete
  4. අන්න නියම උදාහරණයක්.. අපි හැමදේම දකින්නේ කරන්නේ කියන්නේ සාපේක්ෂව. නමුත් නිරපේක්ෂ යථාර්තය වෙනස්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අපි ලෝකෙ නිර්වචනය කරන්නෙ අපි අහන, දකින අපිට දැනෙන දේවල් වලට අනුකූලව. අපිට ගෝචර නොවෙන ගොඩක් දේවලුත් ලෝකෙ තියෙනව.

      Delete
  5. වඩා විශාල ජීවීන් වෙච්චි අපට සාපේක්ෂව ඉතා කුඩා සතුන් ද්විමාන ලෙස ගන්න පුළුවන්. ඇයි අපට මේ බැංකුව දිහා බලනවා වගේ උන්වත් උඩින් බලන්න පුළුවන්. ඒත් උන්ගේ ලෝකෙත් ත්‍රිමාණයි. සාපේක්ෂව අපිට වඩා සියදහස් ගුණයක් ලොකු සතෙක් හිටියොත් ඌට අපිව ද්විමාණව පෙන්න ඕනේ. එතකොට ඒ සතා ඉන්නේ සිව් වෙනි මානයේද ?

    ReplyDelete
    Replies
    1. ඒ සතා ඉන්නෙත් ත්‍රිමාණයේමයි. මං මේ කියන දේ හරියටම හරි නොයන්න පුළුවං. ඒත් මට හිතෙන විදිහට සිව් මානීය ජීවියෙක් කියන්නෙ දිග, පළල, උස කියන මාන තුන ඇරුණම සිව්වෙනි මානයක හැසිරෙන්න පුළුවං ජීවියෙක්ට.

      Delete
  6. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි. ගැඹුරින් කල්පනා කරන්න ඕනේ .

    ReplyDelete
  7. නියමයි.....නියමෙට නියමයි....
    හොද උදාහරණයක්.... මට නම් ගොඩක් වැදගත් වෙනවා...
    මාන ගැන සැලකීමේදී විශාලත්වය දුර්වල සංරචකයක්... ඊට වඩා ඒවා තියනවා...
    පොඩ්ඩක් හිතන්න...
    අපිට ද්විමානය අවබෝධ කරන්න බෑ... සිවු මානය හෝ ඊට වඩා වැඩි ඒවා අවබොධ කරන්න අපහසුයි..
    යම් ආකෘති ඔස්සේ නිගමනය කිරීම පමණක් කල හැකී.
    මා ඇතුලුව බොහෝ මනුෂනයන්ගේ අවබෝධය සීමිතයි..

    ReplyDelete
    Replies
    1. අපේ මනස හැඩගැහිල තියෙන්නෙ ත්‍රිමාණ රාමුව ඇතුලෙ හිතන්න. ඒක නිසා අපි අවුලට පත්වෙන එක ස්වභාවිකයි. ලෝකය කියන්නෙ අචින්ත්‍ය විෂයක්. අපේම යහපතට ඒක ගැන හොයන එක නැවැත්විය යුතු තැනක් තියෙනව.

      Delete
  8. අපිට නොතේරෙන දේ නොපවතින බව විශ්වාස කරන්න කැමති අයට ඇනපු ටොක්කක්ද මන්දා!! :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෙවෙයි. ඒත් මං පිළිගන්න දෙයක් තමයි සත්‍ය ප්‍රබන්ධයට වඩා විශ්මයජනක වෙන්න පුළුවන් කියන එක. :)

      Delete
  9. ඔය අතරේ සමහරු ඉන්නවා තුන්වෙනි මානය අමතක කරලා ජීවත් වෙන.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ජීවිතේ ගැඹුර දකින්නෙ නැති මිනිස්සුත් ඉන්නවනේන්නං...

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...