සීත කාමරෙ
සැපැති පුටුවක
කැරකි කැරකී
බලයි පත්තර
පුවත් ගොණුකොට
'ඇනලයිස්' කොට
රට හදන හැටි
කියයි අනුනට
රාජකාරිය
නොසැලකූ කල
ෆයිල් කන්දත්
වැඩෙයි ඉහලට
දික් ගැසී ගිය
පෝළිමක සිට
හූල්ලා යයි
පඩි ගෙවන දන
වැදගත්:
මේ කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. කිරි බාල්දියට වැටුන ගොම වගේ කට්ටිය වගේම කළු ගල් ගොඩවල් අස්සෙ හැංගිච්ච මැණික් වගේ කට්ටියත් ඉන්නව.
_______
පින්තූරය
කතාව සහතික ඇත්ත. රාජ්‍ය සේවය නේද?
ReplyDeleteඔව්. :)
Deleteඅපි අපේ රජයට වත් ලෝකෙ කිසිම රජයකට වත් සේවය නොකරමු..අපි හොඳටම මහන්සිවෙලා වැඩ කරනව..එයාල අපිට හොඳටම ගෙවනව.....(ප්‍රයිවට් කොම්පැණි.):D:D:D
ReplyDeleteලංකාවෙ තත්වෙ ටිකක් වෙනස්. ගොඩ දෙනෙක්ට මහන්සියට ගැලපෙන පඩියක් ලැබෙන්නෙ නෑ. ඊට වැඩිය නරක දේ තමයි ගොඩ දෙනෙකුට රැකියා තෘප්තිය (Job Satisfaction) නැතිකම. රජයේ, පෞද්ගලික අංශයේ කියල වෙනසක් නෑ.
Deleteහ්ම්ම් හ්ම්ම්..
ReplyDelete:D
Deleteරා. සේ. පි.
ReplyDelete:D
රජයේ කාර්යාලවල මහන්සි වෙලා වැඩ කරන අය නැතුව නෙවෙයි. ඒ උනාට එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමෝගෙම සායම හේදෙනව.
Deleteඅපොයි ඔය කතාව සෑහෙන්න හරි !!!
ReplyDeleteඔය වගේ අයත් ඉන්නවා නේන්නම්... :)
ඒ වගේ අය දෙන ටෝක් කොහොමද?
Deleteවැඩිහරියක් ගොම බිංදු...!!!
ReplyDeleteඅවාසනාවට වගේ ඔව්...
Deleteඔහොම උන් නිසා තමයි අපි මෙච්චර දුක් විඳින්නෙ. ඕකුං හරියට රාජකාරි කරන්න යන උන්ට කියන්නෙ 'දෙන්න යනවා' නැත්නම් 'අල්ලන්න යනවා' කියලා.
ReplyDeletehenryblogwalker the Dude
ඇත්ත. එහෙම රාජකාරි කරන්න ගිහිං පොඩි හරි අතපසුවීමක් උනාම ඒ අය කියනව 'ඉල්ලංනෙ කෑවෙ...' කියල.
Delete