Pages

Saturday 28 April 2012

ධනාත්මක සහ !ධනාත්මක




සිනා මැකිලා ගොසින් ඇත දෙනෙත් බොවෙලා
නෙක පාට පිරුණු ලොව කළු සුදට පෙරලිලා
ජීවිතේ මහ බරකි... නැත සැපක් ගෑවිලා
හිත මත්තෙ තිබු සතුට කොහේදෝ සැවිලා

...

නෙත් අගින් ගලා ගිය කඳුළු වැල් වියළිලා
කළු සුදින් තිබුණු ලොව නෙක වර්ණ ගැන්විලා
සුන්දරයි ජීවිතේ... නැත දුකක් ගෑවිලා
අරුමයකි මුළු සිතම සතුටකින් නැහැවිලා


ප. ලි.
මෘදුකාංග ක්‍රමලේඛණ ශිල්පයේදී නම් !true = false වේ.

ප. ප. ලි.
මේක හෙන පිස්සු අදහසක්ද මංදා. ඒත් ඔන්න ඔහෙ ලියල දැම්ම.

_____
පින්තූරය

6 comments:

  1. සතුටකින් නැහැවිලා නම් කමක් නෑ........

    ReplyDelete
  2. if (!isIsInLove())
    {
    readSecond;
    }
    else if (!inLove())
    {
    readSecond();
    }
    else
    {
    මුවග රැදෙයි සිනා වැලක් දත් තිස් දෙකම පෙන්නලා
    පාට ගේන්නට ජිවිතයට දේදුන්නත් මදි වෙලා
    නිදහස්ය ජීවිතේ...සතුට ඇත ලං වෙලා
    අරුමයක් නොමැත තනිකමේ නිදහසේ පාවෙලා
    }

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ආදරේ ගැනම හිතල ලියපු එකක් නෙවෙයි. ජීවිතේ ගැනයි ලිව්වෙ. උඩ කවිය (-) යට කවිය (+)

      කොමෙන්ට් එකේ කවිය මරු. තෑන්ක්ස්!

      Delete
  3. Replies
    1. මෙහෙම බලන්නකො... උඩ කවියෙ නෙගටිව් එක තමයි යට කවිය. අනිත් අතට යට කවියෙ නෙගටිව් එක තමයි උඩ කවිය. :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...