Pages

Sunday 11 March 2012

නටඹුන්...




අද නිවාඩු දවසෙ මං ඔය අරව මේව කුරුටු ගාපු පොතක් උඩින් පල්ලෙන් පෙරලල බලද්දි දැනට ටික කාලෙකට කලින් තිබ්බ සටහනක් ඇහැ ගැහුන. එතන ඉන් පොත ඉස්සරහට පෙරලගෙන යද්දි මුල් සටහනට නෑකම් කියන සටහන් එකින් එක මතුවෙන්න ගත්ත නිසා ඒ ඔක්කොම එක තැනකට අරගෙන ලිපියක් ලියන්න හිතුන.

මේ ඒ සටහන් දාමයේ මුල් පුරුක.


ඇස් පියන් යට
ලැගුම් ගෙන ඔබ
දෙගොඩ හරියේ
නින්ද නෑ මට


“හිත ගිය තැන මාළිගාව කියල කතාවක් තියෙනවනෙ. එහෙම හිත ගිය තැන් වල අපි හදන්නෙ අහස් මාළිගා. ඒව ඉතින් කඩා වැටෙනව. එතකොට හිතේ අමාරුව යන්නත් එක්ක කුරුටු ගාපු සටහනක් තමයි මේ.


මිරිඟුවක් පස්සේ
දිව්වා නේද රිසිසේ
නැත වැස්ස වැස්සේ
රැවටුනා උඹ මෝඩයෙක් සේ


කඩා වැටිච්ච අහස් මාළිගාවක නටඹුන් අතරෙ අතරමං වෙලා මනෝ ගහගෙන ඉන්න ඕන්නෑනෙ. ඒ නිසා හිත ‘රිකවරි මෝඩ් එකට දාල හිත හැදෙන්නත් එක්ක මෙහෙම ලිව්ව.


පළඟැටියෝ නුඹ නාඩන්
ඉටිපන්දම නිවිල ඉතින්
අළු වීලා යන්න සොඳින්
වෙන දැල්ලක් සොයා ගනින්


ඔය ටික කරල දෙයියනේ කියල වැඩක් බලාගෙන ඉන්නකොට සමහර වෙලාවල් එනව තමං ගැනම හිතන්න ගිහිං හරි අනිත් අයගෙ උපදෙස් අහගන්න ගිහින් හරි සමස්ත ලෝක ප්‍රජාවත් එක්කම මල පනින. එතකොටනං ලියවෙන්නෙ  මෙන්න මෙහෙම.


අනේ බොල අනංගයෝ
උඹත් කසාදයක් කරගං
වයිපරයක් නෑ කිව්වහම
ලැජ්ජයිනෙ බං...


_____
පින්තූරය
http://www.ifimages.com/photos/O62uVlzGNFhfnDbEfI0oBaKr8/author-602/Ruined-castle-remains-Corfe-Castle.jpg


6 comments:

  1. පට්ට කුරැටු ටික
    මේක සුපිරි
    පළඟැටියෝ නුඹ නාඩන්
    ඉටිපන්දම නිවිල ඉතින්
    අළු වීලා යන්න සොඳින්
    වෙන දැල්ලක් සොයා ගනින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා. දන්නැද්ද ඉතින්... හිතේ දුකට ලියවෙන ඒවනෙ... :)

      Delete
  2. ''.....ඔය ටික කරල දෙයියනේ කියල වැඩක් බලාගෙන ඉන්නකොට සමහර වෙලාවල් එනව තමං ගැනම හිතන්න ගිහිං හරි අනිත් අයගෙ උපදෙස් අහගන්න ගිහින් හරි සමස්ත ලෝක ප්‍රජාවත් එක්කම මල පනින. එතකොටනං ලියවෙන්නෙ මෙන්න මෙහෙම....''

    ඔන්න ඔය ටිකට තමා මම නම් ආසම......අනුන්ගේ උපදෙස් ගන්න ගිහින් මාත් අමාරුවේ වැටුනෙ...

    ReplyDelete
    Replies
    1. මම පොතක කියවල තියෙනව උපදෙස් කියන්නෙ ගම්මිරිස් වගේ ජාතියක් කියල. ගානටනං හොඳයි. ඒත් වැඩි උනාම හායි හූයි ගගා තමයි ඉන්න වෙන්නෙ.
      ...
      ඒ ගැන ඔයාගෙ බ්ලොග් එකෙන් කියෝගෙන යනව. දිගටම ලියන්න. ජය!

      Delete
  3. මරු කවි ටික :)

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...