“කල්ප, ඊයෙ හවස ආපු ‘ඔෆිස් ටේබල්’ වගයක් පහල
බාල ගිහිං. මෙන්න ෆයිල් එක. සිකුරිටි එකෙන් ඒ ටික අරගෙන ගබඩාවට දාල දාන්න
පුළුවන්ද?”
එහෙම කියල විජේසිංහ මහත්තය උදේම මට වැඩක් පැවරුව.
“උදව්වට ආරච්චිවයි, සිරීවයි එක්ක යන්න...”
“හරි මහත්තයෝ...” කියල කාර්ය සහයක
ඩබලත් එක්කරගෙන මමත් වැඩේට පිටත් උනා.
ලිපි ලේඛන වැඩ වලට මහ වෙලාවක්
ගියේ නෑ. පරීක්ෂා කිරීම් කීපයකිනුයි, අත්සන් කීපයකිනුයි ඒ වැඩටික ඉවරයි. ඊලඟ
රාජකාරිය තමයි මේස ටික ගබඩාවට ගිහින් දාන එක. ගබඩාව තියෙන්නෙ පළවෙනි තට්ටුවේ. එතනට
මොනා හරි ගෙනියන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් පඩිපෙළ දිගේ ගෙනියන එක. අනික ලිෆ්ට්
එකේ උඩට අරන් යන එක. මේස හයක් ගැන කතා කරද්දිනං එකම විකල්පය තමයි ලිෆ්ට් එක.
ඔන්න ඔය ලිෆ්ට් එක මං හිතන විදියට
එක්දාස් නමසිය බර ගණන් වල නෙමෙයි ඊටත් ඉස්සෙල්ල ඔතන හයි කරපු එකක්. අර දැල් දොරවල්
තියෙන, උඩ පහළ යද්දි එළිය පේන විදියෙ එකක්. මේ ජාතියෙ ලිෆ්ට් දැන් තියෙන අළුත් ඒව
වගේ තනියෙන් ක්‍රියා කරවන්න පුළුවන් ස්වයංක්‍රීය ඒව නෙවෙයි. මේකට වෙනම ලිෆ්ට්
ඔපරේටර් කෙනෙක් ඕනි. ඉතින් එදා ලිෆ්ට් ඔපරේටර් වැඩේ බාරවෙලා තිබ්බෙ අපේ කන්තෝරුවෙ
‘මාළුවට’.
මනුස්සයගෙ ඇත්ත නම මම දන්නෙ නැහැ.
කන්තෝරුවෙ හැමෝම වගෙ මනුස්සයට කියන්නෙ ‘මාළුව’ කියල. මාළුව ගැන කරන්න පුළුවන් හොඳම
පැහැදිලි කිරීම අනෙත් අයට කරන උදව්වක් විදියට මාළුවගෙම ලොකර් එකේ පිටපැත්තෙ වෙන
කවුදෝ හුණු කෑල්ලකින් ලියල ගිහින් තියෙනව.
“මාළුව හොරා!”
හතරැස් මූණකුයි, බුරුසු උඩු
රැවුලකුයි, ලා දුඹුරු පාට කෛරාටික ඇස් දෙකකුයි තියෙන මාළුව කන්තෝරුවෙ ඉන්න ජල්තර්
කාරයො අතරත් හොඳම වර්ගෙ ජල්තර් කාරයෙක්. මනුස්සයගෙ රෙකෝඩ් එකේ ඔය පොඩි පොඩි හොරකං
ඇරුණම බේගල් ඇදබාල මඟුල් ජෝඩු කරල දෙපාර්ශවේම සල්ලි වලට විදීම වගේ සීරියස් කේසුත්
තියෙනව. ඉතින් මාළුව ගැන දන්න හැමෝම පොරව ආශ්‍රය කරන්නෙ පරිස්සමට වගේම අතේ දුරින්.
“මොනාද මහත්තයෝ කරන්ඩ තියෙන්නෙ?”
ඇෙඟ් මුළු බරම දාල ලිෆ්ට් එකේ
දොර අයිනටම තල්ලු කරන ගමං මාළුවා ඇහැව්ව.
“මේ මේස ටික උඩ තට්ටුවට දා ගන්න
ඕනි.”
“හැබැයි මහත්තයෝ ගෙනියන්ඩ වෙන්නෙ
එක මේසෙ ගානෙ තමයි.”
“හරි... කමන්නෑ...”
දැං ඉතිං ආරච්චියි, සිරියි මේස එක
එක පටවගෙන ගිහිං උඩ තට්ටුවෙන් බාල එනව. එතකං මං පහල තට්ටුවට වෙලා ඉතිරි මේස ටික
මුර කරනව. මේ විදියට කිසි අවුලක් නැතුව ලිෆ්ට් එක තුන් පාරක් උඩ පහල ගියා. හතරවෙනි
මේසෙ උඩ තට්ටුවෙන් බාල පහලට ආපු වෙලාවෙ තමයි මාළුව වැඩේ පත්තු කරේ.
“මහත්තයො... දැං තේ බොන වෙලාවනෙ.
මං ගිහිං තේකක් බීල එන්නං.”
“හරි ඉතිං... මේ මේස දෙකත් උඩට
දාල යං. ඕන්නං තව විනාඩි පහක් යයි.”
බුලත් කාල කහට ගැහිච්ච දත් ඇන්ද
පේන්ඩ කින්ඩි හිනාවක් දාල හෙමීට ලිෆ්ට් එකේ දොර වහපු මාළුව ඉබ්බ තද කරන ගමන් මෙහෙම
කියපි.
“එහෙම බෑනෙ මහත්තයෝ... තේ වෙලාවෙ
මාත් තේ බොන්ඩ එපැයි. ඔන්න මහත්තය මට රුපියල් සීයක් විතර දෙනවනං මං ඉඳල අනෙක් මේස
දෙකත් උඩට දාල දීලම යන්නං.”
මාළුව වටෙං ගොඩිං ආවෙ ඕන්න
ඔතෙන්ට. මිනිහ දැනං හිටිය ආයෙ කීයට හරි මිනිහම ඇවිත් මේස දෙක උඩට දාල දෙනකං මට
මෙතනටම වෙලා ඉන්න වෙන විත්තිය.
“එහෙනං එහෙමයි... නේ?” කියල මං
මටම කියා ගත්ත. රුපියල් සීයක් දීල මං මෙතන වැඳ වැටෙයි කියල හිතෙනවනං මනුස්සයට
වැරදිල. ඇයි යකෝ! මුං මෙතන වැඩ කරන අපෙනුත් ගාන කඩා ගන්නවනං පිටිං වැඩක් කරගන්න එන
අයට මොනා නොකරයිද?
“නෑ... නෑ... ගිහිං තේකක් බීල
එන්ඩ... අපි ඉන්නං...” හිතේ ඇතිවෙච්චි තරහත් එක්කම මං කියල දැම්ම.
මාළුවත් නිකං අමුතු බැල්මක් දාල
කැන්ටිම දිහාවට යන්න ගියා.
“ඕකා තව පැයකටවත් එන්නෙ නෑ... ඕං
බලන්ඩ බොරුනං...” මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය ආරච්චි කිව්ව.
“බලමුකො...”
දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නැති
නිසා අපිත් බලං ඉන්නව.
විනාඩි දහයක් ගියා...
මාළුව නෑ... තවම තේ බොනව ඇති.
විනාඩි විස්සක් ගියා...
ම්හු... තවම නෑ... දැං බුලත්
විටකුත් කාල එන්ඩ වෙලාව.
පැය බාගයක් ගියා...
මේකා... තාම නෑ! දැන්නං මට ඌරු
ජුවල්.
ඒ අතරෙ ආරච්චියි, සිරීයිත් කංකෙඳිරි
ගානව “රස්තියාදුව” කියල. මොකද කරන්නෙ කියල මං කල්පනා කරනව. කරන්ඩ මුකුත් එකපාරටම මීටරේට
වැටෙන්නෙත් නෑ. අන්තිමට ආරච්චිටයි, සිරීටයි “පොඩ්ඩක් ඔහොමම ඉන්ඩ... මං විනාඩියෙං
එන්නං...” කියපු මම විජේසිංහ මහත්තයව හොයාගෙන එන්න පිටත් උනා.
මට වැඩි දුරක් යන්න ඕනෙ උනේ නෑ.
පඩිපේළිය මැදදි විජේසිංහ මහත්තයව මුණගැහුන. විජේසිංහ මහත්තයත් මං මොකක්ද කරගෙන
තියෙන්නෙ බලන්ඩ පහලට එන ගමං. මෙච්චර වෙලා යද්දි විජේසිංහ මහත්තයට හිතෙන්ඩ ඇති මං
වැඩේ අල කරගෙනවත්ද කියල.
“මොකද කල්ප උනේ?”
මං ඉතිං විස්තරේ එහෙමපිටින්ම කියල
දැම්ම.
“හාඃ යංකො...” කියපු විජේසිංහ
මහත්තය මාවත් එක්කගෙනම ගියා ‘එච්. ඕ.’ ව හම්බ වෙන්න. ‘එච්. ඕ.’ එහෙමත් නැත්තං ‘ප්‍රධාන
ඕවසියර්’ තමයි මාළුව වගේ කන්තෝරුවෙ සුළු සේවකයන්ගෙ වැඩ ගැන වගකීම දරන්නෙ. ඒ නිසා කන්තෝරුවෙ
සුළු සේවකයො කාට නැතත් එච්. ඕ. ට බයයි. ඇයි එච්. ඕ. ට කේස් එකක් දැම්මොත් ආයෙ ඕ. ටී.
(අතිකාල දීමනා) අරගෙන හමාරනෙ.
“රත්නායක, මේ වැඩේ මෙහෙම කරන්න
බෑනෙ. අතන මේස ටික උඩට ගේන වැඩේ බාගෙට දාල ලිෆ්ට් එකේ වැඩකරන මනුස්සය තේ බොන්ඩ
ගිහිං... දැං බලන්ඩ වෙලාව කීයද කියල? අපි මෙහෙ රස්තියාදු වෙනව. ඒ මදිවට වැඩේට මේ
මහත්තයගෙං සල්ලිත් ඉල්ලල.” විජේසිංහ මහත්තය මාව පෙන්නන ගමං එච්. ඕ. ට කියද්දි මං
කරේ ඔළුව වනල ඒක අනුමත කරපු එකයි. කියන්න ඕනි වෙච්චි අනිත් හැමදේම විජේසිංහ මහත්තය
කියපු ටිකේ තිබ්බ.
“මහත්තයල යංකො ලිෆ්ට් එක ගාවට”
එච්. ඕ. ත් මූණට බැරෑරුම් පෙනුමක් අරගෙන කිව්ව.
විනාඩි පහකට විතර පස්සෙ මෙන්න
මාළුව එනව, එච්. ඕ. පිටිපස්සෙං, නිකං හොර පූස වගේ. විජේසිංහ මහත්තයත් එතන ඉන්නව
දැක්කමනං මාළුවට හිතෙන්න ඇති වැඩේ ‘දෙල්’ තමයි කියල. මොකද අපි වගේ නවකයින්ට දාන
සෙල්ලං විජේසිංහ මහත්තයල වගේ කන්තෝරු රස්සාවෙන් පදං වෙච්චි අයට දැම්මොත් ඉතිං ඉවරයි
තමයි. කොහොම උනත් විජේසිංහ මහත්තයට ඒ වෙලාවෙ වැඩේ දුරදිග ගෙනියන්න අදහසක් තිබ්බෙ
නෑ.
“... ඉස්සෙල්ල රාජකාරිය කරල
ඉන්නව. විනාඩි දහයක් එහා මෙහා උනා කියල කැන්ටිමේ තේ නැති වෙන්නෙ නෑනෙ...”
එච්. ඕ. ගෙ දෝස් මුරේ (බයානක ඕ.
ටී. නවත්තන කතාවකුත් එක්ක) අහගන්න ගමන්ම මාළුව ඉතිරි මේස දෙකත් උඩ තට්ටුවට ගෙනත්
දැම්ම.
පස්සෙ හෙමීට මාළුව මගෙං අහනව...
“මං මහත්තයගෙං රුපියල් සීයක්
ඉල්ලුවෙ විහිළුවටනෙ. ඇයි ඉතිං ඒක එච්. ඕ. ට කිව්වෙ?”
“ආඃ තමුසෙ මුකුත් නොදන්න තොත්ත
බබා...” කියල කියන්න හිතුනත් අන්තිම මොහොතෙදි මම ඒ අදහස වෙනස් කරල,
“කලිං කියන්න එපැයි... කවුද දන්නෙ
විහිළුවක් කියල... මං හිතුව ඇත්තටම කිව්වෙ කියල...” කිව්ව.
මාළුවට වගේම මටත් ඔය මුකුත් නොතේරෙන
බබා පාට් එක රඟපාන්න බැරි කමක් නෑනෙ.
_____
පින්තූර
http://images.clipartof.com/small/437796-Black-And-White-Outline-Design-Of-A-Tempted-Fish-Staring-At-A-Hook Poster-Art-Print.jpg
නිකම්ම මාළුවෙක් නෙවෙයි මට හිතෙන්නේ මිනිහා ආඳෙක් වගේ ..
ReplyDeleteඅපරාදේ ඔයාට තනියම ඔය ලිෆ්ට් එක උඩට ගෙනියන්න තිබුණා නෙව .
හප්පේ මේ වගෙ එකෙක් හිටියා අපේ ඉස්පිරිතාලේ ගේට්‍ටුවේ..ඒකාලේ රුලියල් 10 දුන්නම ඕනේ වෙලාවක වාට්‍ටුවට යන්න පුළුවං...නැත්තං මූ යන්න දෙන්නේ නෑ අවේලාවේ...මාට්ටූ උනොත් මූම කියනවා අමාරු ලෙඩෙක්ට බේතක් දෙන්න යැව්වේ කියලා..මළුවගේ අයියා වෙන්ටෑ....
ReplyDelete@හිස් අහස
ReplyDeleteකොහෙද... මේ යෝදය ලිෆ්ට් එකේ දොර ලොක් කරලනෙ ගියෙ.
___
@ඔබ නොදුටු ලොවක්.....
මාට්ටු උනාම කියන කතානං... ඒව ගැන වෙනම ලියන්න කතා තියෙනව. අර කිතුල් ගහට නැග්ග කෙනාටත් කියන්න කතාවක් තිබ්බ කියනවනෙ.
ඔය මිනිස්සුන්ව හදන්න බෑ බං! ඔය මිනිස්සුත් එක්ක තකට තක ඉන්න ඕන!නැත්නම් කරේ නගින්නේ ගෝනි නැතුව!
ReplyDelete@Sabith
ReplyDeleteඔව්. මිනිස්සුංව පරිස්සමට ආශ්‍රය කරන්න ඕනි කියල මම තේරුං ගත්තෙ මෙහෙම දේවල් නිසා තමයි. අතේ දුරිං තියාගන්නයි, ඕනෑවට වඩා බුරුලක් නොපනන්නා ඉන්නයි පුළුවනන්නම් මේ වගේ අය එක්ක වැඩ කරන්න පුළුවන්. නැත්නම් ඉතින් අර කිව්ව වගේ "කරේ යන්නෙ ගෝනි නැතුව"