“මොනාද මේ ඇඳල තියෙන්නෙ?”
වර්ණපාල සර්ගේ ස්වරය එතරම්ම හොඳ නැත.
මා විසින් අවසන් වරට අඳින ලද චිත්‍රය ඔහු අත වූ අතර ගුරුතුමාට තරහ යන්නට තරම් චිත්‍රයේ
වූ අඩුපාඩුව කුමක්දැයි සොයාගන්නට මම මගේ මතකය හාරා අවුස්සමින් සිටියෙමි.
“ආඃ ළමයො! මොකක්ද මේ.”
එවර මුළු පන්තියටම ඇසෙන ලෙස ඔහු ගර්ජනා
කරන්නට විය.
“ච... චන්ද්‍රිකාවක්”
“මොකක්!”
“චන්ද්‍රිකාවක්... සර්...”
ගුරුතුමාගේ බැල්ම චිත්‍ර පොතත් මගේ
මුහුණත් අතර කිහිප වරක් හුවමාරු විය. ඒ අතරවාරයේ උපැස් යුවලට ඉහලින් ටිකින් ටික
එකිනෙකට ලං වන ඔහුගේ ඇහි බැම සඟල ලඟ එන කුණාටුවක පෙරනිමිති පල කළේය.
නොබෝ වේලාවකින් “තොහ්!” හඬින් චිත්‍ර පොත මගේ මේසය මත පතිත විය. බැණුම් වරුසාව ඇදහැලීමට පෙර
බිම බලා ගත් මම පිටට හෝ ඔළුවට හෙනයක් පාත් නොවේවායි උදක්ම ප්‍රාර්ථනා කළෙමි.
“චිත්‍රයක් අඳින්න දුන්නහම වැදගත් දෙයක්
අඳිනව... නිකං පිස්සු විකාර කරන්නෙ නැතුව... අනින්න හිතෙනව ඔළුව හිල් වෙන්න
ටොක්කක්...”
මම මොහොතකට ඇකිලී ගියෙමි.
“ ...එනව මෙතන චන්ද්‍රිකා අඳින්න” යි මුමුණමින් වර්ණපාල සර් ඉවත යනු තවමත් බිම
බලාගෙන සිටීම නිසා සීමාවූ දර්ශණ පථයේ කෙළවරකින් මම දුටුවෙමි.
හිස එසවීමට තරම් ධෛර්යයක් ගොණුකර
ගැනීමට තවමත් මම අපොහොසත්ය. කැමති මාතෘකාවක් යටතේ චිත්‍රයක් ඇඳීමේ වරදට පන්තිය
ඉදිරිපිට - කොල්ලන් සහ කෙල්ලන් පනස් හතක් ඉදිරිපිට - මා හාස්‍යයට ලක්වී ඇත. සිදුවූ
ලැජ්ජාව බෙල්ලේ එල්ලූ යකඩ බරුවක් මෙන් දැනේ. නමුත් වර්ණපාල සර්ට ‘ඩෝං යන්නට’ තරම් මං කල වැරැද්ද කුමක්ද?
තවත් චිත්‍ර කිහිපයක ගුණ දොස් විවරණය
කල වර්ණපාල සර් අද දිනට නියමිත මාතෘකාව (‘වැවක දිය නාන ළඳුන් පිරිසක්’) කළු ලෑල්ල මත තඩි පොල් ගෙඩි අකුරෙන් ලියා නැවතත් පන්තිය වටා සක්මන්
කරන්නට විය. ඒ අප චිත්‍ර අඳින ආකාරය නිරීක්ෂණය සඳහායි. කාලඡේදයේ ඉතිරි හරිය නිහඬව
චිත්‍ර පොතේ කුරුටු ගාමින් ගතකලත් මගේ සිත තවමත් නොසන්සුන්ව ගුරුතුමාට එරෙහිව
කැරළි ගසයි.
“කැමති මාතෘකාවකට චිත්‍රයක් ඇඳන් එන්න
කියල කිව්වෙත් සර්මයි... මම චිත්‍රෙ බාගෙට ඇඳන් ආවෙත් නෑ... එහෙනං මොන එහෙකටද දැන්
මට බැන්නෙ?”
ගිය සතියේ කැමති මාතෘකාවක් යටතේ චිත්‍රයක්
ඇඳන් එන්න යැයි ගුරුතුමා කී විට ඒ පිළිබඳව මම සංතෝෂ වීමි. මට මං කැමතිම දෙයක් චිත්‍රයට
නැගිය හැක. ඒ අන් කිසිවක් නොව තාරකා විද්‍යාව සම්බන්ධ යමකි.
තාරකා විද්‍යාව පිළිබඳ එක්තරා ආකාරයක
පිස්සුවකට සමාන උනන්දුවක් මට ඇත. මෙය මගේ යහළුවන් අතර කෙතරම් ජනප්‍රියද යත් වෙසක්
කාලයට හුවමාරු වන වෙසක් පත් වල මගේ නමට අමතරව ‘විද්‍යාඥයා’ ලෙස ලියා එවීමට එයින් සමහරක් දෙනා
පුරුදු වී සිටියහ. මා ලියන රචනා වලට, සාහිත්‍ය
සමිතියේ පවත්වන කතා වලට තාරකා විද්‍යාවට අයත් කරුණු කාරණා කාන්දුවීම නිතැතින්ම
සිදුවූ දෙයකි. එම පිස්සුවම මගේ අධ්‍යාපන කටයුතු වලටද රුකුලක් බව මම විශ්වාස කළෙමි.
උදාහරණයක් ලෙස, පාසැල් පුස්තකාලයේ වූ තාරකා විද්‍යා
විෂය සම්බන්ධ ඉංග්‍රීසි පොත් බැරි බැරි ගාතේ කියවීම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට
බලපෑ ප්‍රධාන සාධකයකි.
නමුත් දැන් සිදුව ඇත්තේ අනෙකකි...
විෂයක් ලෙස චිත්‍ර තෝරා ගැනීම ගැන මේ
මොහොතේ දහස්වන වරටත් මම කලකිරී සිටියෙමි. මට තිබුණේ නැටුම් තෝරා ගන්නටයි. එසේ
නොකිරීම අන්තිම මෝඩ කමකි. අඩුම වශයෙන් මේ වසරේදී පටන් ගත් ඉංග්‍රීසි සාහිත්‍යය
විෂයවත් තෝරගත්තානම්... දැන් එයටද ප්‍රමාද වැඩිය.
පැන්සල අනවශ්‍ය තරම් බර කොට චිත්‍ර පොත
මත කුරුටු ගාන්නට වූ මම හිතේ කැකෑරෙමින් පැවති ආවේගය සුදු පැහැති ‘බී 4’ කඩදාසිය මත තිරස්, සිරස්, ඇල සහ වක්‍ර ඉරි ලෙස පිටකර හරින්නට වීමි. හිතේ ආවේගය ටිකින් ටික
බැහැර වන්නට වූ විට කාරණයද ටිකින් ටික පැහැදිලි වන්නට විය.
වර්ණපාල සර් මෙසේ මට කෑ ගැසීම
අසාධාරණය. නමුත් තර්කය විය යුත්තේ එය නොවේ. මා තෝරාගත් මාතෘකාව සාධාරණීකරනය කරන්නට
යෑමෙන් මෙතැනදී පලක් නැත. වැදගත් එකම දෙය නම් ගුරුවරයා සෑහීමට පත්වන ආකාරයේ චිත්‍රයක්
ඇඳ පෙන්වීම පමණකි. පන්ති කාමරයේදී මෙන්ම විභාගයේදීද එය එසේමය. ළකුණු ලැබෙන්නේ
එවිටය.
අනෙත් අතට වර්ණපාල සර් දන්නා තාරකා
විද්‍යාවක්ද නැත.
_____
පින්තූරය
http://www.clipartguide.com/_named_clipart_images/0511-0905-2605-2038_Teacher_Yelling_at_a_Student_clipart_image.jpg
මටයි අපේ ලොකු නංගිටයි ඔය තාරකා විද්‍යා පිස්සුව තිබුණා ඉස්කෝලෙ යන කාලෙ.... ලොකු නංගි නම් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානෙ තිබිණ කෑම්ප්වලටත් ගියා.... අපි දෙන්නත් චිත්‍ර ඉගෙන ගත්තා....හැබැයි කවදාවත් චන්ද්‍රිකාවක් නම් අඳින්න හිතුනේ නෑ.... :)
ReplyDeleteමේකනේ අක්කේ වැඩේ. මට තිබ්බෙ මේ පිස්සුවෙ හොඳම එක (දැනටත් ටිකක් විතර ඒ පිස්සුව තියෙනව). ඒ දවස්වල අර හැමෝගෙන්ම අහන "ලොකු උනාම මොකෙක් වෙන්නද කැමති" කියන ප්‍රශ්ණෙට මං උත්තර දෙන්නෙත් තාරකා විජ්ජාඥ්ඥෙක් වෙනව කියල.
ReplyDeleteමට චිත්‍ර බැහැ මං සංගීතය කලේ හැබැයි සිංදු කියන්නත් බෑ එත් මං විභාගේ පස්.මාරු කතාව මචන්.
ReplyDelete@අසරණයා
ReplyDeleteතෑන්ක්ස් මචං...
මම ඉස්සෙල්ලම කලේ නැටුම්. පස්සෙ ඉස්කෝලෙ මාරු උනාම එතන නැටුම් පනන්තියෙ හිටියෙ කෙල්ලොම විතරයි. මට ඉතිං නැටුම් කරන්න බෑ වගේ හිතිල තමයි චිත්‍ර තෝර ගත්තෙ. දැංනං අපරාදෙ කියල හිතෙනව.
විභාගෙ පාස්නෙ. ඒ මදෑ...