Pages

Thursday 3 November 2011

හැරමිටිය





හැරමිටට වාරුඋන
වෙව්ලන සරීරකූඩුවට
ඔය අමන හිනාවම
මමත් පෑවා...

ඒ කාලෙ ගෙවී ගොස්
යස රූපෙ මැකී ගොස්
හැරමිටිය ලබන්නට
මටත් වූවා...

තේරුණේ නැති උනත්
බොට තවම මයෙ පුතේ
මේ වගේ දවසකුත්
පසුව ඒවි...

ඒ දිනේ ආ දාට
ගනින් මේ හැරමිටිය
මට එයින් පොරෝජන
නොමැති වේවි...

_____
පින්තූරය
http://news.bbcimg.co.uk/media/images/48109000/jpg/_48109093_walkingstick_bbc_282.jpg

3 comments:

  1. ලස්සනයි .ඕක අපිටත් ඕන වෙයිනේ කවදා හරි ...:D

    ReplyDelete
  2. පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ එකම දේමයි. කාලය වෙනස් තාලය වෙනස් එච්චරයි !

    ReplyDelete
  3. @The Lion සහ Weni
    සහතික ඇත්ත

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...