Pages

Tuesday 11 August 2015

කුණාටුවට පසු

ලොකුවට හෝ කුඩාවට
බැම්මක් වෙතොත් එය
දුකින් අවසන් වේය සැමවිට

උඩින් අයිසිං කල
කොහොඹ රස පාන් ගෙඩියකි
ජීවිතය!

ගමන කෙළවර දොරින්
නික්ම ගිය අය ගැන
අයිතියක් නැත අපට

පාට සේදී ගිය
පාළු හද පතුලෙම
වේදනාවක් ඉතිරි වී ඇත

කල සියළු සැලසුම්
හීන වල අඩු වැඩියත්
මකර කටටම යනු ඇත

සියළු දේ අනියත බව
මතක බණ වේලෙදි
හාමුදුරුවෝ කියනු ඇත

9 comments:

  1. ඕවා ඉතිං සාමාන්‍යයි නේ පරියෝ..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දේත් තමන්ට සිද්ධ උන වෙලාවට අසාමාන්‍ය විදිහට බරපතලෙට දැනෙනව දේශා :(

      Delete
    2. ඒක ඇත්ත බං.. උපේක්ෂාව තමා හොදම ඔසුව..

      Delete
  2. මොකද පරිකල්පන අවුල. මට පේන්නේ උඹ මටත් වඩා හිත්තැවුලෙන් ඉන්න බවයි.

    ReplyDelete
    Replies
    1. Lost my dad Dude. It's been a month and I'm still trying to figure things out.

      Delete
    2. Oh My! I'm so sorry my friend. Truly sorry. I lost mine in 1995. Still miss him. Not that I mourn everyday. There are times in life I wish he was there with me to share what we undergo. They can be disappointments, achievements or other special things. This feeling wears off with time. It takes longer if you were very close to each other. But I guarantee you later, there will be days you won't remember him at all. Later weeks. Months I don't know.

      And

      Delete
  3. උඹ අමුතු විදිහට හිතන අමුතු විදිහට ලියන කෙනෙක්... අගෙයි

    දිගට ම ලියනවානම් තවත් අගෙයි......

    ReplyDelete
    Replies
    1. වෙලාව ලැබෙන විදිහට ලියන්නම්කො...

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...