Pages

Sunday 24 February 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

ටික දවසක ඉඳන් හොය හොය හිටිය පොත් දෙකක් ගිය සතියට ඉස්සෙල්ල සතියෙ අහම්බෙන් වගේ හම්බඋනා. ඉන්ද්‍රජිත් සුභසිංහ මහත්තය ඉරිදා දිවයින පත්තරේට ලියපු ලිපි මාලාවක් එකතු කරපු ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ පොත් පෙලේ මුල් කොටස් දෙක...

බොහොම කැමැත්තෙන් කියවපු මේ ලිපි වලට විචාර ලියන්න තරං මං මෝරල නෑ. ඉතින් පොතේ පෙරවදන සහ පසු කවරෙ තියෙන සටහන විතරක් උපුටා දක්වල නවතින්නම්...




“මේ ලිපි මාලාව ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන් වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වනගැබක අලි, කොටි, වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ භිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙර වීම අදිටන් කර ගනිමින් සෘජුව නිවන් ම‍ෙඟ්  ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මග ඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන් වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමෙකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතුවූ සටහන් පොත් කිහිපයක සංස්කරණය නොකල සටහන් ලෙසින් මා අතට පත්කළ උන් වහන්සේ නොපෙනී ගියහ. එහෙත් එම සටහන් කොතරම් දාර්ශණිකද, ගැඹුරුද, ආශ්චර්යමත්ද. නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශවයටම මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද ඇයැදුමක්ද විය. කර්තෘ අඥාත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතු වනු නිසැකය.”
___

ගෝරතර සසරේ
තවත් එක් සන්ධියක
ඉබාගාතේ ඇවිදි
සංසාර සතුන් හට
නොඇලෙන්න කියා දුන්
නෙගැටෙන්න සිහිය දුන්
නිදුකානගේම පුත්
සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල්
බෙදා ලොවටම දහම
ඔබේ අවබෝධයෙන්
සැනසීය මනු කැලක්
එමතු නොව දෙවියෝද
එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ
අපේ කාලේ උපන්
මහකසුප් මහතෙරගෙ
එමඟ යන බුදු පුතුනි
එක්කෝ මරණයය
නොමැතිනම් නිවනමය
කියා කළ සිහ නාද
තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට
නොතිත් පැසසුම් එතැයි
කියූ කල මා ඔබට
පුතේ මේ මගෙ නොවෙයි
බුදුරජුන් දහමමය
නිහතමානීව කිවු
ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක
මේ මොහොතෙ වැඩ සිටින
අපේ පිනටම උපන්
හිමියනේ ඔබෙ ගුණෙන්
දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන්
සහස් දෙකකුත් අඩක්
ගෙවී වස් ගතවෙතත්
වදයි ඔබ වැනි පුතුන්
ලෝ සතට සෙනෙහසින්



_____
පින්තූරය  

14 comments:

  1. සාධු! සාධු! සාධු!

    මේ පොත කොහෙන්ද හොයාගත්තේ කියන්න පුලුවනිද?

    ReplyDelete
    Replies
    1. මටනං හම්බඋනේ බොරැල්ලෙ සරසවි බුක්ෂොප් එකේ තිබිල...

      Delete
    2. එල! තැනක් යූ වේවා!!!

      Delete
  2. මේ සටහන කියෙව්වට පස්සේ මටත් පොත කියවන්න ආස හිතුන. හොයල බලන්න ඕන.
    මේ තියන්නේ ඒ පොත් ද... http://sasarinobbata.wordpress.com/%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B7%80%E0%B6%AF%E0%B6%B1/

    ReplyDelete
  3. හොයාගෙන කියවන්නන ඕනේ...

    ReplyDelete
  4. හොඳ පොතක් වගේ.
    අද පෝය දවසේ උතුම් දෙයක් ගැන විස්තර කලාට ඔබට පිං..

    ReplyDelete
  5. මේ පොතේ ලස්සනට වචන ගලපලා තිබෙන බව ඇත්ත.ඒත් මේක ප්‍රබන්ධයක්.සමාජය යහමඟට ගන්න මේක හොදයි.ඒත් මෙතනත් වංචාව නේද?මීට කලිනුත් මේ වගේම ලිපි පෙළක් ගියා දයාරත්න රණැසිංහ කියල කෙනෙක්.එයා ලිපි ලිව්වෙ හරියට එයා රහත් වෙලා වගෙ .නමුත් ඒක එයාගෙ ලිවීමේ හැකියාව විතරයි.ඔහොම රැලි කාලෙන් කාලෙට එනවා.මම මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.කියවල රස විදින්න

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්ණයක් නෑ. :)

      Delete
  6. බුදුරජානන්වහන්සේ එව බලව කියලයි දේශනා කළේ.මේ පොතේ ගැටළු තිබෙනවා.එකක් තමයි මාර සංකල්පය.මේක නිර්මානවාදී ආගම්වල සාතන් කියන සංකල්පය හරහා පසු කාලීනව බුදු දහමට ආ එකක්.බලංගොඩ හිමියන් තමයි මෑත කාලේ මේක සමාජගත කලේ.ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ ඕනම කෙනෙකුගෙ මතු උපතක් ගැන උතුම් වූ සමාධියෙන් කියනවා.වෙන කිසිම හැකියාවක් නෑ.මේ වගෙ සැක කටයුතු දේවල් බොහොමයි .රහතන් වහන්සේ කෙනෙක් කීවම අපේ හිතේ මැවෙන චිත්‍රයක් තිබෙනවා.රහතන් වහන්සේ කෙනෙකුගෙන් බන අහල රහත් වුන ආය්ත් ඉන්නවා.මුන් වහන්සෙගෙ යූ ටියුබ් බණ මාත් ඇහුව.කවුද මුන් වහන්සෙව රහත් කියල බෞතීස්ම කලේ කියල දැනගන්න ඕන.අර මාධ්යවේදියමද?මේක මුන් වහන්සේටත් කරන අසාධාරනයක් බවයි මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසේ හැටියට මෙහෙම පොත් තියෙන්නෙ අමතර කියවීමක් විදිහට පාවිච්චි කරන්න විතරයි. කෙනෙක් හරිම ධර්ම මාර්ගය ගැන ඉගෙන ගන්න ඕනි බුදුරජාණන්වහනසේ දේශණා කරපු කාරණා වලින්, ත්‍රිපිටකයෙන්.

      අනිත් අතට මේ ස්වාමීන් වහන්සේ රහතන්වහන්සේ කෙනෙක්ද නැද්ද කියන කාරණාව අපේ පැත්තෙන් බැලුවම තර්ක කර කර ඉන්න පුළුවන් කාරණාවක් විතරයි. උන්වහන්සේ ධර්ම මාර්ගය කොච්චර දුරට ප්‍රගුණ කරල තියෙනවද කියන එක ඇත්තටම දන්නෙ උන්වහන්සෙ විතරයි. අපිට වැඩි වැදගත්කමක් තියෙන්න ඕනි සංසාරෙන් එතෙර වෙන්න අපි කලයුත්තෙ සහ කරන්නෙ මොනවද කියන එක කියලයි මටනම් හිතෙන්නෙ.

      Delete
  7. යාළුවනේ ‍‍මේ ලින්ක් එකෙන් මහ රහතුන් වැඩි මඟ ඔස්ස‍ේ ඔක්කොම පොත්ටික PDF විදිය‍ට ඩවුන්ලොඩ් කරගන්න...http://waytonivana.blogspot.com.ar/2013/03/pdf.html :)))

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...