Pages

Sunday 11 November 2012

ප්‍රවෘත්ති...? වාර්තාකරණය...??



පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........

.
.
.

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්...


මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...


මෙන්න ඒ ප්‍රවෘත්තිය නැවතත්...


මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...


මේ පිලිබඳ වැඩිදුර විස්තර අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න...


පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........

___

පසුවදන:
ලඟදි ගිය එසැනිනින් පුවතක් (Breaking News) එකක් නිසා හිතේ පැළවිච්ච අදහසක්... :)

14 comments:

  1. දැන් එසැනින් පුවත් දාන්න ඒව නැහැල්ලු... ඒකලු ඔහොම එව්ව හරි දාන්නෙ හිත හදාගන්න කියල... :)

    ReplyDelete
    Replies
    1. මාකට් වෙන ප්‍රවෘත්ති නැතුව මාධ්‍ය කාරයො බංකොලොත් වෙලා ඉන්න තරම පේනවනෙ...

      Delete
  2. කියල වැඩක් නෑ...සිරස එහෙම බලත්දි එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. පැයකට දෙපාර ගානෙ ප්‍රවෘත්ති නං කියනව. ඒත් කියන්නෙ ප්‍රවෘත්ති නෙවෙයි ඕපදූප.

      Delete
  3. සහතික ඇත්ත. ඉස්සර ඔය මියුසික් එකක් ඇහෙද්දි කොච්චර තිගැස්මක් ඇති වෙනවද! දැන් බ්‍රේකින් නිවුසුත් විහිලුවක් වෙලා!

    ReplyDelete
    Replies
    1. වර්තමාන මාධ්‍ය කාරයො රූපවාහිනිය, ගුවන්විදුලිය පාවිච්චි කරන්නෙ හරියට වඳුරට දැලි පිහිය අහුඋනා වගේ. කාට කියන්නද?

      Delete
  4. මේක බ්‍රේකිං නිව්ස් එකක් නොවෙන්න හේතුව මොකක්ද පරිකල්පන? ඉංග්‍රීසියෙන් ඕකට කියන්නෙ බ්‍රේකිං වින්ඩ් කියලනෙ. :D
    So breaking wind is breaking news alright!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  5. සිරසට නේ පහර දුන්නේ...
    සිරාවට දැං ප්‍රවෘත්ති නැතුව ගොඩං උං හෙන කට්ටක් කන්නේ..

    ReplyDelete
    Replies
    1. පහර දෙන්න තරං ‘සිරසක්‘ උන්ට නෑ තරියො... :)

      Delete
  6. ඒ කාලේ ඕකෙන් කීයක් හම්බ කර ගන්න ඇද්ද? දැන් නම් ඔය බ්‍රේකින් තියා හොම්බෙන් ගිය නිවුස් කියල දැම්මත් කව්රුත් බලන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. බ්‍රේකින් නිව්ස් කියන සංකල්පෙ තියෙන්නෙ ගොඩක්ම වැදගත් ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙනියන්නනෙ. ඉතින් ඒ ගොඩට දාල ඒවගෙ කිසි වැදගැම්මක් නැති ප්‍රවෘත්ති දාන එක හරිද? මාධ්‍ය නිදහස ඉල්ලං කෑ ගහනව. මාධ්‍ය සදාචාරෙ ගැන “හ්ම්“ කියන්නෑ...

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...