Pages

Tuesday 25 September 2012

පොත් චාරිකාවේ පලදාව


මං පොත් ප්‍රදර්ශණේ බලන්න යන්න සූදානං වෙලා හිටියෙ ඉරිද. එදා ටිකක් දවල් වෙලා යන්න හිතාගෙන හිටියත් සෙනසුරාද හවස යාළු මිත්තරයෙක් කතා කරල...

“ඒ මචං! හෙනට සෙනගනෙ... හෙටත් අම්බානකට සෙනග ඉඳියි...” කියල කිව්ව නිසා මං ගමං සැලැස්ම ටිකක් විතර වෙනස් කරල ඉරිද උදේම ගියා.

උදේ නවය වෙන කොටම ඇතුලට ගිය නිසා එකොළහ දොලහ වෙද්දි වැඩි තදබදයකට අහු නොවී පොත් ටිකකුත් අරගෙන එන්න පුළුවං උනා.

මෙන්න මේපාර පොත් ප්‍රදර්ශණෙන් මං ගත්ත පොත්...

කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවො ලියපු විස්තරාර්ථ ධම්මපදය පොතේ අළුතින්ම ආපු කොටස් දෙක ගත්තා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 12 (අත්ත වර්ගය)

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 13 (ලෝක වර්ගය)



අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා සිංහලයට පරිවර්තනය කරල තියෙන “සිනාසෙන සුදු හාමුදුරුවෝ” පොත් පෙලේ පළවෙනි කාණ්ඩෙ රහ වැටිල හිටිය නිසා අහුවෙච්ච ඉතිරි කාණ්ඩ හතරම ගත්තා.
කරදරකාරයින් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේද? 
ඇයි මටම මෙහෙම වෙන්නෙ? 
මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? 
මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?





ගන්නවමයි කියල හිතාගෙන ගිය ගාමිණී මහත්තයගෙ මේ පොත ගත්ත.
යාල නැගෙනහිර අහිමි වනමං


ඒ කිට්ටුවෙන්ම තිබ්බ මේ පොතත් ගත්ත.
වනදිවි සැරිසර



ඇයි පරිවර්තන පොත්? ඒවත් ගත්තනෙ...

ගං දියේ විරුවෝ (ඇලන් බෙයිලි)


තරු මගට පිවිසුනෙමි (යූරි ගගාරින්)
මේ යූරි ගගාරින්ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය.


මහ ගන වන මැද මිනිසෙක් (ඇල්බට් ෂ්වයිට්සර්)


සතුරු කඳවුරු මැදින් (එරික් විලියම්ස්)


සොෆීගේ ලෝකය (යූස්ටයින් ගෝඩන්)



තව අළුත් විද්‍යා ප්‍රබන්ධ පොත් දෙකකුත් හම්බඋනා.

ලෝක විනාශය (The Hammer of God පොතේ පරිවර්තනය) (ආතර් සී. ක්ලාක්)‍


රික්ටර් 10 (ආතර් සී. ක්ලාක් සහ මයික් මැක්වේ)




_____
පොත් වල පින්තූර ටිකනං ගත්තෙ මං. අනිත් පින්තූරය
http://www.event.lk/images/event/home/main/1346912223Colombo%20International%20Book%20fair.jpg

14 comments:

  1. ඔය තෝරාගෙන තියෙන්නේ අපූරු පොත් ටිකක්...සොෆීගේ ලෝකය අරගෙන කියවන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ලයිබ්‍රරියට පිංසිද්ධවෙන්න තමයි ඉතින්... කියවන්න හම්බවෙන හොඳ පොත් ටික මතක තියාගෙන ඉඳල පොත් ප්‍රදර්ශනෙං ගන්නව.

      Delete
  2. සොෆි ගේ ලෝකය පොත හෙව්වත් හම්බ උනේ නෑ!
    සරසවි ද??

    ReplyDelete
    Replies
    1. මට පොත හම්බඋනේ විදර්ශන එකේ තිබිල. පුළුවන්නං මෙම්බර්ෂිප් එක ගන්න. 30% වට්ටමක් දෙනව.

      Delete
  3. කියල වැඩක් නැහැ.ඔබේ තේරීම් හරියටම මගේ අම්මගේ වගේ..අම්මත් ඔය වගේ පොත්මයි කියවන්නේ..

    ශා..මට ලොකු සතුටක් දැනුනා සහෝ මේ පෝස්ටුව දැකල..
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු!
      කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කියනවනෙ... :)

      Delete
  4. හොඳ පොත් ටිකක් ගන්න ලැබිල තියෙන්නේ ...ඉදිරි පෝස්ට් වලදි ඒවායේ අන්තර්ගතයනුත් එක්වෙයි කියල බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. පොත් දෙක තුනක් ගැනම ලියන්න හිතාගෙන ඉන්නව. ටික දවසක් අරගෙන හෙමිහිට ලියන්නම්...

      Delete
  5. පොත් දෙක ගත්තාට ස්තුතියි ! කියවලා බලලා හිතෙන දේ ගැනත් ලියලා තියමු මලේ. මට නම් පොත් ප්‍රදර්ශණය පැත්තෙ යන්න වෙලාවක් ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. යාල නැගෙනහිර අහිමි වනමං පොත මට ඉස්කෝලෙ කාලෙදිම රහවැටිච්ච පොතක්. ගන්නං කියල කාලයක් තිස්සෙ හොය හොය ඉඳල මේ පාර තමයි ගන්න පුළුවං උනේ. අනිත් පොත හොයා ගත්තෙ මාරෙ අයියගෙ පෝස්ට් එකක තිබ්බ ඔත්තුවක් නිසා. :)

      Delete
  6. අපූරු ‍පොත් එකතුවක්... කියවල පොත් ගැන අදහසුත් මේ වගේම බෙදා ගන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයයෙන්ම. හැබැයි මේ ටිකේනං කියවනවා... කියවනවා... කියවනවා...

      Delete
  7. මමත් දවස් තුනක්ම ගියා ප්‍රදර්ශනයට. ඉරිදා බැලුව. පස්සේ දවස් දෙකේ ගත්තා. කොහොමත් මේ පාරත් පහක විතර අරන්. ඔයා අරන් තියෙන පොත් ටික නියමයි. විදර්ශනා එකට යන්න මම මහන්සි උනේ නෑ, මොකද අපේ ගෙදර ඉඳල විදර්ශනා පොත් ගෙදරට විනාඩි දෙකක දුර තියෙන්නේ. පස්සේ හෙමිහිට ගිහින් බලනවා. සාමාජිකත්ව දැනට අවුරුදු පහකට විතර කලින් ගත්තේ. ඒක තවමත් වලංගු ඇති. එයාල හොඳ වට්ටමක් දෙනවනේ සාමාජිකයින්ට.

    ReplyDelete
    Replies
    1. විදර්ශන එකේ සාමාජිකයන්ට නියං කාලෙටත් (පොත් ප්‍රදර්ශණ නැති කාලෙට :D ) ඩිස්කවුන්ට් හම්බ වෙනවනෙ.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...