Pages

Wednesday 25 July 2012

මෙහෙමත් වෙනව...



සීත කාමරෙ
සැපැති පුටුවක
කැරකි කැරකී
බලයි පත්තර

පුවත් ගොණුකොට
'ඇනලයිස්' කොට
රට හදන හැටි
කියයි අනුනට

රාජකාරිය
නොසැලකූ කල
ෆයිල් කන්දත්
වැඩෙයි ඉහලට

දික් ගැසී ගිය
පෝළිමක සිට
හූල්ලා යයි
පඩි ගෙවන දන


වැදගත්:
මේ කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. කිරි බාල්දියට වැටුන ගොම වගේ කට්ටිය වගේම කළු ගල් ගොඩවල් අස්සෙ හැංගිච්ච මැණික් වගේ කට්ටියත් ඉන්නව.
_______
පින්තූරය

14 comments:

  1. කතාව සහතික ඇත්ත. රාජ්‍ය සේවය නේද?

    ReplyDelete
  2. අපි අපේ රජයට වත් ලෝකෙ කිසිම රජයකට වත් සේවය නොකරමු..අපි හොඳටම මහන්සිවෙලා වැඩ කරනව..එයාල අපිට හොඳටම ගෙවනව.....(ප්‍රයිවට් කොම්පැණි.):D:D:D

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තත්වෙ ටිකක් වෙනස්. ගොඩ දෙනෙක්ට මහන්සියට ගැලපෙන පඩියක් ලැබෙන්නෙ නෑ. ඊට වැඩිය නරක දේ තමයි ගොඩ දෙනෙකුට රැකියා තෘප්තිය (Job Satisfaction) නැතිකම. රජයේ, පෞද්ගලික අංශයේ කියල වෙනසක් නෑ.

      Delete
  3. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  4. රා. සේ. පි.
    :D

    ReplyDelete
    Replies
    1. රජයේ කාර්යාලවල මහන්සි වෙලා වැඩ කරන අය නැතුව නෙවෙයි. ඒ උනාට එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමෝගෙම සායම හේදෙනව.

      Delete
  5. අපොයි ඔය කතාව සෑහෙන්න හරි !!!
    ඔය වගේ අයත් ඉන්නවා නේන්නම්... :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අය දෙන ටෝක් කොහොමද?

      Delete
  6. වැඩිහරියක් ගොම බිංදු...!!!

    ReplyDelete
  7. ඔහොම උන් නිසා තමයි අපි මෙච්චර දුක් විඳින්නෙ. ඕකුං හරියට රාජකාරි කරන්න යන උන්ට කියන්නෙ 'දෙන්න යනවා' නැත්නම් 'අල්ලන්න යනවා' කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එහෙම රාජකාරි කරන්න ගිහිං පොඩි හරි අතපසුවීමක් උනාම ඒ අය කියනව 'ඉල්ලංනෙ කෑවෙ...' කියල.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...