Pages

Thursday 12 July 2012

අපිට ඕනි දේ




වෙලාවකට අපිට ඕනි මොනාද එපා මොනාද කියන්න අපිටවත් හරිහමන් අදහසක් නෑ. අපි විසින් උපයගෙන, ඉල්ලගෙන එහෙමත් නැත්නම් අත්පත්කරගෙන තියෙන ගොඩක් දේවල් දිහා ටිකක් විවෘත මානසිකත්වයකින් බැලුවම හිතට එන ප්‍රශ්ණයක් තමයි අපි ලබාගෙන තියෙන්නෙයි අපි ලබාගන්න මහන්සි අරගෙන තියෙන්නෙයි ඇත්තටම  අපිට ඕනි දේවල්මද කියන එක.

ගොඩක් දේවල් අපිට ඕනි වෙන්නෙ ඒ දේවල් ඇත්තටම වැදගත් නිසාවට වඩා ඒ දේවල් අනිත් අය ගාව තියෙනව දකින නිසා. කොටින්ම කිව්වොත් ‘අනිත් අය වගේ වෙන්න’ පොඩි උවමනාවක් අපි හැමෝගෙම හිත් ඇතුලෙ තියෙන නිසා. ‘අනිත් අයට වඩා උඩින් ඉන්න’ ඕනිකමක් අපේ හිත් ඇතුලෙ නලියන නිසා.

ඕනි දේවල් ගැන කතා කරද්දි මතක් වෙච්ච පොඩි කතාවක් ලියල තියන්න හිතුණා...

ඔන්න එකෝමත් එක රටක හිටියලු යාළුවො දෙන්නෙක්. එක්කෙනෙක්ට අපි ‘කමල්’ කියමුකො. අනිත් එක්කෙනා ‘නිමල්’.

කමල් සල්ලි බාගෙ තියෙන ටිකක් සරුසාරෙට ජීවත් වෙච්චි මනුස්සයෙක්. එයා වැඩකට අතගැහැව්වොත් ඒ වැඩේ සාර්ථක වෙන ගතියක් තිබ්බ. අනිත් පැත්තෙන් බැලුවම නිමල් එදා වේල හම්බ කරගෙන - එයාම කියන විදිහට - දුකසේ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොම උනත් කවද හරි දවසක ‘කමල් වගේ වෙන්න’ නිමල්ගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තිබ්බ.

ඔහොම ඉන්න අතරෙ දවසක් නිමල්ට වයසක සාත්තර කාරයෙක්ගෙන් වරයක් හම්බ උනාලු.

වරයක් හම්බවෙනව කිව්වම ඉතිං අතාරින්නත් බෑනෙ. නිමල් කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මෙහෙම කිව්වලු.

“එහෙනං කමල්ට හම්බවෙන හැමදේම මටත් ලැබෙන වරයක් දෙන්න...”

මේ වරය ලැබිල සතියකට විතර පස්සෙ කමල්ට ලොතරැයියක් ඇදුනලු. ඊට පස්සෙ දවසෙම නිමල්ටත් ලොතරැයියක් ඇදුනලු.

ඊට මාසෙකට දෙකකට විතර පස්සෙ කමල්ට පාරෙ වැටිල තිබිල මැණිකක් හම්බඋනාලු. ඒ හම්බවෙලා ටික දවසක් යද්දි නිමල්ටත් ඒ විදිහටම මැණිකක් හම්බඋනාලු.

“මේකනේ ජීවිතේ...” කියල හිතාගෙන නිමල් කාලයක් බොහොම සැපට ජීවත් උනාලු. හැබැයි ඊට පස්සෙ උනේ නිමල් හීනෙකින්වත් නොහිතපු දෙයක්.

එක දවසක් කමල් ලොකු හොරකමකට වැරදිකාරයෙක් වෙලා හිරේ වැටුනලු. ඊට ටික දවසකට පස්සෙ නිමලුත් තමන් කරව්වෙවත් නැති හොරකමකට වැරදිකාරයෙක් උනාලු.


ප. ලි.

අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශණාවකදි මෙහෙම දෙයක් කියවුණා මතකයි.

“What you have won’t make you rich, what you want will make you poor.”

“තමන්ට ඇති දේ තමන්ව පොහොසතෙක් නොකරනවා වන්නට පුළුවන. නමුත් තමන්ට අවැසි දේ තමන්ව දුප්පතෙක් කරනු ඇත.”

_____
පින්තූරය

10 comments:

  1. හ්ම්ම් හිතන්න දෙයක්..ඇත්තටම අපි අපි උනාම ඇති..වෙන කවුරුත් වගේ නොවුනට අපිට නොපෙනෙන වටිනාකමක් අපේ තියනවා..

    ReplyDelete
    Replies
    1. අපි වෙන කවුරු හරි වගේ වෙන්න දඟලද්දි අපි වගේ වෙන්න දඟලන කොටසකුත් ඉන්නව. ඒත් එහෙම කරද්දි ගොඩක් වෙලාවට අපි දැකල තියෙන්නෙ ඇත්තෙන් බාගයක් විතරයි.

      Delete
  2. අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ කතාව ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ සරල බණ කතා ගොඩක් "සිනාසෙන සුදු හාමුදුරුවෝ" කියල පොත් පෙළක් විදිහට තියෙනව. පුළුවන්නං හොයාගෙන කියවල බලන්න. වටිනව.

      Delete
  3. අර දොර‍ටු පාලයෙකුටත් මෙහෙමම සීන් එකක් වුනාලු නේද, තෑග්ගක් ලබාගන්න රජ්ජුරුවො බැහැ දකින්න ගිය බුවෙක්ට යන්න දෙන්න නම් තෑග්ගෙං බාගයක් ඉල්ලලා?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අහල තියෙනව කියල යාන්තමට මතකයි. ඒත් රජ්ජුරුවො දීපු දඬුවම මොකක්ද කියල හරියටම මතක නෑ...

      Delete
    2. පොර තෑග්ගක් හැටියට කස පහර 100ක් ඉල්ලුවලු. දොර‍ටු පාල බුවාට 50%. හැබැයි කරුණු හොයා බැලුවට පස්සෙ අපේ බුවාගෙ 50 ඉතාම මට සිලු‍ටුවත්. දොර‍ටුපාලගෙ 50 උපරිම වෙර යොදලත් දෙන්න නියම කලාලු.
      henryblogwalker the Dude

      Delete
  4. මමත් ඇත්තටම කැමති තව කෙනෙක්ට වඩා දෙයක් තියෙනවට ඒත් ඒ හැම දෙයක්ම ලබා ගන්නේ මගේ හැකියාවෙන් විතරයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ ඇති වෙන්නෙ තමන්ට උපයන්න පුලුවන් තරමට වැඩියෙන් දේවල් කෙනෙකුට ඕනි උනාම.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...