මෙතෙක් රැකවරණ ලද
බොහෝ දුර ඇති නිවස
හැරපියා පැමිණියෙමි
“ජීවිතේ ජයගන්න”
දරාගෙන කුසගින්න
විඳ නොයෙක් අවමාන
නිහඬවම පසුවීමි
ඉවසුමේ ගුණේ දැන
එහෙ මෙහේ යනෙන විට
ගේට්ටුව එපිට සිට
නිතර ඔච්චම් කරයි
අහිමි වූ සරසවිය
කාස්ටක වියළි කෙත
පීදිලා සරු වෙන්න
වහින පාටක් ම නැත
සිහිල් සොඳ පොද වැස්ස
...
අත්දැකුම් ගුරුන් කොට
ජීවිතේ සිප්හලින්
පන්නරය ලබන්නෙමි
නසන්නට රුපුන් තෙද
ගෙන්දගං පොළොව මත
වැරෙන් සටනේ යෙදෙමි
බියේ පැන යන්න නොව
අභීතව මියැදෙන්න!
(අවුරුදු ගානකට) පස්සෙන් පහු ලියමි
මං හිටියෙ තරහින්. ඇඟේ ලේ රත් වෙලා බුබුළු දාන තරං තරහින්. හැමදේම පත අට එකට හින්දෝල ඔළුව උඩ කඩා පාත් විච්ච වෙලාවට එක්කො අඬන්න පුළුවං, එහෙමත් නැත්තං තරහින් පුපුරන්න පුළුවන්. දුකයි තරහයි කියන්නෙ එකම ආවේගෙ මුහුණුවර දෙකක් විතරයි. කඳුළු වලින් හරි දාඩියෙන් හරි ඒ ආවේගෙ පිට කරල දාන්න ඕනි. ඉතින් නිසඳැසක් වගේ එකක් විදිහට ඒ ආවේගෙ පිට දැම්මම මටම ටිකක් පුදුම හිතුන. හදවතින්ම ලිව්ව, අග්ගිසි රළු, ඔප නොදාපු ගෘහ භාණ්ඩයක් වගේ නිසඳැසක්...
ගෙන්දගං පොළොව මත
ReplyDeleteවැරෙන් සටනේ යෙදෙමි
බියේ පැන යන්න නොව
අභීතව මියැදෙන්න!
සුපිරි............
ස්තූතියි ආර්යන්. :)
Deleteඔප නොදාපු එක හොඳයි , කවිය රහ අමුවෙන්
ReplyDeleteමේක අවුරුදු ගානක්ම තිබ්බෙ පොතක් අස්සෙ. ඔය මං තිත් තුනක් තියල තියන තැනට තව කොටසක් ලියම්දෝ නොලියම්දෝ කියල කල්පනා කර කර ඉඳලත් එක්කො ඕන්නෑ කියල ඔහොමම තියෙන්න ඇරිය. ඒ වෙලාවෙ ලියවිච්ච විදිහට දැන් ලියවෙන්නෙ නෑ.
Deleteමගේ කතාව වගේ. වෙනස ගෙන්දගං පොළොව මට නිවහන වීම විතරයි. අනිත් ඔක්කොම වගේ ගැලපෙනවා.
ReplyDelete>>දරාගෙන කුසගින්න (මේක විතරයි මට නොගැලපෙන්නේ :D)
විඳ නොයෙක් අවමාන
නිහඬවම පසුවීමි
ඉවසුමේ ගුණේ දැන<<
>>මං හිටියෙ තරහින්. ඇඟේ ලේ රත් වෙලා බුබුළු දාන තරං තරහින්. හැමදේම පත අට එකට හින්දෝල ඔළුව උඩ කඩා පාත් විච්ච වෙලාවට එක්කො අඬන්න පුළුවං, එහෙමත් නැත්තං තරහින් පුපුරන්න පුළුවන්. දුකයි තරහයි කියන්නෙ එකම ආවේගෙ මුහුණුවර දෙකක් විතරයි. <<
මටත් එහෙමයි. වෙලාවකට ආත්මානුකම්පාව දරා ගන්න බෑ.
මට බඩගින්නෙ ඉන්න උනේ එක අතකට මගේම මැටි මහන්තත්ත කම නිසා. මට Square One එකෙන්ම පටන් ගන්න ඕනි උනානෙ. :)
Deleteඒ රළු ඔප නොදමපු කවිය ඇතුලෙ තිබ්බ ජීවිතයක් දැක්ක.
ReplyDeleteඒත් ඒ වගේ ජීවිත සෑහෙන්න ඉහළට යනව කියලත් අත්දැකීමෙන් අත්විදල තියෙනව..
කටුකොහොල් මැදින් හිනාවෙන එකා තරං සුන්දර මනුෂයයෙක් නෑ
ජයවේවා
ස්තූතියි මහේෂ්. හැබැයි මමනං තවම ඉන්නෙ පොඩි තැනක.
Deleteසමාව දෙන සේක්වා !!.මේ ලිපිය දැක්කේ අද කවිය වෙනස් නොකර ඒ විදිහටම පල කල එක හොඳයි හිතේ තියන හිතිවිලි කවියෙන්ම පෙනෙනව .මට මතක විදිහට මම පරිකල්පනගේ මුලින්ම කියෙව්වෙ අර 'අඳුර මැදින් ' කතාව ඒ කතාව හිතේ මවෙන්න හරි ලස්සනට ලියල තිබ්බ අමතක වෙන්නේ නැති කතාවක් .ආයෙම ලියන්න වෙනස්ම විදිහේ කතාවක්
ReplyDeleteතැන්ක් යූ හංසි. දන්නෙ නැද්ද ඉතින්. මේ එක එක වෙලාවට ඔළුවට එන එක එක දේවල්නෙ. :)
Deleteකවි තමයි හිතේ හැඟුම් එළියට විසි කරන්න තියෙන හොඳම මාධ්‍යය.. ඉවසීමෙන් ජීවිතේ කියවද්දි ජීවත් වීම පහසු වෙනවා
ReplyDeleteඇත්තෙන්ම ඔව්. ඒ වගේමයි අපිට කාටවත් කියාගන්න බැරි උන දේවල් කවි අස්සෙ පරිස්සමට හංගල තියා ගන්නත් පුළුවන්.
Delete