Pages

Saturday 2 February 2013

සහජීවනය...




වියැකිලා ගොස් සියළු බාදා

මුළු ලොවම තනි රටක් වූවොත්...

ඒ රටේ වැසි සියළු මිනිසුන්

එකම දහමට අයත් වූවොත්...

හමේ පාටට ගරු නම්බු දෙන

මෝඩ ක්‍රමයත් නැතිම වූවොත්...

තැනක් වේවිද ලොවම නිදහස්

අනේ...!

එදාටවත්...?



ප. ලි.

එක්කො බදාගෙන කුලල්කාගන්න වෙන මොකක්හරි කුණු ගොඩක් සමහරවිට එදාටත් මිනිස්සු හොයා ගනීවි...


_____
පින්තූරය

26 comments:

  1. එහෙම වුණොත් පාලකයන්ට පවතින්න අපහසු වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් පාලකයන්ට දෙන්න බොරු පොරොන්දු මොනාවත්ම නැතිවෙයි :)

      Delete
  2. පරිකල්පන අහලා තියෙනවද ජෝන් ලෙනන්ගෙ IMAGINE සින්දුව? අන්න ඒකෙත් තියෙන්නෙ ඔය හා සමාන අදහසක්. මම ඒ සින්දුව ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා මට හිතෙන හැටි වල.

    Imagine there's no country
    It's not hard to do
    Nothing to kill or die for
    And no religion, too
    Imagine all the people
    ...........

    ReplyDelete
    Replies
    1. සින්දුව හොයාගෙන ඇහුව ඩූඩ්. ඒක කාගෙ උනත් හිතේ තියාගන්න පුළුවං සරළ සාමකාමී හීනයක් නේද?

      You, you may say
      I'm a dreamer, but I'm not the only one
      I hope some day you'll join us
      And the world will be as one...

      Delete
  3. එහෙම වුනෝත් ඩු්ගග‍ෛව‍ෙව වගේ මේ ලෝකේ කිසි ගතියක් නැති වෙනවා බං. නිකං රොබෝල ටිකක් වගේ. හං කැමති නෑ ඒතට.
    අම .හුග දවසකින් නේද ලිුවේ

    ReplyDelete
    Replies
    1. දැනටත් ඒකෙ ලොකු වෙනසක් නෑ මචෝ. අපි වැඩකරන්නෙ රොබෝල වගේ තමයි. කවුරු හරි වයින් කරල බොත්තං දෙකතුනක් ඔබල තිබ්බම ඔය යස අපූරුවට නටන්නෙ...

      වෙන වැඩ ගොඩක් ගොඩගැහිල නිසා මේ දවස් වල ලියන්න තරං වෙලාවක් හොයා ගන්න අමාරුයි.

      Delete
  4. අර කිව්වත් වගේ එදාටත් මිනිස්සු මොනවා හරි හේතුවක් හදා ගනීවි..වාද කරන්න..කුලල් කා ගන්න..

    පින්තූරය පද ටිකට අපූරුවට ගැලපෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි.

      සමානකම් හොයාගන්නවට වැඩිය හොඳට වෙනස්කම් හොයන්න මිනිස්සු දක්ෂයි. ඒකනෙ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න මෙච්චර අමාරු.

      Delete
  5. ඇත්තටම එහෙම තත්ත්වයක් ඇති වුනොත් වැඩි කලක් නොගිහින් ආයේ මොකක් හරි එකක් අල්ලාගෙන ගහ මරා ගන්න පටන් ගනියි.

    ReplyDelete
    Replies
    1. අර පප්ප ගමේ උදවිය වගේ... වලියක් නොතිබ්බොත් ගතියක් නෑ.

      Delete
  6. ඒ වගේ දවසක් අතීතයේ තිබ්බෙත් නෑ වර්තමානයෙත් නෑ අනාගතයේ ඇති වෙන එකකුත් නෑ.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. ඔව්... ඕක හීනයක් විතරයි.

      Delete
  7. මේ සියල්ල ඇති කරන්නේ පාළකයොයි..
    නැත්තං රට කරවන්න අමාරුයි..
    මිනිස්සුන්ට වෙහෙසෙන්න දෙයක් තිබ්බේ නැත්තං වෙන වෙන දේවල් වලට ඔළුව ගිහිං ආන්ඩු පෙරලන්න බලනවා...

    ReplyDelete
    Replies
    1. හැබැයි පාලකයන්ව ලොකු පුටු වල ඉන්දවන්නෙත් අපිමයි.

      Delete
  8. මමත් නම් හිතන්නෙ නෑ කවදාවත් එහෙම කාලයක් ඒවි කියලා පරිකල්පන.... අර අන්තිමට කියලා තියෙන ටික තමයි හැමදාම වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඉන්නෙ විසඳගන්න පොදු ප්‍රශ්ණයක් තියෙනකං විතරයි. එහෙම නැති උනාම වෙන මොකක් හරි අල්ලගෙන බෙදිල ගහමරා ගන්නව...

      Delete
  9. තරියා හරි.බලය අත ගත්ත අයට පුළුවන් මේ සිහින සැබෑ කරන්න.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒත් ඔතන තියෙන ප්‍රශ්ණෙ මේකයි ගයනි. බලය අතේ තියෙන මොනම මනුස්සයෙක්ටවත් ඒක අනුන්ගෙ යහපතට යොදවන්න ඕනි කමක් නෑ.

      Delete
  10. එහෙම උනත් මිනිස්සුන්ට තව ඕන තරම් හේතු තියෙයි ප්‍රශ්න ඇති කරගන්න.

    ReplyDelete
  11. ඒවිද එහෙම දවසක් ?

    ReplyDelete
  12. එහෙම නැති එකත් ප්‍රශ්නයක් කරගනීවි.. :D :D

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ නැති එකත් වෙලාවකට ප්‍රශ්ණයක්නෙ

      Delete
  13. කවදාවත් නොසිතු ප්‍රශ්නයක් අල්ලගෙන පිල් කිහිපයකට බෙදේවි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් කියල කියන්නවත් බැරි සූට්ටං මොකකට හරි ගහ මරා ගනීවි. ඕං බලන්නකො බොරුනං.

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...