Pages

Saturday 18 February 2012

නිදහස...




කූඹි ගුලේ හිරවෙලා ජීවිතේ ගෙවාදාපු කූඹි පැංචන්ට පැංචියන්ට අත්තටු මැවිලා. දැන් ඉතින් නිදහස හොයාගෙන ඈත අනන්තයට උනත් පියාඹන්න පුළුවන්. කරදරකාර මහළු කූඹින්ගෙ ලෝකෙන් මිදිච්ච වෛවර්ණ, චමත්කාරජනක, වචනයෙන් විස්තර කරන්න බැරි තරම් “ජොලි ලෝකයක් මේ කූඹි පොඩිත්තන්ව පිළිගන්න සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඒ ලෝකය විඳින්න යන්නයි මේ අයගේ දැන් සූදානම. ජීවිතේ ගැන බරපතලව හිතන්නෙ මොන මෝඩයොද? ඒ අයත් මේ හණමිටි අදහස් කරපින්න ගත්තු නාකි කූඹි මහල්ලො වගේම වෙන්න ඇති.

“පුතේ, අරක කරන්න එපා... මේක කරන්න එපා...

මොන කරදරයක්ද...?

කූඹි ගුලෙන් පිටවෙන්න එහි මුවවිට ල පොරකන හැම කූඹි පැංචගෙම කූඹි පැංචියගෙම හිතේ බලාපොරොත්තු ගොඩකුත් පොරකනව. කරන්න කොච්චරනං දේවල් තියෙනවද? ඒත් නිදහස තියෙන්නෙ මෙහෙ නෙමෙයි. අර ඈතින් පේන පාට පාට එළි තියෙන තැන. ඒ එළි වල තියෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි තරමේ ආකර්ශණීය බවක්. හරියට සිතූ පැතූ සම්පත් ලබා දෙන තැනක් වගේ. තමන් හොයන නිදහස... ආදරේ... පිළිගැනීම... කැපී පෙනෙන බව... තව දහසකුත් එකක් දේවල් මේ පාට පාට එළි ගාව තියෙයි කියල කූඹි පැංචන්ගෙ පැංචියන්ගෙ අහිංසක පුංචි හිත් එකහෙලාම කියා සිටිනව.

ඉතින් නිදහසට තව මොහොතයි...

...

ඔයගොල්ලො හිතනවද කූඹි පැංචො පැංචියො පියාඹල යන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලෝකෙ එච්චරටම ඓශ්චර්යවත් වෙයි කියල?

_____
පින්තූර
http://www.wired.com/images_blogs/wiredscience/2010/10/spider-web-flickr-jeffsmallwood.jpg

5 comments:

  1. ඒ ඉගිල්ලෙන්න බලාන ඉන්න ලෝකේ ඉතින් එච්චැඅ සුන්දර නම් නෑ ඒත් ඒ එලියට බැහැලා ජීවිතේ විඳින එක කාගෙත් අයිතියක්

    ඒක නෙවේ කූඹි පියෑඹුවේ කවද්ද බං ?

    වේයො නේද තටු ඇවිදිල්ලා මෙරු වෙලා ඉගිල්ලෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඔව්. ඒත් වැඩිහිටියො යහපත් චේතනාවෙන් දෙන අවවාදයක් උනත් පිළිගන්නෙ නැති කොටසකුත් ඉන්නව නේද?

      ...

      කූඹින්ටත් ඉගිල්ලෙන්න තටු ලැබෙනව. ඒත් අපි වැඩිපුර දකින්නෙනං මෙරුවො වෙලා ඉගිල්ලෙන වේයො තමයි.

      වැඩිදුර විස්තර ටිකක් මෙතනත් තියනව.
      http://flrec.ifas.ufl.edu/entomo/ants/Ant%20vs%20Termite.htm

      Delete
  2. කුඹි පිහාබින්නේ ඒ රැලේ නායක කුඹි ටික දෙනා විතරයි.රජ කුඹු කියන්නේ වුන්ට.රජ කුඹියා එලියට ගන්න ආස හිතුනාම පොඩි කාලේ අපි කරන්නේ භූමිතෙල් දානවා කුඹි ගුලට.

    ReplyDelete
    Replies
    1. ඕං කරල තියෙනව වැඩක්... කූඹියෙක්ටවත් පාඩුවෙ ඉන්ඩ දීල නෑනෙ... :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...