රවුම් ගමන් මාර්ගයක අගක් මුලක් හොයන්නෙ කොහොමද?
අපි ජීවත් වෙන මහ පොළොවත් ඉර වටේ යන්නෙ ඒවගේ අගක් මුලක් හොයන්න බැරි රවුම් (හරියටම
කිව්වොත් ‘ඉලිප්සාකාර’) මාර්ගයක. මෙහෙම රවුම් ගමනක විශේෂත්වය තමයි කලින් වාර වලදි පහුකරපු තැන් ආයෙ ආයෙමත්
හමුවීම. හරියට අවුරුද්දෙ ඍතු හතර එකම පිළිවෙලට හැම අවුරුද්දෙම එන එක, එහෙමත්
නැත්නම් හැම අවුරුද්දෙම එකම දවස් වලදි “සූර්ය නිවෘත්ති (Solstice)” ඇතිවීම වගේ.
දින දර්ශණය කියන සංකල්පයට මූලික
වෙලා තියෙන්නෙත් මේ හේතුවමයි.
මානව ඉතිහාසයේ මුල් කාලයේ ඉඳන්ම එක එක
විධියේ දින දර්ශණ පාවිච්චි වෙලා තිබුණත් දැන් අපි එදිනෙදා
පාවිච්චියට ගන්නෙ දහතුන්වෙනි ග්‍රෙගරි පාප් වහන්සෙ හඳුන්වල දීපු, ජනවාරි 1 න් පටන්ගෙන දෙසැම්බර් 31 න්
අවුරුද්ද ඉවර වෙන ග්‍රෙගෝරියානු දින දර්ශණේ.
මං අහල තියෙන විදියට අප්‍රේල් පළවෙනිද මෝඩයගෙ දවස
උනෙත් කැලැන්ඩර් හුටපටයක් නිසා. කොහොම උනත් ජනවාරි පළවෙනිදත් මෝඩයන්ගෙ දවසක්නෙ. ඇයි කියල දන්නවද? අර දවස් කාල (¼) නිසා.
අපි අපේ පහසුවට රවුං ගණං වලින් වැඩ කරන්න ආස උනත්
අපිට ඕනි විධියට ලෝකෙ කැරකෙන්නෙ නෑනෙ. ඉතිං අපි අවුරුද්දට දවස් 365 ක් තියෙනව කියල
හිතාගෙන හිටියට ඒක එහෙමම නෙමෙයි. පොළොවට ඉර වටේ යන්න දවස් 365 කුත් ¼ ක් ගත වෙනව. ඔය දවස් කාල (¼) කැලැන්ඩරේට ඔබන්න ගියොත් අවුලක් වෙන හින්ද අවුරුද්දක්
දවස් 365 යි කියල අරගෙන, ඉතිරි වෙන දවස් කාලෙ ඒව හතරක් එකට එකතු කරල අවුරුදු හතරකට
සැරයක් පෙබරවාරි 29 කියල දවසක් කැලැන්ඩරේට එකතු කරනව. එතකොට ඒ
අවුරුද්ද අධික අවුරුද්දක්. හරියට මේ අවුරුද්ද වගේ.
ඉතිං අළුත් අවුරුද්දෙ අපි හාහාපුරා කියල කරන මෝඩ
වැඩේ මේකයි. රෑ දොළහට ‘කවුන්ට් ඩවුන්’ කරල, රතිඤ්ඤා පත්තු කරල, මල් වෙඩි දාල, කිරි
උතුරෝල, ‘චියස්’ කියල, තව තව විගඩං හැටහුටාමාරක්
කරල අළුත් අවුරුද්ද පිළිගෙන පැය හයකට පස්සෙ තමයි ඇත්තටම අළුත් අවුරුද්ද උදා
වෙන්නෙ. හරියට පාටිය ඉවර උනාම ආරාධිත අමුත්ත එනව වගේ. : )
...
“ලැබුවා වූ නව වසර සාමය,
සතුට, සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා!”
_____
පින්තූර
http://www.offthemark.com/cartoons/1993-01-01.gif
එසේම වේවා !!!!
ReplyDeleteසහතික ඇත්ත..කතාවනම්
ReplyDeleteඔබටත් එසේම වේවා!!