Pages

Sunday, 4 September 2011

ඊයේට වඩා ලඟයි අද


මේක මං ඔය එක එක මනස්ගාත කල්පනා කර කර ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්.

“මනුස්සයෙක් අවුරුදු සීයක් ජීවත් උනොත්හරියටම දවස් වලින් කීයක් ජීවත්උනා වෙනවද?”

ඕක මහ සද්දන්ත ගානක්යැ? ඇස් දෙක වහගෙන උත්තරේ කියන්නපුළුවංනෙ.

365 x 100 = 36500

දැං ඉතිං අධික අවුරුදු ගැන එහෙම හිතන්න ඕනි නෑ. ඒ ටිකත් එකතු කරොත් උත්තරේ තව පොඩ්ඩක් විතර වැඩි වෙයි.

අවංකවම කියනවනං මම මීට වැඩිය ටිකක් ලොකු උත්තරයක් බලාපොරොත්තු උනා. ජීවිත කාලෙ දිගයි කියල හිතාගෙන හිටපු මට දැනටමත් මං මේ ගොඩෙන් දවස් 9500 කට කිට්ටු වෙන්න ගෙවල දාල ඉවරයි නේද කියලත් කල්පනා උනා. මතකතියා ගන්න දවස් 36500 ම ලැබෙන්නෙ අවුරුදු 100 ක් ජීවත් වෙන කෙ‍නෙක්ට.

අපි දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ කොච්චර පොඩි කාලෙකටද? ඒඋනාට අපි එකපාරක් නැවතිල මේගැන හිතල බලල තියෙනවද? එක එක විකාර වැඩ වලට, එහෙමත් නැත්නං කම්මැලිකම නිසා අපි කීයක් නං දවස් නාස්ති කරල තියෙනවද? අපි වෙලාව විධියට නාස්ති කරලතියෙන්නෙ අපේම ජීවිතේ. අපි ජීවත් වෙන්නෙත් වතුර හැලියට දාල ලිපේ තිබ්බ කකුළුවො ටිකක් වගේම තමයි. හැලිය අස්සෙ උං ටික අඟර-දඟරදදා ඉද්දි උන්ටත් නොදැනීම වතුර ටික රත් වෙනවා.

දවසක් කියන්නෙ “36500” න් “1” ක් විධියට හිතල බලන්න. ජීවිතේ සංකීර්ණ බව ටිකක් හරි අඩුවෙයි.

2 comments:

  1. තත්පරවලින් හිතන්න. එතකොට අපේ වත්කම වැඩියි!

    ReplyDelete
  2. @කතන්දර Kathandara
    හ්ම්... ඒකත් ඇත්ත. එතකොට අපි කරන නාස්තියේ තරමත් ලොකුවට පේන්න ගන්නවනේ.

    ReplyDelete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...