ඔය ඉලෙක්ට්‍රොනික් බඩු තියෙනව නේද? ඒවට මහ නරක පුරුද්දක් තියෙනව. වගකීම් කාලෙ ඉවරවෙනකං පොළොවෙ ගැහුවත් ඔරොත්තු දෙන සයිස් එකෙන් තිබිල වගකීම් කාලෙ ඉවර වෙලා මාසෙ, දෙක යද්දි ලෙඩ දෙන්න ගන්නව. අවුරුද්දක වගකීම් කාලෙ ඉවරකරපු මගේ ලැප්ටොප් එකටත් ඒ ටිකම උනා. යසට වැඩ කර කර තිබ්බ ඒක එක හිමිදිරි පාන්දරක ඔන් කරගන්න බැරුව ගියා. හිස් තිරේක පේළි දෙකකට ලියවිච්ච ‘එරර් මැසේජ්’ එකක් විතරක් පෙන්නල ලැපා නිස්සද්ද උනා...
මට කම්පියුටර් ගැන තියෙන සාමාන්‍ය දැනීමෙන් ඩස්ක්ටොප් එකක් ඔය වගේ තත්වෙකින් ගොඩදාගන්න එක එච්චර අමාරු නෑ. වැඩිම උනොත් ෆෝමැට් පාරක් දුන්න... අළුතෙන් ඕ. එස්. එක (මෙහෙයුම් පද්ධතිය) දැම්ම... වැඩේ ගොඩ! ඒත් ලැප්ටොප් එක්ක තත්වෙ වෙනස්. ඒකත් එක්ක එන ‘රිකවරි පාටිෂන්’ එක නිසා ගොඩ දා ගැනීමේ මෙහෙයුම ටිකක් විතර සංකීර්ණ වෙනව.
ඇරත් මට වැඩිය වැදගත් උනේ ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකේ තිබ්බ ලට්ට ලොට්ට කන්දරාව. ෆිල්ම්... සින්දු... ෆොටෝ... කෝස් මැටීරියල්... උපාධි නිබන්ධනේ... ප්‍රොජෙක්ට්... බාගෙට ලියපු බ්ලොග් පෝස්ට්! මේ වගේ එකී, මෙකී, නොකී දේවල් ගොඩක් ඒකෙ තිබ්බ. ඒ නිසා මකබාස් වැඩ කරන්න යන්නෙ නැතුව ‘වෘත්තීමය’ උදව්වක් ගන්න මං තීරණේ කරා. වැඩි හොඳට!
ඉතිං ආතුර වෙච්ච ලැපාවත් කරපින්නගෙන මං ගියා මං පාවිච්චි කරන වර්ගයේ ලැප්ටොප් වලට අලෙවියෙන් පස්සෙ සේවා සපයන ටිකක් විතර ප්‍රසිද්ධ ආයතනයකට. ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරේ ලඟින්ම ඒගොල්ලො සපයන එක එක සේවාවන් වල ගුණාත්මක භාවය අගය කරල ලැබිච්ච සම්මාන එහෙම ප්‍රදර්ශණේ කරල තියෙනව දැක්කම ඔය එහෙ මෙහෙ අටවල තියෙන ‘පෙට්ටි කඩ’ වගේ රෙපෙයාර් ෂොප් වලින් එකකට නොගිහිං මෙතෙන්ටම ආපු එක ගැන මට අවංකවම සතුටු හිතුන.
“මේ මැෂින් එක ඔන් වෙන්නෙ නෑ... ඩිස්ක් එරර් එකක් එනව...”
මං මගේ ප්‍රශ්ණෙ විස්තර කරා.
“සර්... මේකෙ වොරන්ටි පීරියඩ් එකනං දැං ඉවර වෙලා තියෙන්නෙ...”
“මට ඕකෙ තියෙන ඩේට ටික ගොඩක් වැදගත්... ඒ ටික රිකවර් කරගන්න පුළුවන් වෙයි නේද...?”
“ඒකනං බලන්න වෙන්නෙ මැෂින් එක චෙක් කරාට පස්සෙ... ඒකට සතියක් විතර යයි... ඩයග්නෝස් රිපෝට් එක අපි සර්ට මේල් කරන්නං... කෝකටත් සර් ලබන අඟහරුවාදට විතර අපිට කෝල් එකක් දීල බලන්න...”
“මේ... මට කියන්න පුළුවන්ද වැඩේට කොච්චර විතර වියදං වෙයිද කියල...”
“අපි ඩයග්නෝස් වලට ෆයිව් හන්ඩ්රඩ් රුපීස් චාජ් කරනව... විතවුට් වැට්... අනික් වියදං ගැනනං මැෂින් එක චෙක් කරල ඉවර වෙනකං කියන්න විදිහක් නෑ...”
“හරි... මං අඟහරුවාද පහුවෙලා කතා කරන්නං...”
කෙනක් අද කාලෙ පරිගණකයකටත් ඒ හරහා අන්තර්ජාලයටත් කොච්චර දුරට බැඳිල (ඇබ්බැහි වෙලා :P) ඉන්නවද කියල තේරුං ගන්නනං ඒ දේවල් නැතුව තනියෙන් සති අන්තයක් ගත කරන්න ඕනි. ඒ වගේ කම්මැලිම කම්මැලිකමේ ගෙවිච්ච ඉරිදාවකට පස්සෙ පටන් ගත්ත ඊලඟ සතියෙ අඟහරුවාද මං මගේ ලැප්ටොප් එකේ තත්වෙ දැනගන්න කෝල් එකක් දුන්න.
“හෙලෝ... මේ... මං මගේ ලැප්ටොප් එක හදන්න ඔයගොල්ලන්ට බාර දුන්නා, ගියසතියේ... ඒක කොහොමද කියල මට දැනගන්න පුළුවන්ද...?”
“ජොබ් නම්බරේ කියන්න සර්...”
“ආඃ... ඔව්... 0... 5... 3... 2... 9...”
“විනාඩියක් ඉන්න සර්.......................................................... හෙලෝ... සර්... ඔයාගෙ ලැප්ටොප් එකේ හාඩ් ඩ්‍රයිව් එකයි හීට් සින්ක් එකයි දෙකම රිප්ලේස් කරන්න ඕනි... අපි කොටේෂන් එකක් සර්ට මේල් කරල ඇති...”
ඉතින් ඩේට රිකවර් කෙරිල්ල ගැන අහල වැඩක් නෑනෙ. අයියෝ අපරාදෙ! මං ඒව කොහාටවත් බැකප් කරල තිබ්බෙවත් නෑ. ලැපේ එච්චර ලොකු ලෙඩක් ඇති කියලවත් මට හිතිල තිබ්බෙ නෑ.
“මං අද උදේ මේල් චෙක් කරද්දිනං එහෙම එකක් ඇවිල්ල තිබ්බෙ නෑ... හරි.... කමන්නෑ මං අද හවසට ඇවිල්ල බලන්නං...” කියල මං ෆෝන් එක තිබ්බ.
අස්සය මැරිච්ච කව්බෝයි වගේ එදා දවසෙ මුල හරිය ගෙවාදාපු මං හවස තිබ්බ අනිත් වැඩ ටික පැත්තකට කරල කෙලින්ම ගියේ ඩේටා කෙසේ වෙතත් ලැපාව ආයෙ වැඩ කරන තැනට ගොඩ ගන්න මොනාද කරන්න ඕනි කියල බලා ගන්න.
මේ පාර කෙලින්ම ටෙක්නීෂියන්ව හම්බවෙන්න මට පුළුවන් උනා.
“ආඃ... ඔව්... ඔයාගෙ මැෂින් එකේ හාඩ් ඩ්‍රයිව් එකයි හීට් සින්ක් එකයි ආයෙ දාන්න වෙනව තමයි...” ජොබ් කාඩ් එක බලල මනුස්සය කිව්ව.
“මේ... ඒකට කීයක් විතර යයිද...?”
“ඇයි අපි කොටේෂන් එකක් එවල නැද්ද...?”
“නෑ... එවල තිබ්බෙ නෑ... ඒකයි මං මේ අද ආවෙ... මට මේ වැඩේ ටිකක් හදිස්සියි... බැරිද නිකං රෆ් එස්ටිමේට් එකක් දෙන්න...”
“ම්ම්ම්... හාඩ් ඩ්‍රයිව් එකට දා හතක් විතර යයි... එතකොට හීට් සින්ක් එක නවයක් විතර වෙයි... කොහොමත් ඔක්කොම එකතුවෙලා එද්දි විසි අටක් විතර යයි... හාෆ් පේමන්ට් එකක් දැන් කරව්වොත් දවස් දෙකකින් විතර වැඩේ කරල දෙන්න පුළුවං...”
වි- වි- විසි අට දාහක්...? මට එහෙම්පිටින්ම ලැප්ටොප් එක ගන්න වියදං උනෙත් ඒ වගේ දෙගුණෙකට ටිකක් වැඩියෙන්!
ඒ වෙලාවෙ ඔළුව අස්සෙ පෙරලි කරන දාහෙ කොළ විසි අටක හිතිවිල්ල අස්සෙන්ම හිතේ කොණක පොඩි අනතුරු ඇඟවීමේ සංඥාවක් පත්තු වෙලා නිවිල ගියා. උඩ ගිහිං තිබ්බ ඇහිබැම පහතට දා ගන්නයි ඇරිල තිබ්බ කට වහගන්නයි මට තවත් තත්පර කීපයක් මිඩංගු කරන්න උනා.
“එතකොට මට පරණ හාඩ් ඩ්‍රයිව් එක ගන්න පුළුවන් නේද...?” ඉවෙන් වගේ ඔළුවට ආපු පළවෙනිම ප්‍රශ්ණෙ මං ඇහැව්ව.
සමහර විට මට එහෙම පේන්න ඇත්තෙ අර උඩින් කියපු විසිඅටදාහෙ හිතිවිල්ල තවම ඔළුව අස්සෙ කැරකැවි-කැවි තිබ්බ නිසා වෙන්න ඇති. ටෙක්නීෂියන් බුවාගෙ මූණ ඒ ප්‍රශ්ණෙ නිසා එක දශමයක් විතර ඇද උනා. දෙවෙනි අනතුරු ඇඟවීමෙ සංඥාවත් ඔළුව අස්සෙ පත්තු වෙලා නිවිල ගියේ ඒ වෙලාවෙ.
මෙතන මොකක් හරි අවුලක් තියෙනව!
“ඔව්... ප්‍රෂ්ණයක් නෑ... පරණ හාඩ් ඩ්‍රයිව් එක දෙන්න පුළුවං... එහෙම නැත්නං ඩයග්නෝස් ෆී එක ගෙවල ඔයාට ලැප්ටොප් එක අරං යන්නත් පුළුවං...” පොර කිව්ව.
“හරි... අපි මෙහෙම කරමු... ඔයගොල්ලො මට කොටේෂන් එක මේල් කරන්න... මං එතකොට ඒක බලල මොනාද කරන්නෙ කියල කියන්නං...”
කොටේෂන් එකක් තියා ඒකක වල්ගයක්වත් ඉන් බොක්ස් එකට ආපු නැති දවස් දෙක තුනක්ම ගෙවිල ගියා. ඒ දවස් ටික මං ගෙව්වෙ දැන් මොකක්ද කරන්නෙ කියන දෙගිඩියාවෙන්.
කොහොම හරි ඔය අල්ල පනල්ලෙ තමයි වෙන වැඩක් කරගන්න හදිස්සියෙන්ම යුනිටියට යන්න උනේ. එතන ලැප්ටොප් ෂොප් එකකින් මං ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකක ගාන නිකමට වගේ අහල බැලුව.
“ලැප්ටොප් හාඩ් ඩ්‍රයිව් එකක් දෙන්නං හත්දාස් පන්සීයකට...”
“අරුං තව පොඩ්ඩෙන් මාව කනව!” මම එහෙම කිව්ව නෙවෙයි මට එහෙම කියඋනා.
“මේ... මේ... ඔයගොල්ලො ලැප්ටොප් රෙපෙයාර් කරනවද...?” දත්මිටි කන ගමන්ම මං ඇහැව්ව.
“ඔව්...”
“මගේ වැඩ කරන්නෙ නැති ලැප්ටොප් එකක් තියෙනව... ඒක පොඩ්ඩක් චෙක් කරල අවුල මොකක්ද කියල බලාගන්න පුළුවං වෙයිද...?”
“පුළුවං... අරං එන්න...”
මං පහුවදාම ගිහිං අර උන්දලගෙ ඩයග්නෝස් ෆී එක ගෙවල ලැප්ටොප් එකත් අරගෙන යුනිටි ගියා.
යුනිටියෙ මං ගිය ලැප්ටොප් ෂොප් එකේ මනුස්සය විනාඩි කීපයක් ඇතුලත මගේ ලැප්ටොප් එක ‘සේෆ් මෝඩ්’ එකෙන් පණගන්වල ගත්ත. මැරුණයි කිව්ව හාඩ් ඩ්‍රයිව් එක ඒ විදිහට මළවුන්ගෙන් නැගිටිනව මං බලාගෙන හිටිය. ඒ වෙලාවෙ මගේ හිතේ ඇතිඋනේ තරහකටත් වඩා ලොකු කළකිරීමක්. හොඳ සේවයක් හම්බවෙයි කියන විශ්වාසයෙන් මං මුලින්ම ගිය තැන අය මාව එහෙමපිටින්ම රවට්ටල...
“මැෂින් එකේ වෙන ලොකු ලෙඩක් නෑ... රිකවරි පාටිෂන් එක ක්‍රෑෂ් වෙලා විතරයි... හෙට හවස එන්න... මං හදල තියන්නං...”
“එතකොට මගේ ඩේටා ටික බේර ගන්න පුළුවන්ද...?”
“කරල දෙන්නං... ඕ. එස්. එක අළුතින් දාන්නයි ඩේට ටික රිකවර් කරන්නයි දෙකටම දෙදාස් පන්සීයක් දෙන්නකො...”
___
අපි කවුරුවත් ලෝකෙ ජීවත් වෙන්න ඕනිකරන හැමදේම දන්නෙ නෑ. ඒක නිසා එදිනෙදා ජීවිතේදි අනිත් අයගෙ උදව් වගේම උපදෙසුත් අපිට අනිවාර්යයෙන්ම ඕනි වෙනව.
ලෙඩක් දුකක් උනාම අපි දොස්තර කෙනෙක් ගාවට යන්නෙ; ඉගෙන ගන්න ඉස්කෝලෙකට හරි වෙනත් අධ්‍යාපන ආයතනයකට යන්නෙ; එහෙමත් නැත්නං ණයක් ගන්න ඕනි උනාම බැංකුවකට යන්නෙ ඒ තැන් වල ඉන්න අය අපිට උදව් වෙයි කියන විශ්වාසයෙන්. ඒ ගොල්ලො වෘත්තීය ආචාරධර්ම වල හැටියට අපිට සාධාරණ සේවාවක් ලබා දේවි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒත් ඒ හැමදේටම පයිං ගහල ඒ අය තමන් ගාවට එන සේවාලාභීන්ව රවට්ටනවනං එතකොට අපි මොකද කරන්නෙ...?
_____
පින්තූරය
ඔව් එහෙම තමයි සමහර තැන්වල. අපිව හූරාගෙන කන්න බලාගෙන ඉන්නේ.
ReplyDeleteදැං කාලෙ මිනිස්සු වැඩි දෙනා ආත්මාර්ථකාමීයි...
Deleteරවට්ටලා මරාගෙන කාල හරි සල්ලි හොයාගන්න ලෝකයක්නේ මේක..
ReplyDeleteලැප හදාගන්න පුළුවන උන එකනම් ගොඩක් හොඳයි ;)
ඇත්ත... තව පොඩ්ඩෙන් වටින කියන ෆයිල් ගොඩක් මට නැති වෙනව.
Deleteහැමදේම පොඩ්ඩ පොඩ්ඩ හරි දැනන් හිටියනම් කාටවත් අන්දන්න බෑ. bios කන්ෆිගර් කරල පෙන් එකෙන් බූට් කරගත්තනම් ඔයාට කීයක්වත් වියදම් වෙන්නෙ නෑ...
ReplyDeleteඔව්... මං මේකෙං ඉගෙනගත්ත එක පාඩමක් තමයි උබුන්ටු හරි ලිනක්ස් හරි ලයිව් සීඩී එකක් හැම වෙලාවෙම ලඟ තියා ගන්න ඕනි කියන එක.
Deleteඅපි නොඳන්න ඕනාම සබ්ජෙක්ට් එකකට සෙට් වුනොත් නම් ඔහොමම තමා.හූරාගෙන කනවා.ඒත් සමහර හොඳ අයත් ඉන්නවා
ReplyDeleteඇත්තටම හොඳ අය ඉන්නව. ඒත් මේ අපතයො ටිකක් නිසා අපේ හිතේ සැනසිල්ල කොච්චර නැති වෙනවද? දැං ලැප්ටොප් එකක් වගේ දෙයක්නං කමන්නෑ කියල හිත හදා ගන්න පුළුවං. ඒත් දොස්තර කෙනෙක් ගාවට ගියාමත් මේ වගේ දෙයක් උනොත්?
Deleteඔය වගේ වෙලාවට එහෙම ආයතනවල නම් ගම් නොදා ඉන්නේ ඇයි..? යුනිටිය ගැන කිව්වා වගේම අර මකබාස්ලගේ ආයතනය ගැනත් කියන එක වටිනවනේ..මේක බලන එකෙක් හරි බේරෙන්න පුළුවන්...
ReplyDeleteමේ පෝස්ට් එක ලියන්න කලින් මං ගොඩක්ම කල්පනා කරපු තැනත් ඕක තමයි. නම දානවද නැද්ද කියන එක. මං පෝස්ට් එකේ ලියල තියෙනව නේද අර ‘ඩයග්නෝස් රිපෝට්‘ එකයි ‘කොටේෂන් එකයි‘ මට හම්බඋනේ නෑ කියල. ඒ දෙක අද වෙනකනුත් ඒ අය එවල නෑ. මං ඒක එවන්න කියල ඒ ගොල්ලන්ගෙන් කෝල් කරල ඉල්ලුව. එව්වෙ නෑ. අන්තිමේදි මං එතනින් ලැපා ගන්න ගිය වෙලාවෙ ප්‍රින්ට් අවුට් එකක් දෙන්න කියල ඉල්ලුව. ඒකත් නොදී ඒ අය ලිස්සල ගියා.
Deleteඔය දෙකෙන් එකක් හරි මට ගන්න පුළුවං උනානං ඒගොල්ලන්ටත් දැනෙන්න මට මේක බේරුමක් කරගන්න තිබ්බ. ඒත් ඒව මං ගාව නැති නිසා මට ඕක ඔප්පු කරන්න පැහැදිලි සාක්කි නැහැ. ඒකයි මං නං ගං අතෑරල කතාව විතරක් ලිව්වෙ...
සාක්ෂි ඕනේ නෑ බන්, නිකමට නම දාපන්, අනික යුනිටියේ තැන හරි. යුනිටියේ ඔහොම තැනක් තියනවා කිව්වමත් පුදුමයි
Deleteaiyooo mekata sathayak wath wiyadam wenne nane gedaradima karanam :D
ReplyDeleteඔතනදි මං මූණදීපු ප්‍රශ්ණෙ උනේ මැෂිම රිකවරි මෝඩ් එකට ගන්න බැරි වෙච්ච එක. අනික් දේ තමයි ඔරිජිනල් වින්ඩෝස් ඇක්ටිවේට් කරගන්න නොදන්න කම. මට ඕනි වෙච්ච ඒකාබද්ධ, වඩා පළදායී විසඳුමක් බලාපොරොත්තුවෙන් ගිහිං තව පොඩ්ඩෙන් ලොකු පාඩුවක් විඳින්න සිද්ධ වෙනව...
Deleteඔය කියන ආයතනයේ නම ඉඟියකින් හරි දුන්නොත් අනෙක් අයටත් එතැනට නොගිහින් බේරෙන්න පුලුවන් වෙයි.
ReplyDeleteමචන් ඔය උඹව අන්දපු තැන නමත් එක්කම දාපන්කෝ...අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න...ඒ එක්කම උඹට වැඩේ කරලා දීපු තැනත්..... :)
ReplyDeleteමොකද අපේ කවුරුත් මේ වගේ දේවල්වල්දි නමක් ගමක් දාන් නෑ.....ඉතින් කොහොමද මොනිස්සු ඕවා වර්ජනය කරන්නේ...
ඔය අදාළ තැන නම ගම දැම්ම නම් අපිටත් නොගිහින් ඉන්න තිබ්බ. මමත් සොෆ්ට් ලොජික් ලට දීල ලැපක් කෙල කරගත්ත.
ReplyDeleteඔව්....ඒ හොර තක්කඩියන්ගෙ නම හෙලිකරන්න...2500/ කින් කරගන්න පුලුවන් වැඩේට 28000 ක්... ඔවුන්ට හෙන ගහන්න ඕනෙ...
ReplyDeletesecond opinion is a must!
ReplyDeleteYep! that's one lesson I learned
Deleteමචන් ඔය තැන් වල නම් දාපන්, ඒක කාටත් හොදයි,
ReplyDeleteමටත් ඔය විදිහ අත් දැකීමක් තියනවා යුනිටියත් එක්ක,
ළගදීම පෝස්ට් එකක් විදිහට දාන්නම්....
ඔයගොල්ලො දන්නවද තුම්මුල්ලෙ තියෙන ඉන්ෆොමැටික්ස් එකේ කම්පියුටර් සර්විස් සෙන්ටර් එක. මං නං මං අඳුරන කාවවත් කැඩිච්ච කම්පියුටරයක් හදාගන්න කියල එතනට යවන්නෑ...
ReplyDeleteඇත්තටම පරිකල්පන මුං දන්නෙ නැත්නම් නිකම් හිටියානම් ඉවරනෙ, නැත්ද? මාරාවේශ වෙනවා කියවනකොටත්. මටත් ඔහොම අත්දැකීම් තියෙනවා. මෙහෙදි ප්ලේ ස්ටේෂන් එකක් වැඩ කරෙන්නෙ නැතුව ඒජන්ට්ලට දුන්නාම මදර්බෝඩ් එක දාන්න ඕනෙ කිව්වා, මම ඇණටික ගලවලා සර්කිට් එක සුද්ද කලාමෙ මෙන්න බබා වගෙ වැඩ. අරුන් ඉතින් එක්ස්පර්ට්ලලු.
ReplyDeleteමට ඔය ඩර්ස්ට් කාරයොත් ඔයවගෙ වැඩක් කරන්න හැදුව වතාවක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඩූඩ්,
Deleteමං හිතන්නෙ ඕක ඔය මිනිස්සු නොදැන කරන දෙයක් නෙවෙයි. මේ මට හිතිච්ච හැටි...
වොරන්ටි තියෙනවනං part to part replacement එකක් කරද්දි අපෙන් සල්ලි වියදං වෙන්නෙ නෑනෙ. ඒ වගේම ඇත්තටම ඒ replacement එක කරාද කියලවත් අපිට හරියට දැනගන්න විදිහක් නෑ. ඉතින් කෙනෙක්ට ඕනිනං පුළුවං බොරු ලෙඩක් මවාපාල රිප්ලේස්මන්ට් පාට් එක ගෙන්නගෙන, ඒක තමං ගාව තියාගෙන පරණ එකම හදල දෙන්න. එහෙමත් නැත්නං අළුත් පාට් එක දාල පරණ උනත් හොඳ තත්වයේ පාට් එකක් තමන් සතු කරගන්න. වැඩිපුර වෙන්න ඉඩකඩ තියෙන්නෙ ඔය දෙවෙනි එක. මොකද වැරදිලාවත් ඔඩිට් එකක් කරොත් ලේසියෙන් බේරෙන්න පුළුවං ඒ විදිහෙන් නිසා.
බාස්ලගෙන් (මේසන්, වඩු, ගරාජ්, මිකැනිකල්, ඉලෙක්ට්‍රොනික්) මම මේ ගැන ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. ඒහින්ද ගොඩක් වෙලාවට මගේ වැඩ පුළුවන් විදියට මමම කර ගන්නවා. දොස්තරලගෙනුත් මේ වගේ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. ඒ සම්බන්ද අයගෙනුත් එහෙම්මමයි. (ශ්‍රව්‍ය උපකරණ, ඇස් කණ්නාඩි ගන්න ගිහින් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙනවා. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.)
ReplyDeleteලොකූ නමක් දාගෙන, A/C රූම් එකක ඉඳන් හිනාවෙලා කතා කරාම හැමෝම හිතනවා එතන සුපිරියි කියලා. ඒත් ගොඩක් දේවල් සුපිරි ගානක් දීලා කරගන්න ඕනි නැති ඒවා. ඒත් එහෙම සුපිරි නැති මිලකට හෝ නොමිලේම කරන්න යන උදව් වල කිසි වටිනාකමකුත් නැති වෙන අවස්ථා තියෙනවා.
(ඔයා මේ පොස්ට් එක ලියන්නේ 28000ක් 2500ක් උන හින්දා මිසක් කෙලින්ම 2500ක් උන හින්දා නොවන නිසා)
ඇත්ත... දැං කාලෙ අත් ඔරලෝසුවකට බැටරියක් දාගන්න ගියාමත් රවට්ටල ගානක් කඩාගන්න අය ඉන්නව.
Delete/*ඒත් එහෙම සුපිරි නැති මිලකට හෝ නොමිලේම කරන්න යන උදව් වල කිසි වටිනාකමකුත් නැති වෙන අවස්ථා තියෙනවා.*/
මෙන්න මේ කතාවට මාත් එකඟයි.
ලෝක හොරු නේ මුන්. අපරාදේ තව පොඩ්ඩෙන් සල්ලිත් අහක. ඩේටා ටිකත් නෑ.
ReplyDeleteපූරුවෙ පිනකට බේරුණා... :)
Deleteජිවිතේ හැමතැනම වෙන්නෙ රැවටීම්,,නපුරුකම්ම තමා දැන්..
ReplyDeleteකොකාට වාරයක් නං තිත්තයටත් වාරයක් එනව. ටිකක් ඉවසං ඉන්නයි තියෙන්නෙ... :)
DeleteFacebook එකේ ඕන තරම් Groups තියනවා... සබ්ජෙට් එක දන්න අයගෙන් සහය ගන්න.. වියදමක් යන්නෙත් නෑ නෙ.. ඕක හිතෙන්න අනිවා තමන්ට එක පාරක් හරි වෙන්න ඕනෙ ඔය වගෙ දෙයක්.
ReplyDelete:D
Deleteපරිකල්පන, මට ඔහොම උනා නම් මන් කියලා එන්නේ උන්න කන් වල ඇගිලි ගහ ගන්න.. ඕනම මැෂින් එකක ඩිස්ප්ලේ එන වන නම් කෑලී දාන් නැතුව ගොඩ ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව..
ReplyDeleteආයිත් පාරක් එතෙන්ට ගිහිං ලේ පුච්චගෙන වැඩක් නෑ කියල හිතුන...
Deleteමමත් උත්සහා කරන්නේ මිනිසුන්ගේ සිත් වල ඇති කුහක කම්,ලෝභ කම්,මසුරු කම් නැති බන්ගස්තාන වෙන්න ආකල්පමය වෙනස් ඇති කරන්න.ඔබට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතියි!
Deleteමම ‘මනසින් දිවියට‘ බ්ලොග් එකත් මගේ කියවීම් ලැයිස්තුවට එකතු කර ගත්තා. හෙමිහිට කියවලා අදහස් දක්වන්නම්... :)
ඔය වගේ කෙහෙල් මලක් මගේ මායියගෙ ඩෙස්ක්ටොප් එකටත් කරලා තිබුන හැබැයි මම ගිහින් උන්ගේ රෙදි ගැලෙව්වා. දෙකයි පනාහයේ කොම්පියුටර් කොස් එකක් දෙකක් කරලා මහා ලොකු විශාරදල වගේ කතාකරන උන් ලංකාවේ සෑහෙන්න ඉන්නවා. බඩවඩාගන්න ඉන්න උන් ඊටත් වැඩියි මගේ 500 GB ඩේටා ඔක්කෝම කාල තිබ්බ නසරානි. දැනටත් වැඩකරන්නේ නැති මැෂින් දෙකක් තියෙනවා ලංකාවට එනකන් හදන්න එපා කියලයි මම කියල තියෙන්නේ. මචන් මීට පස්සේ දෙයක් කරන කොට ලංකාවේ ඔයවගේ දෙකට යන්න කලින් 30 පාරක් හිතපන්.
ReplyDeleteවැඩේ වගකීමක් ඇතුව හරියට කරගන්න ඕනි වෙච්ච නිසා ආවට ගියාට කොහාටවත් නොගිහිං මං ඔතනට ගියේ. දැන් නං ඉතිං දන්න කියන කාවවත් ඔතනට යවන්නෑ.
Deleteඔහොම කරන එව්වන්ගෙ රෙදි ගලවන්නයි ඕනෙ නම් ගම් ඇතුවම...නැත්නම් තවත් අය අහු වෙනවා..අර රු 3000 ට හාඩ්වෙයාර් කෝස් තිබ්බ කාලෙ මන් නම් එකක් කලා නිසා මගේ මෙශින් එකක් වත් ගෙනියන්නෙ නෑ ඔය සර්විස් සෙන්ටර් වලට..කම්පියුටර් තියෙන හැමෝම මේ වගේ කෝස් එකක් කරලා තියෙන්නම ඕනි මන් නම් කියන්නෙ !
ReplyDeleteඅනිවාර්යයෙන්ම... නැත්නං ගෙනියන කම්පියුටරේ තියෙන කෑලි බෑලි ටිකත් ගලෝගන්න අයියලා ඉන්නෙ. මටත් තව පොඩ්ඩෙන් ඉතිං සොරිම තමයි... :)
Deleteසර්ව කාලීන ලියමනක් මචං
ReplyDeleteඅර අන්තිම ටික නම් මසුරං
අපට අපේ වෘත්තියත් යසට කරන්න නැවත මතක් කරන්න
[අහම්බෙන් ඇස ගැටුණු මේ ලිපිය කියෙව්ව - නැවතත් රාජකාරියට එහෙමනං ;-)]
:D
Delete